UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක 2013 මාර්තු 04 වනදා සඳුදා

ආදර්ශවත් දිවියක්

 

මෙ ලොවට බිහිවන සෑම දරුවෙක් ම හදා වඩා පෝෂණය කිරීම මව්පිය දෙපළ සතු වගකීම හා යුතුකම ය. සමාජයේ බොහෝ මව්පියවරු ඒ යුතුකම හා වගකීම නිසි අයුරෙන් ඉටු කරන බවද සත්‍යයකි. එහෙත් ඉතා කලාතුරෙකින් හෝ ඒ උදාර මව්පිය වගකීම පැහැර හරින මව්පියවරු ද විරල නොවන බවද මතක් කළ යුතුය.

ඒ නිසා ම මෙලොවට බිහිවන කලාතුරෙකින් හෝ දරුවෙකුට විඳීන්නට සිදුවන දුක් කරදර ද අපමණ ය. කලාතුරෙකින් හෝ ඇතැම් මව්පියවරුන්ගේ අකටයුතු නිසාම සමහර දරුවන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා ද නැතුවා නොවේ.

මෙලොවට බිහිවන සෑම දරුවකුටම ජීවත්වීමේ අයිතියද ඔවුන් සතුවේ. එහි වෙනසක් කිසිවකුටත් කළ නොහැකි වේ.

රෝහලක, මහ මගක, ජනශූන්‍ය ස්ථානයක ආදී විවිධ ස්ථානයන්හි තම දරුවන් අතහැර දමා යන අකාරුණික මව්පියවරුද නැතුවා නොවේ. එසේත් නොමැති නම් රුපියල් සත ගැන ඉහළින් සිතන ඇතැම් අකාරුණික මව්පියවරුනටද තම දූදරුවනට වඩා රුපියල් සත පසු පස හඹා යන අවස්ථාද නැතුවා නොවේ.

කෙතරම් දුක් කරදර , බාධක, අවහිර අපහසුතා පැමිණියද, දිනෙන් දින ලොකු මහත්වන දරුවකු ගේ අනාගතය ගැන කාට නම් කිව හැකිද? එසේ දුර දිග බලා , සිතා ක්‍රියා කරන මව්පියවරු නම් කිසිවිටෙකත් තම දරුවන්,අතරමග දමා නොයති. තම දරුවන් වෙත අකාරුණික නොවෙති.

දහඩිය මහන්සියෙන් හරි හම්බ කර ගනිමින්, දරු පවුලද පෝෂණය කරමින් පැමිණි හා පැමිණෙන දුක් සියල්ල විඳ දරා ගනිමින් ජීවත්වීමට උත්සාහ ගන්නා මව්පියවරු තම දූපුතුන් පෝෂණය කරමින් හදාවඩා ගැනීමට නොගන්නා උත්සාහයක් නොමැත.

මවට පියාට තම දූ පුතුන් දෙනෙත බඳුය.

අපේ රටේ දශක තුනකටත් වැඩි කලක් රුදුරු ත්‍රස්තවාදි උවදුර පැවතීම නිසාම එම අන්තවාදී සංවිධානයට බලහත්කාරයෙන්ම දරුවන් ළමා සොල්දාදුවන් ලෙස බඳවා ගත් බව ප්‍රකටය.

ඊට අකැමැති වූ ද්‍රවිඩ දරුවන් ඇතැම් විට උපන් ගම බිම් අතහැර යන්නට ද විය .එසේ ආ අයෙකු තුරුණු වියේ දී කුඩා ව්‍යාපාරයක් අරඹා විවාහ දිවියට පත් විය.

ඒ අඹුසැමි යුවල, කාලයාගේ ඇවෑමෙන් මව්පියවරු බවට පත් වූහ. පුතුන් තිදෙනෙකුගේ සහ දියණියකගේ ද මව්පිය වූ ඒ දෙපළට අග හිඟකම් ද නැතිවූවා නොවේ. සියල්ලට වඩා තම දරු පැටවුන්ට ආදරය කළ ඒ මව්පිය දෙපළගෙන් මව ඉසුරු සොයා විදේශගත වූවාය. එහෙත් අපේක්ෂා කළ තරමින් ඒ බලාපොරොත්තුවද සඵල වූයේ නැති බව ද පෙනේ.

පදිංචිය දැරූ භූ®මිය උකස් කර මව විදේශ ගත වුවද, දරුවන් සිව් දෙනා රැක බලා ගැනීමට පියා දැඩි වෙහෙසක් දැරිය.

පැවැති අගහිඟකම් කෙසේ වුවද දරුවන් රැක බලා ගැනීමට ඒ පියා මහ වෙහෙසක් දරමින් ගත් උත්සාහය කෙතරම්ද?

සතිපොළක වාසස්ථානයට ආ දරුවන් සිව් දෙනා ගේ ආරක්ෂාව ගැන නිතරම කල්පනා කර , පණ මෙන් රැක ගත් දරුවන්ගේ අනාරක්ෂාව ගැන දැනීමෙන් ඊට පිහිට පැතීය.

එක් ගම් වැසියකු ඉදිරිපත් වී දිඹුලාගල පන්සලේ නායක හාමුදුරුවන් වහන්සේ වෙත මේ බව දැන්වුවහොත් පිළිසරණක් ලැබෙන බවට මේ පියා දැනුම්වත් කළ හෙයින්, දරුවන් සිව් දෙනාද සම¼ග පියා දිඹුලාගල විහාරස්ථානයේ මල්දෙණියේ ජිනාලංකාර නාහිමියන් හමුවී උන්වහන්සේට සියලු කරුණු විස්තර කළහ.

අනතුරුව පුතුන් තිදෙනාගෙන් දෙදෙනෙකු සසුන් කෙතට ඇතුළත් කළහ.අනෙක් පුතාද නිසි විය පැමිණිකළ සසුනට පිදීමේ අරමුණෙන් විහාරස්ථානයේ නේවාසික කළහ. පියාද එම විහාරස්ථානයේම නේවාසික විය.

ජිනාලංකාර නාහිමියන්ගේ උපදෙස් පරිදි සිල් මාතාවකගේ රැක්ම බැල්ම යටතේ දියණිය පාසල් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබුවාය.

අසරණ අයට හැමදාමත් අපේ මහ සඟරුවන පිළිසරණ වූහ. දරුවන් පණ මෙන් රැක ගත් ඒ පියාටත් දරුවන් ගැන සිත සිතා සැනසෙන්නට මග පෑදිණ. දහම් පිපාසිත සමාජයට සදහම් දෙසා සමාජය සුවපත් කිරීමට ඒ හිමිවරු දෙනමට අනාගතයේදි ශක්තිය උදාවේවා.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.

 මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]