UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගංගොඩවිල සුභද්‍රාරාම වජ්‍ර ජයන්ති සමරු උළෙල

මෙරට සම්භාව්‍ය පාරිවේණික අධ්‍යාපන ඉතිහාසයේ විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනය ආරම්භ කර සැත්තෑපස් වසක් සම්පූර්ණවීම නිමිත්තෙන් එහි වජ්‍ර ජයන්ති සමරු උළෙල මෙම මස 21, 22, 23 යන දිනයන්හි එම පිරිවෙන් විද්‍යායතනයේ දී උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට කෘත්‍යාධිකාරී තබ්බෝවේ ආනන්ද රේවත නාහිමියන්ගේ මඟ පෙන්වීම පරිදි වජ්‍ර ජයන්ති කමිටුව කටයුතු යොදා ඇත. මෙයට සමගාමීව පැවැත් වූ සමස්ත ලංකා අන්තර් පාරිවේණික සහ අන්තර් පාසැල් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය ද ‘ලෝචන’ නමින් ශාස්ත්‍රීය සංග්‍රහයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරේ.

ඉතිරිය»

වඳිමු පුද බිම් මුනිඳු සිහි කර

මහින්දාගමනයත් සමඟ ඇරැඹි බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධයේ සුවිශේෂි ලක්ෂණ වූ බුද්ධ ප්‍රතිමා, චෛත්‍ය හා ඒ ආශි‍්‍රත කලා නිර්මාණ කෙරෙහි සෑම රජ කෙනකුගේම විශේෂ උනන්දුව යොමු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොදුනුවන්ගේ වන්දනා මානනයට පාත්‍ර වන බෞද්ධ සිද්ධස්ථාන රැසක්ම ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී පවතී. මේ හැම සිද්ධස්ථානයක්ම ශ්‍රෙෂ්ඨ පුද බිම් වන අතර ඒ අතරින්ද බුදුරජාණන් වහන්සේගේ පා පහස ලැබූ, සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත්කොට තනවා ඇති චෛත්‍ය රාජයන් සහිත පුද බිම් රැසක්ම අපට හිමිව පැවැතීම මහත් භාග්‍යයකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිතරම සිල්වත් වීමට නම්...

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැමදාම සිල්වත් වන ලෙසයි. පඤ්ඤවා සුසමාහිතො පඤ්ඤාවා යනුවෙන් අදහස් කරන්නේ නුවණින් යුක්ත වීමයි. මේ ලෝකයේ අප ජීවත්වෙන විට හැමදාම නුවණින් යුක්තව ජීවත් වෙන්න ඕනෑ. සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕනෑ. එසේ නොවුණහොත් අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා නුවණින්, බුද්ධිමත්ව ජීවත් විය යුතුයි. කායික සමාචාරයත්, වාචසික සමාචාරයත් සීලය යන වචනයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තියෙනවා. ‘සීල’ යන වචනයේ නියම සිංහල අර්ථය දෙන වචනය තමයි ‘හීලෑ’ කියන වචනය. මිනිසාගේ සාමාන්‍ය ස්වරූපය බැලුවොත් හරිම දඩබ්බරයි. අවිනීතයි. ගොරෝසුයි

ඉතිරිය»

පින් ගන්නට බලා සිටින දුගති සත්වයෝ

පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසය පින් ලබාගැනීමට සුදුසු වෙයි. අනුන් දෙන පින්පෙත් ආදිය බලාපොරොත්තු වෙමින් අනුන් නිසා ජීවිතය පවත්වාගෙන යයි. අප පින්කම් සිදුකරමින් පින් අනුමෝදන් කරන විට එම පින අනුමෝදන්වීමේ ශක්තිය ඇත්තේ මේ පරදත්තූප ජීවි ප්‍රේත කොටසට පමණකි. බොහෝ මළගිය ඥාති මිත්‍රාදීන් මේ ප්‍රේත කොට්ඨාසයෙහිත් ඉපිද දුක් විඳින බැවින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ජීවිත සුවපත්වීමට හේතු වෙයි.

ඉතිරිය»

සිතුවම සරත් නන්දකුමාර

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය මාර්තු 21 වැනි දා බදාදා අපර භාග 06.41 ට ලබයි. 22 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 08.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 22 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]