රන් බෝ පත්
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
සහකාර කථිකාචාර්ය
හේමමාලි නිලාන්ගනී
කරුණාරත්න
ශ්‍රී මහා බෝධිය නිසා සකස් වුණු මෙම නව සමාජ රටාව බෝධි සංස්කෘතිය ලෙස
හැඳින්වේ. මේ බෝධි සංස්කෘතියේ බලපෑම සිරිත් විරිත්, පුද පූජා, ආකල්ප,
භාෂා සාහිත්‍ය සහ ගෘහ නිර්මාණ ශිල්පය ආදිය කෙරෙහි පමණක් නොව පුද්ගල නාම
සහ ස්ථාන නාම කෙරෙහි පවා විහිදී ඇති ආකාරය මූලාශ්‍ර ග්‍රන්ථ අධ්‍යයනය
තුළින්
පැහැදිලි වේ.
බුදුදහම මෙරටට හඳුන්වා දෙන අවධිය වන විට මෙරට වැසියන් විවිධ ඇදහිලිවලට
පුරුදු පුහුණු වී සිටිය බව නොරහසකි. වෘක්‍ෂ වන්දනාව යනු ඒ අතර
ජනපි‍්‍රය ආගමික සම්ප්‍රදායකි. එකල ලක්වැසියන් අතර පූජනීයත්වයට පත් වූ
වෘක්‍ෂ දෙකක් ලෙස නුග රුකත් තල් රුකත් පෙන්වා දිය හැකි ය.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීමෙන් එතෙක්
නොවිධිමත් වෘක්‍ෂ වන්දනාවක නියැළි ලක් ජනතාවට නිවැරැදි අරමුණකින් සිය
පුද පූජා පැවැත්වීමට හැකියාව ලැබිණි. බුදුදහම අගය කොට සලකන්නේ ආමිස
පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වුවද ශ්‍රී සද්ධර්මය ජනතාව අතර ජනපි‍්‍රය
කරවීමටත් ඔවුන් තුළ ශ්‍රද්ධාව ජනිත කරලීමටත් ආමිස පූජාව අත්‍යවශ්‍ය බව
මිහිඳු මහ රහතන් වහන්සේ කල්පනා කරන්නට ඇත. ඒ නිසාම ශ්‍රී මහා බෝධි
ශාඛාව පමණක් නොව බුදුන් වහන්සේගේ ගී‍්‍රවා ධාතුන් වහන්සේත් පාත්‍ර
ධාතූන් වහන්සේත් ලක්දිවට වැඩම වීමට මිහිඳු හිමියෝ කටයුතු කළහ. මෙම පූජා
වස්තු අතර ශ්‍රී මහා බෝධියට විශේෂ තැනක් හිමිවිය. එදා මෙදා තුර ශ්‍රී
මහා බෝධිය මූලික කරගෙන බිහිවුණු නව සමාජ පෙරැළිය විවිධ අංශ යටතේ
සාකච්ඡා කළ හැකිය.
ශ්‍රී මහා බෝධිය නිසා සකස් වුණු මෙම නව සමාජ රටාව බෝධි සංස්කෘතිය ලෙස
හැඳින්වේ. මේ බෝධි සංස්කෘතියේ බලපෑම සිරිත් විරිත්, පුද පූජා, ආකල්ප,
භාෂා සාහිත්‍ය සහ ගෘහ නිර්මාණ ශිල්පය ආදිය කෙරෙහි පමණක් නොව පුද්ගල නාම
සහ ස්ථාන නාම කෙරෙහි පවා විහිදී ඇති ආකාරය මූලාශ්‍ර ග්‍රන්ථ අධ්‍යයනය
තුළින් පැහැදිලි වේ.
ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවන අවස්ථාවේ දී ඒ සමඟ ඉන්දියානු
සංස්කෘතියේ විවිධ ලක්‍ෂණ හෙළි කරන්නාවූ ශිල්ප ශ්‍රේණිවලට අයත් පිරිස් ද
පැමිණි බව මූලාශ්‍රවලින් හෙළි වේ. මේ පිරිස් සිංහල සංස්කෘතියට බද්ධ
වීමෙන් නව සංස්කෘතික වටපිටාවක් ලක්දිව තුළ ගොඩනැඟුණි. බෝධි ශාඛාවත් සමඟ
පැමිණි මෙම කුලයන්ට අයත් පිරිස සිංහල සංස්කෘතිය හා මිශ්‍ර වූ ආකාරය
පිළිබඳ විමසා බැලීමද මෙහිලා වැදගත් වේ.
සිංහල බෝධිවංශයේ සඳහන් වන තොරතුරුවලට අනුව බෝධින්වහන්සේ සමඟ දඹදිවින්
පැමිණි රජකුමාරවරුන් අටදෙනා හට දේවානම්පියතිස්ස මහරජු විවිධ තනතුරු
ප්‍රදානය කොට ඇත. සිංහල බෝධි වංශයේ සඳහන් එම තනතුරු සහ කාර්යයන් මෙසේ
ය.
1. බෝධි ගුත්ත කුමාරයා - ජය ශ්‍රී මහ බෝධි කටයුතු භාර ලේකම්.
2. සුමිත්ත කුමාරයා - මහ බෝධින් වහන්සේට පෙරහර පැවැත්වීම.
3. චන්ද්‍ර ගුප්ත කුමාරයා - මහ බෝ මඟුලෙහි රන් බෙර වැයීම.
4. දේව ගුත්ත කුමාරයා - මහ බෝධිමූලයට ඉසින පිරිත් පැන් පිරවූ රන්
කෙණ්ඩිය මඟුල් ඇතු පිට තබා නුවර පැදකුණු කොට ගෙන ඒම.
5. ධර්ම ගුප්ත කුමාරයා - මහ බෝ මඟුල්හි සක් පිඹීම.
6. සූරිය ගුත්ත කුමාරයා - මහ බෝ මඟුලෙහි රන් කෙණ්ඩියෙන් පැන් ඉසීම.
7. ගෝතම කුමාරයා - මහ බෝ මුදුනට ධවලච්ඡත්‍රය දැරීම.
8. ජුතින්දර කුමාරයා - මහ බෝ මඟුලෙහි ආරක්‍ෂක කටයුතු භාර ප්‍රධාන
තනතුර.
යථෝක්ථ කුමාරවරුන් අටදෙන මිහිඳු මහරහතන් වහන්සේ ගේ මාමාවරුන් බව පෙළ
පොත්වල සඳහන් වේ. ඔවුන් මෙසේ රාජකීය නිලයන්ට පත් කරන්නට ඇත්තේ යට කී
රාජකීය තත්ත්වය නිසා විය යුතු ය. මෙම තනතුරුවලට අමතරව මහ බෝධිය සමඟ
ලක්දිවට පැමිණි සියලුම කුලයන්ට උචිත පරිදි තනතුරු දුන් දෙවනපෑතිස්
රජතුමා ඔවුන් ගේ යැපීම සඳහා ගම්වර බැගින්ද ප්‍රදානය කොට ඇත. මෙම
තනතුරුවලට අමතරව ස්ත්‍රී පක්‍ෂය වෙනුවෙන් තනතුරක් පිරිනැමීමටද
දෙවනපෑතිස් රජතුමා අමතක නොකළේ ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට
වැඩමවාගෙන එන ලද්දේ සඟමිත් තෙරණිය විසින් වීමත් බුදුදහම ස්ත්‍රී පක්‍ෂය
කෙරෙහි සමතාවයෙන් සැලකීමත් නිසා රජු එසේ ස්ත්‍රී පක්‍ෂය සඳහා තනතුරක්
ප්‍රදානය කිරීමට සිතුවා විය හැකිය. ඒ අනුව මහබෝධියට රන්රිදී කළගෙන පැන්
වත් කිරීම රාජ කන්‍යාවන් සිවු දෙනකුට පවරා දී ඔවුනට පෙරහර බිසෝ නමින්
තනතුරක් ප්‍රදානය කළේ ය.
කල්යත්ම බෞද්ධයන්ගේ පුද පූජාවට පාත්‍ර වූ පූජනීය වස්තු අතර බෝධි
වෘක්‍ෂයට ප්‍රධාන තැනක් හිමි විය. බෝධි වෘක්‍ෂය සිදුහත් කුමරු හා සහජාත
වස්තු හතෙන් එකක් බව මහපදාන අට්ඨ කතා, කාලුදායි ථෙර ගාථා අට්ඨ කතා සහ
බුද්ධ වංශ අට්ඨ කතා යන ග්‍රන්ථවල සඳහන් කොට ඇත. බෞද්ධ සාහිත්‍ය අනුව
බෝධිවෘක්‍ෂයද චෛත්‍ය ගණයට අයත් වේ. බුද්ධත්වය ලබා ගැනීමට මහෝපකාරී
වීමත්, සතියක් පුරා සමවත් සුවෙන් ඇසතු මූලයෙහි වැඩ සිටීමත් එමෙන්ම
අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබීමත් යන කරුණු හේතු කොට ගෙන බෝධි
වෘක්‍ෂය බෞද්ධයාගේ පරම පූජනීය පූජා වස්තුවක් බවට පත් වූ බව පැහැදිලි ය.
බෝධි පූජා කිරීම හා එහි ආනිශංස පිළිබඳ තොරතුරු රැසක් ථෙර ගාථා සහ උදාන
ග්‍රන්ථවල අන්තර්ගත වී ඇත.
ශ්‍රී මහ බෝධිය වැඩමවීමේ සිදුවීම සංස්කෘතික වශයෙන් අතිශය වැදගත්කමක්
උසුලන්නේ කලා ශිල්ප පිළිබඳ මෙරට ඇති වූ පුනරුදය නිසා ය. බෝධිශාඛාවත්
සමඟ කුල රැසකට අයත් විශාල පිරිසක් මෙරටට පැමිණි බව මූලාශ්‍රවල සඳහන්
වේ. මේ පිරිස අතර ශිල්ප ශ්‍රේණි 18 කට අයත් ශිල්පීන් සිටි බව කියැවේ.
මෙම ශිල්ප ශ්‍රේණිවලට අයත් වූ ශිල්පීහු එවකට ඉන්දියාවේ වැඩිදියුණු වී
පැවැති ගෘහ නිර්මාණ, කැටයම්, මූර්ති සහ චිත්‍ර මෙන්ම වෙනත් කර්මාන්ත ද
ලංකාවට හඳුන්වා දුන්හ. පසු කලෙක එම කලාවන් සිංහල සම්ප්‍රදායන්ට අනුව
වැඩිදියුණු විය. චෛත්‍ය වන්දනාව මුල්කොට ගෙන ස්ථූපය නිර්මාණය වී පසු
කලෙක ඒ ආශි‍්‍රතව වටදා ගෙවල් සහ වාහල්කඩ ආදි කලා නිර්මාණ බිහි වූවා සේ
බෝධිය මුල්කොට ගෙන ‘බෝධිඝරය’ නම් වූ විශිෂ්ට නිර්මාණය බිහි විය. උස්
වේදිකාවක් මත රෝපිත ශ්‍රී මහ බෝධිය වටා දඹදිව ශ්‍රී මහ බෝධීන්වහන්සේ
වටා කෙරුණු අන්දමේ බෝධිඝරයක් ඉදිකළ බව වංශකතාවල සඳහන් වේ. කල්යත්ම
බෝධිය සෑම විහාරයකම අනිවාර්ය අංගයක් වූයෙන් බෝධිඝරය ද ඉදිරිවෙන්නට පටන්
ගැනුණි.
ග්‍රන්ථ සමුදායක් ද ශ්‍රී මහ බෝධීන් වහන්සේ පසුබිම් කොට ගෙන රචනා විය.
මෙසේ බෝධිය ආශි‍්‍රතව වර්ධනය වූ සාහිත්‍ය බෝධි සාහිත්‍ය නමින්
හැඳින්වේ. මේ සියලු ග්‍රන්ථ තුළින් බෝධීන් වහන්සේට සමාජයේ හිමි වූ
අතිපූජනීයත්වයත් සමාජයේ හැඩ ගැසීම කෙරෙහි බෝධියේ බලපෑමත් මැනැවින්
හඳුනාගත හැකි ය. බෝධිය ආශි‍්‍රතව ලියවුණ ග්‍රන්ථ ලෙස, පාලි මහ බෝධි
වංශය, ධර්ම ප්‍රදීපිකාව, සිංහල බෝධි වංශය, සුළු බෝධි වංශය, චූල බෝධි
වංශය, මහ බෝධි වංශ ග්‍රන්ථ පද විවරණය, මධුරාර්ථ ප්‍රකාශනි, ජින
බෝධාවලි, සිරිලක් බෝ මැඬ අලංකාරය, මහ බෝධි අලංකාරය, සිරිමා බෝ කවි,
සිරිමා බෝ විස්තරය, මහ බෝධි වර්ණනාව, ලංකා බෝධි වස්තුව, මා බෝ වැදීම,
ලක් බෝ සැහැල්ල, බෝ මුල උපත, බෝධි වංස ටීකාව, ජය මහ බෝධි වන්දනාව, බෝ
මැඬ අලංකාරය, බෝධි වංස කථා, බෝධි ආගමනය, බෝධි පිහිටි කතාව, ශ්‍රී මහ
බෝධි කීර්තිය හෙවත් අනුරාධපුර වන්දනාව, බෝධි වංශ අට්ඨ කථා, බෝධි
වන්දනා, බෝධි වන්දනා ගාථා, බෝ මැඬ විස්තරය, බෝ මැඩ නුදුරු ස්ථානය සහ
සොළස පූජා ගාථා ආදිය පෙන්වා දිය හැකි ය.
ශ්‍රී මහ බෝධි ශාඛාව ලක්දිවට වැඩම කරවීමෙන් වෙනසකට ලක්වූයේ සමාජය පමණක්
නොවේ. පුද්ගල චිත්ත සන්තානයන්හි පවා මහත් වූ විපර්යාසයක් ඇති කරන්නට
ශ්‍රී මහ බෝධි ශාඛාවට හැකි විය. බෝධිය නිසා ලාංකේය ජන සමාජය තුළ
ව්‍යාප්ත වූ විවිධ චාරිත්‍ර වාරිත්‍ර සහ ආකල්ප පිළිබඳ තොරතුරු ඉතිහාසය
පිරික්සීමේ දී දැක ගත හැකි ය.
බුදුදහම ලක්දිවට පැමිණෙන්නට පෙර යක්‍ෂයන්, නාගයන් සහ දෙවියන් වන්දනා
කරමින් සිටි ජනතාව බුදුදහමේ ආභාසයෙන් මිථ්‍යා විශ්වාස කෙරෙන් මිදුණද,
පසු කලෙක නාගයා බෝධිවෘක්‍ෂය ආරක්‍ෂා කරන්නකු ලෙසින් ජනයාගේ විශේෂ
ගෞරවයට පාත්‍ර විය. එමෙන්ම වෙසක්, පොසොන් ආදී විශේෂ පොහොය දිනවලදී
අනුරාධපුරයේ පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීම පිණිස යන පිරිස් ප්‍රථමයෙන්ම
ශ්‍රී මහ බෝධිය වඳින්නට යෑම සිරිතක් කර ගත්හ. සිංහල බෞද්ධයා හට ශ්‍රී
මහ බෝධිය හුදෙක් වෘක්‍ෂයක් පමණක්ම නොවීය. එය ජීවමානව වැඩ සිටින බුදුන්
වහන්සේ හා සමාන විය. ඒ නිසාම බෞද්ධයන් ශ්‍රී මහ බෝධිය හඳුන්වන්නට
ප්‍රාණවාචී පද භාවිත කොට ඇති බව පෙනේ.
මේ ලිපියේ ඉතිරි කොටස ජනවාරි 05 වන දා පත්‍රයේ පළ වේ. |