තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරයේ දී පින්කම් මාලාවක්
ගාල්ල, යක්කලමුල්ල තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානය දර්ශනීය පරිසරයක
පිහිටා ඇති ඉපැරැණි විහාරස්ථානයකි. සිරිමල්වත්තේ ගුණරතන මාහිමිපාණන් වහන්සේ මෙහි
ආරම්භක විහාරාධිපතින් වහන්සේ ලෙස සඳහන් වන අතර, භික්ෂූන් වහන්සේ නමක් නොමැතිව බොහෝ
කාලයක් මෙම පින්බිම පාළුවට ගොස් තිබී ඇත. පසුකාලීනව එම විහාරස්ථානය තෙල්ලඹුරේ ශ්‍රී
අරියවංස නා හිමිපාණන් වහන්සේට අයිතිවී ඇත. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය කොක්මාදුව
සරණපාල නාහිමියන් දීර්ඝ කාලයක් විහාරාධිපතීන් වහන්සේ ලෙස වැඩ වෙසෙමින් ස්ථානයට හා
ප්‍රදේශයට අපමණ සේවාවක් සිදුකළහ. කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමිපාණන් විසින් තම
ප්‍රධාන පැවිදි ශිෂ්‍ය ලේල්වල ඉන්දජෝති හිමියන්ට විහාරස්ථානය පවරා දෙන ලදී.
ඛෙත්තාරාම ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ ඉන් පසුවයි. විවිධ
හැකියාවන්ගෙන් පිරිපුන් ක්‍රියාශීලී යතිවරයන් වහන්සේ නමක් ලෙස ප්‍රදේශයේ ගිහි
පැවිදි සෑම දෙනාගේම ගෞරවය දිනාගත් ලේල්වල ඉන්දජෝති හිමියන් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය
ලබාගෙන විහාරස්ථානය දර්ශනීය පින් බිමක් බවට පත් කළහ.
ඉතිරිය» ධර්ම දේශනාව:
සැමට සාධාරණ
ශීල ප්‍රතිපදාව
බුදුසමයෙහි මූලික ඉගැන්වීමකි ශීලය. බෞද්ධයාගේ මුඛ්‍ය පරමාර්ථය සසර දුක නැති කොට
නිවන් දැකීම ය. එහි මූලික පදනම ශීලයයි. ත්‍රිශික්ෂාවන් අතර ශීලය මූලිකව දක්වා ඇත්තේ
එම නිසයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු පියවර ලෙස ශීලය දක්වා ඇත්තේ විමුක්ති
මාර්ගයේ පළමු පියවර ලෙසයි. මේ නිසාම විවිධ සූත්‍ර ධර්මවල ශීලය ආර්ය ධනයක් ලෙස ‘සීල
ධනං’, යන්නෙන් පෙන්වා දෙයි. එසේම ව්‍යග්ඝපජ්ජ, පත්තකම්ම ආදී සූත්‍රවල සීල සම්පදා
යන්නෙන් ද මේ ශීලයේ වැදගත්කම උගන්වා ඇත. චූල සීල, මධ්‍යම සීල, මහාසීල වශයෙන් ද සීලය
ප්‍රභේද කොට ඇති අතර තවත් ප්‍රභේද රැසක් සීලයෙහි දක්වා ඇත. ඒ හැම සීල ප්‍රභේදයකටම
වඩා මෙහිදී ඔබේ අවධානය යොමු කරනු ලබන්නේ චූල සීල ගණයට අයත් ගිහියාගේ නිත්‍ය ශීලය වන
පංචශීලය ප්‍රතිපත්තිය පිළිබඳවයි. කය වචන දෙක හික්මවා ගැනීම, සංවර කර ගැනීම, පාලනය කර ගැනීම ශීලයයි. මේ තුළින්
හැදිච්චකම, තැන්පත්කම, ගම්‍යමාන වෙයි. මේ බාහිර ඉන්ද්‍රිය සංවරය, සංසිඳීම අභ්‍යන්තර
සංසිඳීමකට පදනම සපයයි. ඒ තුළින් සමාධිය ගොඩ නැගෙයි. මේ පංචශීල ප්‍රතිපදාව සියලු
දෙනාටම සර්වසාධාරණ වන අතර එය ආගම්, ජාති, කුල, මල භේද නොමැත. සමස්ත මානව වර්ගයාටම
ගැළපෙන සාධාරණ ප්‍රතිපදාවකි. ශීලය අන්ත ගාමි නොවන අතර අන්ත රහිත සුචරිත මාතාවකි.
ශාස්වතවාදය පදනම් කර ගත්, කාමසුඛල්ලිකානුයෝගය, හා උච්ඡේද වාදය පදනම් කර ගත්
අත්තඛිලමතානුයෝගය යන සමකාලීන භාරතීය අන්තවාදයට මේ ශීලය ඇතුළත් වී නැත. අන්තවාද,
දෘෂ්ඨික වාද බැහැර කරමින් බුදු සමයෙහි මේ ශීල ප්‍රතිපදාවට ප්‍රමුඛ තැන හිමි වෙයි.
ඉතිරිය»
ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය
ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය
ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී අප්‍රේල්
22, 23, 24 දිනයන්හි දී පැවැත්වේ.
ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක, විනයකීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය උඩුමලගල ශ්‍රී මහින්ද
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති
ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී, අගලබඩ ශ්‍රී පියසිරි, ශාස්ත්‍රපති ඕමාරේ කස්සප යන අනු නා
හිමිවරුන්ගේත්, ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන, ප්‍රධාන
සංවිධායක ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල, සංරක්ෂක දර්ශනපති, රාජකීය පණ්ඩිත
හත්තොටුවේ ඉන්දරතන යන හිමිවරුන්ගේත්, සහකාර ලේඛකාධිකාරීන් වහන්සේලා වන ගෝනදෙණියේ
තපස්සී, පරපාමුල්ලේ සුමන යන හිමිවරුන්ගේත් මූලික මෙහෙයවීම මත ශ්‍රී රෝහණ පාර්ශ්වීය
ත්‍රිංශත් වර්ගික විධායක කාරක සංඝ සභාව හා උපසම්පදා කාරක සභාවේ සහභාගීත්වයෙන්
උපසම්පදා විනය කර්මය සිදු කෙරේ.
අප්‍රේල් 22, 23, 24 යන දිනයන්හි පෙරවරු කාලයේ උපසම්පදාපේක්ෂකයන් දැක්වීම, පාඩම්
ඇසීම්, පැවිදි කිරීම් හා දාන මානාදී පූර්ව භාගයේ කටයුතු පෙරවරු. 6.00 සිට පස්වරු
12.30 දක්වාද අපරභාගයේ කටයුතු පස්වරු 1.00 සිට එදින උපසම්පදා විනය කර්මයේ කටයුතු
නිමවන තෙක් ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ
දී ද පැවැත්වේ.
ඉතිරිය» |