කුංඩගල මලියදේව සේනාසනයේ පින්කම්
කුංඩගල මලියදේව සේනාසනයේ පින්කම්
කුරුණෑගල හිරිපිටියේ තෙළඹියාවේ කුංඩගල මලියදේව අරහත්ත රජමහා විහාර සේනාසනයේ
ගල්පර්වතය මත ඓතිහාසික දාගැබ් වහන්සේ ඉදිරිපිට ඉදිකරන ලද පළමු වන රහතන් වහන්සේලා 61
නමක ප්‍රතිමා වහන්සේලාට නෙත් තැබීමේ මහා මංගල උත්සවය හා නිරාවරණය කිරීම සහ මාර්තු
31 වෙනි දින පෙරවරුවේ කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ඉඟුරු
වත්තේ පියනන්දාභිධාන ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායේ මහා නා හිමිපාණන්ගේ
ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා
මන්ත්‍රීවරුන් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ගිහි පැවිදි සැමගේ
සහභාගිත්වයෙන් සිදු කෙරේ. 30 දින රාත්‍රී සම්බුද්ධ පූජාව හා සර්ව රාත්‍රික
පරිත්‍රාණ ධර්ම දේශනය 31 උදේ 09.01 ට නේත්‍ර නිරාවරණය, දවල් 61 නමකට අධික මහා
සංඝරත්නයට දානමය පින්කමක් පැවැත්වේ.
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26
වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය. |
|
|
|
|
|
|