UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිරිහඬුසෑය පුදබිමේ දෙමහල් ලැඟුම් හලක්

ත්‍රිකුණාමලය, ඓතිහාසික ගිරිහඬු සෑය බොදු පුද බිම ආශි‍්‍රතව වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා සියලු පහසුකම් සහිතව දෙමහල් ලැඟුම් හලක් ඉදි කෙරේ. ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීම අනුව සිවිල් ආරක්‍ෂක බලකාය යෝජිත ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ඇත. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතා ‘උරුමයක උල්පත වැඩසටහන’ යටතේ ත්‍රස්තවාදී උවදුරු පැවැති කාලය තුළ උතුර හා නැගෙනහිර පළාත්වල හානියට පත් සිද්ධස්ථාන අතුරින් තෝරාගත් පුදබිම් නැවත ප්‍රතිශ්ඨාපනය කිරීම අරඹා ඇති අතර ගිරිහඬු සෑය ආශි‍්‍රත නවාතැන් පොල ඉදිකිරීම එම වැඩසටහනට අයත් පළමුවැන්නයි.

ඉතිරිය»

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නා හිමි

උන්වහන්සේ වරින්වර නිකායෙන් සහ විවිධ ආයතනයන්ගෙන් ගෞරව නාම රාශියක හිමිකරුවෙක් විය. එකී ගෞරව නාමයන් අතර “ සාසන සෝභන, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සිරි සීලවංස වංසාලංකාර, සිරි සීලවංස වංසාලාකාරධජ, ත්‍රිපිටක වාගීශ්වර රාජගුරු, පරියන්ති විශාරද විනයාචාර්ය, ත්‍රිපිටක ධර්මචක්‍රවර්ති, රාජකීය පණ්ඩිත, අග්ග මහා පණ්ඩිත” යන ඒවාද වේ. මේවා අතරින් “ අග්ග මහා පණ්ඩිත” යන ගෞරව නාමය උන්වහන්සේගේ සේවය අගය කළ මියන්මාර රජයෙන් පිරිනමන ලද්දකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව

දිනක් අපේ තථාගත බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී මහා සංඝරත්නය ඉදිරියේ සත් සම්මා සම්බුදුවරයන් වහන්සේ පිළිබඳ විස්තරයක් කරමින් වැඩ සිටියා. එහිදී අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ, ඒ බුදුවරයන් වහන්සේගේ අනුශාසනාව කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසූවා. ඊට පිළිතුරු වශයෙන් අප බුදුරජාණන් වහන්සේ එම අනුශාසනාව මෙසේ ගෙනහැර දක්වා වදාළා.

ඉතිරිය»

නෙක විපත් මැද නැඟී සිටීමට වෙර දරන පොතුවිල් මුහුදු මහා විහාරය

කොළොම්පුරයේ සිට කි.මී. 350 ක් පමණ එපිට නැගෙනහිර පෙදෙසේ වන පොතුවිල් නගරයේ සිට දිවෙන පානම මාර්ගයේ තවත් මීටර් 800 ක් පමණ ගිය තැන දී මෙම ඓතිහාසික පුද බිම වෙතට ගොඩවැදිය හැක. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර ආරුගම්බේ මුහුදු තීරයේ වෙරළාසන්නයේ මෙම මුහුදු මහා විහාරය පිහිටා තිබේ.

ඉතිරිය»

අම්පාර රජගලතැන්න පියංගල ආරණ්‍ය සේනාසනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.

 මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]