ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමියෝ
මහා නායක ධුරයෙන් පිදුම් ලබති
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ
මහානායක අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානාහිමියන්ගේ
අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම නිකායේ මහානායක ධුරය සඳහා
ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමියන් (22) රත්මලාන
මල්ලිකාරාමයේදී පැවැති විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී
තෝරාගනු ලැබූහ.
ඉතිරිය»
පන්සලේ
සිරිත් විරිත්
හඳුනා ගනිමු
බෞද්ධයන් ලෙස අප නිරතුරුවම විහාරස්ථානය හා සම්බන්ධකම් පැවැත්විය
යුතුයි. විහාරස්ථානය සමඟ සබඳකම් පැවැත්වීමට නම් අප නිරතුරුවම
විහාරස්ථානයට යා යුතු වෙනවා. අතීතයේ ‘වැවයි දාගැබයි – ගමයි පන්සලයි,
සංකල්පය බිහි වුණේ ගම් වැසියන් නිරතුරුවම විහාරස්ථානය නැත්නම් පන්සල හා
සමඟ තම සියලු කටයුතු සිදුකළ නිසයි. එහෙත් අද අප ඇත්තටම පන්සල් යන්නේ
ඇයි දැයි හරියටම දන්නේ නැති බවක් ඇතැම්විට පෙනෙන්නට තිබෙනවා. පන්සලේ දී
කළ යුතු වත් පිළිවෙත් පවා ඇතැම් විට හරියාකාරව දන්නේ නැහැ. සැබෑ
බෞද්ධයකු නම් ‘පන්සල් යනවා’ කියන අදහස මනසට කා වදින කොටම ඒ පුද්ගලයා
තුළ පන්සලේ තිබෙන පිරිසුදුකම තමන්ගේ සිතට කා වදිනවා.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ශාන්ත ප්‍රණීත නිවන්
සුවය
නිවන හුදු වේදයිත සුඛ ගණයට අයත් නොවේ. එනම් එහි කයින් හෝ මනැසින්
විඳිය හැකි
සුවයක් නොමැතිවීමයි.
වේදයිත සුඛ යනු මිනිස් බවට හෝ දෙවි බවට පත්ව පස්කම් සැපතින් ලබන
සුවයයි. එම වේදයිත සුඛ මොහොතින් මොහොත විදුලියක් සේ වෙනස් වේ. එබැවින්
එය
අනිත්‍යයි. දුකක්ම උපදවයි.
ඉතිරිය»
විශ්මය දනවන
කළුතර මහා සෑය
මෙය කළුතර මහා වටදාගේ චෛත්‍ය රාජයාණන් වශයෙන් හඳුන්වති. චෛත්‍ය සෑදීමට
මුල්ගල තැබෙන්නේ කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද
සොයිසා මැතිඳුන් අතින් 1964 වසරේදී ය. චෛත්‍යය කොත පැළඳෙන්නේ 1974
වසරේදීය. වර්ග අඩි 7151 ක් වූද වට ප්‍රමාණය අඩි 300 ක් වූ ද විශ්කම්භය
අඩි 974 ක් සහ උස අඩි 185 ක් ද වූ මෙම කළුතර ස්තූපය චෛත්‍ය වංශ කතාවේ
විප්ලවීය වෙනසක් ඇති කළ මහා සැමරුමක් වශයෙන් ඉතිහාස ගත වනු නියතය.
ඉතිරිය» |