වෙසක් පුර අටවක 2018.04.22
වටිනාකම් රැක ගනිමු
තවත් සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගෙවී ගියේ ය. ඒ අපේ සමාජයේ වැඩිහිටියන්ට
නුවණින් සිතන්නට බොහෝ දේ ඉතිරි කරමිනි. ආගමෙන් දහමෙන් සුපෝෂිත ජාතියක සාඩම්බරය
ලෝකයට පෙන්වන,අනාදිමත් කලෙක සිට පරපුරෙන් පරපුරට උරුම කරගත් අපූර්ව
සංස්කෘතිකාංගයන්ගෙන් ඔපවත් වුණු සිංහල අවුරුද්දක සැබෑ අසිරිය අද දකින්නට තිබෙනවාද
යන්න ගැන ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ඒ පරිවර්තනය අද ඊයේ සිදු වූවක් නොවේ. මීට අවුරදුු
දහයක විස්සක වේලේ සිටම සිදුවන්නකි. .තාක්ෂණයේ වේගවත් දියුණුව මනුස්සකම්වල පරිහානිය
ඇති කරනවා දැයි හැඟෙන තරමට මව්පිය දූ දරු, නෑදැ අසල්වැසි සබඳකම් දුරස්ව ඇති සෙයක්
ඇතැම් තැනෙක පෙනෙන්නට තිබේ.
කලකට පෙර ගම් ගෙවල් දරු මුණුපුරන්ගෙන් පිරී ඉතිරුණේ අවුරුද්ද ලබන්නටත් දින දෙක
තුනකටම පෙර සිට ය. නෑදෑයන්, අසල්වැසියන් සමඟ එක්ව සතුටින් සමාදානයෙන් ගෙවු ඒ දින
කිහිපය තුළ ශක්තිමත් වූ බැඳීම් තවත් සිංහල අවුරුද්දක් උදාවන තුරු, සතුට, සමාදානය
රැක දුන්නේ ය. ගමින් ගමද ඒ සුහදකම් පෝෂණය වුණි.
එහෙත් දැන් දැන් ඇතැම් තැනෙක, ගැමි ගෙදරක අවුරුදු උදාවන දාත් වයෝවෘද්ධ අම්මා තාත්තා
තනිවම ය. දුර බැහැර සිටින දරුවන්ගේ, මුනුපුරු මිනිපිරියන්ගේ මුහුණ, දැක ගන්නට
මොහොතක් පාසා ඉපැදෙන බලාපොරොත්තු අවුරුදු ගෙවී යනවාත් සමඟම කඩ වී යන්නේ ය. ඇතැම්
දරුවන් අවුරුදු උදාව වෙන් කරගන්නේ මවුපියන් අමතක කර මිතුරු මිතුරියන් සමඟ පි‍්‍රය
සාදයන්ටය. එක්කෝ විනෝද චාරිකාවන්ට ය.
තරුණ පෙළ අතරේ ද සමහර අයෙක් නිසි මගක යන සෙයක් නොපෙනේ. ඈත ගම්දනව්වල පවා මහ මඟ
ඇතැම් තැනෙක දැක ගත හැකි වූයේ මතින් මත් වී යතුරුපැදි මත නැඟී අවේලාවේත් මහ මඟ
අශෝභනව, හැසිරෙන තරුණ පුතුන් ය. මේ අවිනීතකම් අනතුරකි. දැන් දැන්ම ඊට තිත නොතැබූයේ
නම් රටේ අනාගතය ද අනතුරේම ය. එය නීතියට පමණක් කළ හැකි දෙයක් නොවේ. දරුවෙක් නොමග
යනවා නම් අනිසි ලෙස නිදහස ප්‍රයෝජනයට ගන්නවා නම් එහි වගකිවයුත්තෝ මවුපියන් ම ය.
ජාතියක් ලෙස පරපුරෙන් පරපුරට ගොඩ නඟාගත් හරපද්ධතීන් ඉක්මවා කටයුතු කිරීමේ අවසානය ඒ
ජාතියේ ද අවසානය විය හැකි ය. ජීවිතයට සතුට, විනෝදය අනවශ්‍ය යැයි අපි දු නොකියමු.
එහෙත් ඒ විනෝදය අධ්‍යාත්මික සුවයට තුඩු දෙන්නක් මිස අවුල් වූ මනසින් ඇති කරගන්නා
වියවුලක් නොවිය යුතු ය. පිරිපුන් බවක් මිස හෙට දවසට හිස්බවක් ඉතිරි නොකළ යුතු ය.
ඒ වගකීම හිතට ගත යුත්තෝ ද, ක්‍රියාවට නැංවිය යුත්තෝ ද වැඩිහිටියන් වන අප ම ය.
අතීතයේ අපට බිඳ දැමිය නොහැකි අපූර්ව ඥාති සම්බන්ධතා පද්ධතියක් තිබුණු බව, ඒ බැඳීම්
දුකක දී කරදරයක දී වුව මහා ශක්තියක් වු බව, ජීවිතයට මා හැඟි රැකවරණයක් වූ බව අද
වැඩිහිටියන්ට අමුතුවෙන් කියා දිය යුතු වූවක් නොවේ. ඒ අතීත මිහිර ඔවුහු අදත් විඳිති.
එපමණක් නොසෑහේ. ඒ මිහිර, හරපද්ධතීන් නැවත බාල පරපුරට අත්දකින්න ට, විඳින්නට
සැලැස්වීම අපගේ යුතුකමකි. හෙට නොව අද සිටම ඊට අවැසි පියවර ගන්නට තිර අධිටනක් ඇති කර
ගැනීම අනාගතයට සුවදායක ය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද ජාතික උළෙලකි. මතට ලොල් වී අපගේ දුර්වලකම් එළි
දැක්වූයේ නම් ලෝකය සිංහලයන් ගේ මහා සංස්කෘතික උළෙල ගැන ඇති කරගන්නේ වැරැදි අර්ථ
කතනයකි. බොදු සිරිතට මුල් තැන දෙමින් අපගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරනු මිස
හෑල්ලුවට ලක්කරගත යුතු නොවේ.
කොතරම් දුරක සිටිය ද මෑත ඉතිහාසය වන තුරුම සෑම ගම ගෙදරකම, නගරයේ ද එකිනෙකා අතර යම්
අමනාපකම් වේ නම් ඒවා බැහැර කොට බුලත් හුරුල්ලක් දී බැඳීම්වලට අර්ථවත් බවක් ලබා දීම
සිදුවිය. අද බොහෝ විට එක් රැස් වුවද ඒ කා බී විනෝද වීමට පමණ ය. අප අදිටන් කරගත යුතු
වන්නේ මේ නොවටිනාකම් නැවත වටිනාකම් බවට පත් කරගන්නට ය. එවිට ලබන සිංහල අලුත්
අවුරුද්ද සාඩම්බර මතක හෙට දවසට ගෙන යන්නට අපේ බාල පරපුරට හැකියාව ලැබෙනු ඇත.
|