අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය
අනුත්තරං පුඤ්ඤඛෙත්තං උතුම් පින් කෙත අංග අටකින් යුක්ත බව, උපමා උපමේය
වශයෙන් බුදුහු වදාළහ. ඛෙත්තූපම සූත්‍රයෙහි දී (අං.නි. 5153 ) සාමාන්‍ය
කෙතක ගුණාත්මක බව හා පින්කෙතෙහි මහානිසංසං මහා ජූතිකං යන විශේෂණ පද
මගින් විශේෂිත බව දේශනා කළහ. මෙම විශේෂිත පින්කෙතෙහි අංග අට මොනවාද?
පිළිතුර
සාමාන්‍ය කෙතක මහිමය මෙසේ පළමුවෙන් වදාරා. වලගොඩැලි නැති බව, ගල් බොරළු
කරමැටි නැති බව, ගැඹුරට සාන ලද ගලා එන ජල මං ඇති බව, කෙත් සීමා (නියර)
සහිතද වෙයි. එසේම අංග අටකින් යුත් උතුම් පින්කෙත්හි වපුල බිජුවටෙහි
(දන්දීමෙන්) මහත් ඵල මහත් අනුසස් ඇත්තේ වෙයි.
ඒ අංග අටනම්, අරි අටඟි මඟෙහි පිළිපන් මහණ බමුණන් කෙරෙහි දන් වැට
පැවැත්වීමෙන් කුසල සම්පත් බහුල වෙයි. මෙලොව සම්පත් කැමැත්තෝ අරි අටඟි
මඟට පිළිපන් මහණ බමුණන්ට දන් දීම කළ යුතු ය. ඔහු විසින් දෙන ලද දානමය
පුණ්‍ය කර්මය ඒකාන්තයෙන්ම ඵල සම්පත් ‘වෙපුල්ල සම්පදා හොති’ ලැබීමට
හේතුවෙයි.
ප්‍රශ්නය
අනුරාධපුර නටබුන් අතර ‘වෙස්සගිරිය’ නමින් පුදබිමක් සටහන් වී තිබේ.
වර්තමානයේ ‘වෙස්සගිරිය’ යන නමින් ව්‍යවහාරයේ පැවතුණත් එහි නියම නාමය
‘ඉස්සර සමණ විහාරය යන්නයි. මෙම ආරාමය පිළිබඳව පැහැදිලි කරන්න.
පිළිතුර
වෙස්සගිරි විහාරය ලක්දිව බුදු සසුන පිහිටුවන ලද අවස්ථාවේ සිටම
භික්‍ෂූන් වහන්සේගේ ආරාම පිහිටි පුදබිමක් බව ක්‍රි.පූ. තුන්වන සියවසට
අයත් සෙල්ලිපි හමුවීමෙන් පැහැදිලි වෙයි. වෙස්සගිරි ආරාමයෙහි උස් බිමෙහි
දාගැබක් තිබීමත්, ඒ අවට ආරාමික ගොඩනැඟිලි බොහොමයක් පිහිටා ඇත. මෙම
විහාරය රමණීය භූමියක් වූ බව අවට ගල්ගුහාත්, පර්වත හා අනෙකුත් ආරාමික
ගොඩනැගිලිත් අනුව ආරාම සංකීර්ණයක පැවැතිය යුතු ශාන්ත බව තිබෙන්නට ඇත.
ප්‍රශ්නය
නජච්චා වසලො හොති නඡච්චා හොති බ්‍රාහ්මණො
කම්මණා වසලොහොති කම්මණා හොති බ්‍රාහ්මණො (වසලසූත්‍රය - සං.නි) මිනිසෙක්
උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන්නේ ය. කර්මයෙන් හෙවත්
ක්‍රියාවෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ යැයි ද බුදුහු වදාළහ.
මෙම දහම් නියමය ප්‍රායෝගික වශයෙන් සනාථ කළ හැකි සාධක දේශනා පාලියට අනුව
පැහැදිලි කරන්න.
පිළිතුර
මෙම වසල සූත්‍ර දේශනා පාඨයෙහි කම්මනා වසලොහොති, කම්මනා හොති,
බ්‍රාහ්මණො යන තන්හි ‘කම්මනා’ (කර්මයෙන්) යන්න පූර්ව කර්මය වශයෙන්
සැලකිය නොහැකිය. එය පූර්ව කර්මය නම් ඒ කර්මය නිසා මිනිසා උපතින් ම
වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු විය යුතුය. එසේ නොවන බව ‘න ජච්චා වස ලොහොති’
ආදී මුල් ගාථා දෙපදයෙන් දේශනා කරන ලද්දේ ය. බුදුරජාණන් වහන්සේ මෙහිදී
අවධාරණය කරන ලද්දේ වර්තමාන කර්මයයි. (මෙලොවදී ම කරන) කර්මය හෙවත්
ක්‍රියාවයි. යමෙක් මෙලොව මිනිසත්බව ලබා සතුන් මැරීම, රහමෙර පානය වැනි
පහත් ක්‍රියාවන්හි යෙදෙයි නම් නීචයෙක් වසලයෙක් වේ. යමෙක් පස්පවින්
වැළකී සුචරිතයෙහි හැසිරේ නම් හෙතෙම උත්තමයෙකි. බ්‍රාහ්මණයෙකි. මිනිසුන්
අතර ගොවිකම් කරන්නා ගොවියෙකි. බ්‍රාහ්මණයෙකු නොවේ. ශිල්ප දැන ඉගෙන
ක්‍රියා කරන්නා ශිල්පියෙකි. ගනුදෙනු කරන්නා වෙළෙන්දෙකි. අනුන්ට
මෙහෙකරන්නා මෙහෙකරුවෙක් අන්සතු දෙය පැහැරගෙන ජීවත් වන්නා හොරෙකි.
පුරෝහිතකම් කරන්නා පුරෝහිතයෙකි. ගමක් රටක් පාලනය කරන්නා රජෙකි. මේ
කටයුතු කරන කිසිවෙකුට බ්‍රාහ්මණයෙකු යැයි කිවනොහැකිය. බැමිණියෙකගේ
යෝනියෙන් උපන් පමණින් කිසිවෙකුට බ්‍රාහ්මණයැයි කිව නොහැකිය.
මෙසේ කුලය මිනිස් ක්‍රියාවන් අනුව ප්‍රචලිත වූ මනුෂ්‍ය නිර්මාණයක් බව
අවධාරණය කෙරෙන අතර, දේව මැදිහත්වීමකින් හෝ නියති මුළාවකින් තොරව සමාජය
පැවතිය යුතු බව වදාළහ.
ප්‍රශ්නය
විඤ්ඤාණප්පච්චයා, නාමරූපං ‘විඤ්ඤාණය නිසා නාම රූපහටගනී. මෙම ප්‍රස්තුතය
ගැඹුරු ධර්ම කරුණකි. එහෙත් සරලව ධර්මානුකූලව ද විවරණය කළ හැකිය.
පැහැදිලි කරන්න.
පිළිතුර
නාම හා රූප යන්නෙන් ගැනෙන්නේ ස්කන්ධ පංචකයයි. වේදනා සඤ්ඤා සංඛාර
විඤ්ඤාණ යන ස්කන්ධ හතර ‘නාම’ ස්කන්ධ වශයෙන්ද රූපස්ඛන්ධය කය හෙවත් භෞතික
අංශය වශයෙන් වෙන්කොට දක්වා ඇත. නාම ශබ්දය නොයෙක් අතට නැමීම යන අදහස
දෙයි. නමස්ඛන්ධ එබඳු නම්‍යශීල ගතිය නිසා නාම යන නාමයෙන් සංග්‍රහ වී ඇත.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ ‘අත්තුප්පනායික ධම්ම පරියාය වශයෙන් දේශනා කොට වදාළ
ධර්මය කුමක්ද? සුවිශේෂ වූ ධර්ම කරුණ සහ සඳහන් සූත්‍රය ද සඳහන් කරන්න.
පිළිතුර
වේළුද්වාර සුත්‍රාගත අත්තුප්පනායික ධම්මපරියාය’ පැහැදිලි කිරිමෙහිදී
උන්වහන්සේ දෙයාකාර වෙන්කිරීමක් දක්නට ලැබේ. පළමුවැන්න ඇගයුම්ශීලී අංශය
දෙවැන්න සිද්ධිවාචක අංශය යනුවෙනි. තමා උපමාවට ගෙන අනුනට හිංසා නොකළ
යුතු ය. මම වනාහී ජීවත්වනු කැමැත්තෙමි. සුව කැමැත්තෙමි. දුක පිළිකුල්
කරන්නෙමි. එසේ වූ මගේ දිවිය තොරකරන්නේ නම් මට අපි‍්‍රයජනක ක්‍රියාවක්
වෙයි. මාමෙන් ම අනෙකාගේ ද දිවි තොර නො කළයුත්තේ ඔහු ද මා මෙන්ම තම
දිවියට ආදරය කරයි. එසේ නම් ඔහු ද දිවිය රැක ගත යුතුය. දෙදෙනාම
ප්‍රාණඝාතයෙන් වැළකී කාය සංවරය වැඩිය යුතු ය.
ප්‍රශ්නය
පියුමතුරා බුදුරදුන් සමීපයෙහි මම මතු බුදු සසුනක ධර්ම කථික භික්‍ෂුණීන්
අතර අග තනතුර පතමි යනුවෙන් කළ ප්‍රාර්ථනාව ඉටු කරමින් ගෞතම බුදුරජාණන්
වහන්සේ අබියස පසුකලෙක ධර්ම කථික භික්‍ෂූණීන් අතර අග තනතුර ලැබූ රහත්
මෙහෙණිය කවුද?
පිළිතුර
ධම්මදින්නා රහත් තෙරණිය.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ ලිච්ඡවීන් අතර පැවැති සමූහාණ්ඩු ක්‍රමය පිළිබඳව මහත්
සැලකිල්ලක් පැවැති බව ලිච්චවීන් සඳහා අපරිහානීය ධර්ම සතක් දේශනා කළ
සේක. ලිච්චවීන් උදෙසා දේශනා කොට වදාළ එම සප්ත අපරිහානීය ධර්ම මොනවාද?
පිළිතුර
1. නිතර සාකච්ඡා කිරීම -
2. ඔවුනොවුන් අතර පි‍්‍රය මනාප බව එක්වීම හා විසිරයාමද සතුට සිතැතිවම
සිදුවීම.
3. පැරැණි දැහැමි පිළිවෙත් නොකඩවා පවත්වාගෙන යාම.
4. වැඩිහිටි අවවාද අනුසාසනාවල සවන්දීම හා පිළිවෙතින් ඔවුන් හා එක්වීම.
ගරු කිරීම.
5. කාන්තාවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම.
6. ඉපැරැණි ආගමික පුණ්‍යස්ථානවලට පුද සිරිත් නොකඩවා පවත්වාගෙන යාම.
7. ලිච්ඡවී රාජ්‍යයට ඇතුළුවන රහතුන් වහන්සේලාගේ පැවැත්මට බාධා නොවන
පරිදි කටයුතු කිරීම.
ප්‍රශ්නය
සක්විති රජෙකු සතු ‘සත් රුවන්’ සත්තා රතන යනුවෙන් බෞද්ධ ග්‍රන්ථවල
සඳහන් වෙයි. සක්විති රාජ පදවියට පත්වීමෙන් ඔහු පින් පල වශයෙන් සප්ත
රත්නයන් පහළ බව සඳහන් වෙයි. මෙම සප්ත රත්න මොනවාද?
පිළිතුර
චක්‍රරත්නය, ඇතුන්, ආජානීය අශ්වයන්, මැණික් – අග්‍රමහේෂිකාව,
රාජපාක්‍ෂික ජනතාව - (ගහපති) සේනාව - පරිණායක – යනු මේ සප්ත රත්නයන්ය.
|