අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ කාර්යාලය නව ස්ථානයක
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ නව කාර්යාලය අනුරාධපුර
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසකත්වයෙන්
අනුරාධපුර මහාවිහාරය විසින් අලුතෙන් ඉදිකරන ලද කොළඹ 05, ඩී.එම්. කොළඹගේ
මාවතේ හත්වන පටුමගෙහි අංක 07 දරන අනුරාධපුර මහාවිහාරය, අගනුවර ආරාමය යන
ස්ථානයේ පිහිටුවා ඇත.
ඉතිරිය» රටට ජීවය දුන්
සංඝමිත්තාගමනය
කාන්තා පැවිද්ද රජ පවුලේ සිට සෑම සමාජ කුලයකටම අයත් කාන්තා පිරිස් දිනා
ගත්හ. දාසිය පැවිද්ද ලැබූ පසු ඒ නිසාම
පූජනීයත්වයට පත් වූවාය. සමන්තා සහ මහිලා යන
තෙරණිවරුන් කාවන්තිස්ස රජුගේ දූවරුන් වශයෙන් පැවිදි බව ලබද්දී ගම්
සභිකයකුගේ දියණියක වූ රේවතියද පැවිදි වීමෙන් පූජනීය බව ලැබුවාය.
මහාදාඨික මහරජුගේ
(ක්‍රි.ව.7 –19) අවධියේ පැවිදි බව ලද සුමනා තෙරණිය
ගිහිකල සාමාන්‍ය දුප්පත් ගැමි කතක් වූවාය.
සිහලවත්ථූවේ සඳහන් පුවත් බොහොමයකින් පැවිදි බව ලද මෙවැනි ගැමි
කාන්තාවන් රැසක් පිළිබඳ තොරතුරු ඉස්මතු වේ. මෙබඳු
කාන්තාවන් පැවිද්ද නිසා කායික මානසික
වශයෙන් සුවපත් වූ බවත් තවදුරටත් පැවිදි බවෙහි ඵල ලබමින් සංසාර
විමුක්තිය ලැබීමට තරම් ශක්තිසම්පන්න වූ බවත් පැහැදිලිය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බෝධියේ
සෙවණ ලබමින්
අවබෝධය මඟහරින්නේ
මන්ද?
ශ්‍රී ලංකාද්වීපයේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඓතිහාසික
විප්ලවයක් සිදු කළ වර්ෂය ලෙස ක්‍රි.පූ. 236 ඉතිහාසයට එක් වී තිබේ. එකී
විප්ලවයේ පළමුවැනි කොටස වූයේ එම වසරේ පොසොන් මස පුර පසළොස්වක පොහෝ
දිනයේ දී මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට බුදුදහම හදුන්වා දෙනු
ලැබීමයි. එහි දෙවැනි කොටස වූයේ එම වසරේ උඳුවප් මාසයේ දී සංඝමිත්තා මහ
රහත් තෙරණින් වහන්සේ විසින් දඹදිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ
ශාඛාව මෙරටට වැඩම කරවනු ලැබීමයි. ඊට සමගාමීව මෙරට භික්ෂුණී ශාසනයද
පිහිටුවනු ලැබිණි.
ඉතිරිය»
කිරිකැටි මතකය සදානුස්මරණය කළ දැදිගම කොටවෙහෙර
දැදිගම කොටවෙහෙර නමින් ප්‍රකට මෙම ස්තූපයම සූතිඝර චෛත්‍ය වශයෙන් ද හඳුන්වනු
ලැබේ. කොටවෙහෙර වෙත ළඟා විය හැක්කේ කොළඹ නුවර මාර්ගයේ නෙළුන්දෙනිය
හන්දියෙන් ගලපිටමඩ මාර්ගයේ කි.මීටර් 3 ක් පමණ ගමන් කිරීමෙනි.
අවිස්සාවේල්ල කෑගල්ල මගෙහි පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා ද
මෙතැනට පැමිණිය හැකි වෙයි.
ඉතිරිය»
|