UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසුභ භාවනාව

අවිඤ්ඤාණ සුභ නිභං
සවිඤ්ඤාණ සුභං ඉමං
කායං අසුභතො පස්සං
අසුභං භාවයෙ යති

නව දොරින් වැගිරෙන අසූචි හෙයින් සිත් නැති අසූචි පිඬක් වැනි වූ සිත් ඇති අසූචි පිඬක් වු ‘මේ ශරීරය අශුභ වශයෙන් මෙනෙහි කරමින් යති තෙමේ භාවනා කරන්නේ ය.

වණ්ණ ඝණ්ඨාන ගන්ධෙහි
ආසයෝ කාසතොතථා
පටික්කුලානි කායෙ මෙ
කුණපානි ද්වී සොළස

මේ සිරුරෙහි දෙතිස් කුණපයෝ වර්ණ, ඝණ්ඨාන ගන්ධ, ආශ්‍රය හෙවත් ආධාරය යන පඤ්ච ප්‍රකාරයෙන් පිළිකුල් වන්නාහ.

පතිතම්හාපි කුණපා
ජෙගුච්ඡං කාය නිස්සිතං
අධාරොහි සුචීතස්ස
කායොති කුණපෙඨිතං

ශරීරගත කුණපය ශරීරයෙන් පතිත කුණපයට වඩා පිළිකුල් සහගතය. කුමක් නිසාද යත්? පතිත කුණපය අපිරිසිදු තැනෙක පිහිටිය හැකිය. ශරීරගත කුණපය කුණපයෙහිම පිහිටියේය.

මිළ්හේ කිමිව කායොයං
අසුචිම්හි සමුට්ඨිතො
අන්තො අසූචි සම්පුණ්ණො
පුණ්ණ වච්ච කුටීවිය

අසූචියෙහි උපන් පණුවකු මෙන් මේ ශරීරය පළමු කොට අසූචියෙහි ම උපන්නේය. පිරුණු වැසිකිළියක් මෙන් ශරීරභ්‍යන්තරය අසූචියෙන් ම පිරුණේ ය.

අසූචි සන්දතෙ නිච්චං
යථා මෙද කථාලිකා
නානා කිමි කුලාවාසො
පක්ක චන්දනිකා විය

මේද තෙලින් පුරවන ලද බඳුනක් මෙන් මේ ශරීරයන් නිතර අසූචි වැගිරෙන්නේය. ගිම්හාන සමයෙහි පැසෙන ගවර වළක් මෙන් නොයෙක් පනු වර්ගයන්ට වාසස්ථානයක් වූයේය.

ගණ්ඩ භූතො රොග භූතො
වණ භූතො සමුස්සයො
අතෙ කිච්ඡොතිජෙගුච්ඡො
පභින්න කුණපූපමොති

මේ ශරීරය වනාහි පැසවන ලද ගෙඩියක් වැනිය. සුවකළ නොහැකි අසාධ්‍ය රෝගයක් වැනිය. සිදුරුව ගිය මිනී කුණුපයක් වැනිය.


මරණානුස්මෘති භාවනාව

පවාත දීප තුල්‍යාය
සායු සන්තතියාක්ඛයං
පරූපමාය සම්පස්සං
භාවයෙ මරණස්සතිං

ප්‍රචණ්ඩ වාතය හමනා තැනෙක දල්වන ලද පහනක් මෙන් හීනභාවයට යන ආයුසංස්කාර අන්‍යයන්ගේ මරණය උපමා කොට බලමින් මරණානුස්මෘති භාවනාව කළ යුතුය.

මහා සම්පත්ති සම්පත්තා
යථා සත්තාමතා ඉධ
තථා අහං මරිස්සාමි
මරණං මම හෙස්සති

යම් සේ මේ මිනිස් ලොව මහා සම්පත්තියෙන් ආඪ්‍ය වූ සත්වයෝ මළාහු ද , එමෙන්ම ම මම ද මිය යන්නෙමි. මරණය මට ද වන්නේය.

උප්පත්තියා සහෙවේදං
මරණං ආගතං සදා
මරණත්ථාය ඔකාසං
වධකො විය එසති

මේ මරණය උප්පත්තිය කැටුව ම ආයේය. එබැවින් මරණය සියලු කල්හි ම වධකයකු මෙන් අවකාශ සොයන්නේය.

ඊසකං අනිවත්තන්තං
සතතං ගමනුස්සකං
ජීවිතං උදයා අත්ථං
සූරියො විය ධාවති

ජීවිතය ඇසිල්ලකුදු නො නවත්වන්නේය. නිරන්තරයෙන් මරණය කරා උදා වූ සූර්යයා අස්තංගත වන්නාක් මෙන් ගමන් කරන්නේය.

විජ්ජුබුබ්බුල උස්සාව
ජලරාජි පරික්ඛයං
ඝාතකොව රිපූ තස්ස
සබ්බත්ථාපි අවාරියෝ

විදුලියක් මෙන් දිය බුබුලක් මෙන්, තණ අග පිණිබිඳක් මෙන්, දියෙහි ඇඳි ඉරක් මෙන්,ජීවිතය විනාශයට යන්නේ ය. හතුරකු මෙන් මරණය සියලු තන්හිම වැළකිය නොහැක්කේය .

සූය සත්ථාම පුඤ්ඤාද්ධි
බුධි වුද්ජිනද්වයං
ඝාතෙසි මරණං ඛිප්පං
කාතු මාදිසකෙ කථා

මහත් මහත් යසසින් ශක්තියෙන් පුන්‍යර්ධියෙන්, ඤාණයෙන් වැඩී සිටි බුදුන් පසේ බුදුන් පවා මරණය නමැති සතුරා විසින් ඝාතනය කරන ලදී. මා වැන්නක් ගැන කියනුම කවරේද?

පච්චයානඤ්ච වෙකල්‍යා
බාහිරජ්ඣත්තු පද්දවා
මරා මොරං නිමේසාපි
මරමානො අනුක්ඛනන්ති

ක්ෂණික මරණයෙන් මිය යමින් සිටින මම ආහාර ප්‍රත්‍යය වෙනස් වීමෙන් ද බාහිර ආධ්‍යාත්මික උපද්‍රවයන්ගෙන් ද ඇසිපිය හෙළීමෙන් ද මිය යන්නෙමි.

සංවේග වස්තු අට

ජාති ජරා ව්‍යාධි වුති අපායා
අතීත අප්පත්තක වට්ට දුක්ඛං
ඉදානි ආහාර ගවෙට්ඨි දුක්ඛං
සංවෙග වත්ථුනි ඉමානි අට්ඨ

ඉපදීම, දිරීම, ව්‍යාධිය , මරණය ,අපාය දුක ඉක්ම ගිය සංසාර වෘත දුක, නොපැමිණි සංසාරවෘත දුක වර්තමාන ආහාර ගවෙශන දුක යන මේ අට සංවේග වස්තු වේ.

මෙම භාවනාවේ අනුසස්

පාතොච සාය මපිචෙව ඉමං විධිඤ්ඤු
ආසෙවතො සතත මත්ත හිතාභිලාසී
පප්පොති සොති විපුලං හතපාරිපන්ථො
සෙට්ඨං සුඛං මුනි විසිට්ඨමතං සුඛෙනචාති

දෙලොව වැඩ කැමති යමෙක් තෙම නිතර උදය හවස මෙම භාවනා ක්‍රමය වඩන්නේ ද, හෙතෙම සර්වඥයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද විශිෂ්ට නිර්වාණ සැපය අත්පත් කර ගන්නේය.

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය මාර්තු 21 වැනි දා බදාදා අපර භාග 06.41 ට ලබයි. 22 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 08.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 22 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]