|
ධර්ම දේශනාව: බෝධියේ
සෙවණ ලබමින්
අවබෝධය මඟහරින්නේ
මන්ද?
ශ්‍රී ලංකාද්වීපයේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඓතිහාසික
විප්ලවයක් සිදු කළ වර්ෂය ලෙස ක්‍රි.පූ. 236 ඉතිහාසයට එක් වී තිබේ. එකී
විප්ලවයේ පළමුවැනි කොටස වූයේ එම වසරේ පොසොන් මස පුර පසළොස්වක පොහෝ
දිනයේ දී මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට බුදුදහම හදුන්වා දෙනු
ලැබීමයි. එහි දෙවැනි කොටස වූයේ එම වසරේ උඳුවප් මාසයේ දී සංඝමිත්තා මහ
රහත් තෙරණින් වහන්සේ විසින් දඹදිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ
ශාඛාව මෙරටට වැඩම කරවනු ලැබීමයි. ඊට සමගාමීව මෙරට භික්ෂුණී ශාසනයද
පිහිටුවනු ලැබිණි.
ඉතිරිය»
|
|
උඳුවප් මස පුර පසළොස්වක පෝය
උඳුවප් මස පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 27
වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 01.27 ට ලබයි. 28 වැනි දා
සිකුරාදා අපර භාග 03.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 27 වැනි දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|