UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අමාවක 2012.03.22

ලක්මෑණියනි, අප සූදානම්

දේශීය වශයන් හෝ විදේශීය වශයෙන් රටට එරෙහි වන කවර බලවේගයක් වුවද එය පරාජය කළ යුතු වන්නේ අපේ මාතෘ භූමිය අප රැක ගත යුතු බැවිනි. දශක තුනක පමණ දිගු කලක් පුරා මෙරට පොදු මහ ජනතාව බියෙන් සැකයෙන් ජීවත් වූ යුගයක් අතීතයේ දී පැවැතිණි.

ආගමික සිද්ධස්ථානවලට මෙන්ම පූජනීය මහ සඟරුවනට ද ඒ අකාරුණික ත්‍රස්තවාදයෙන් විවිධ වධහිංසාවලට මුහුණ පෑමට සිදු වූ බව ලොවම දන්නා සත්‍යයකි.

නිදි පැදුරේ සිටි අත දරුවන් පමණක් නොව එදාවේල හරිහම්බ කර ගෙන ජීවිකාව ගෙන ගිය අසරණයන් ද දිවි පිදුවේ ඒ අඳුරු යුගයේ අමිහිරි මතක සටහන් සදා මතකයේ රඳවමිනි. හිමිදිරියේ පාසල් ගිය දරුවා නැවත පාසලෙන් ගෙදරට පැමිණේදෝයි බියෙන් සැකයෙන් කාලය ගෙවූහ.

මව පියා එකම වාහනයක ගමන් නොකළේ ද නොසිතූ නිමේශයක මරුවා මරු කැඳවන කුරිරු බෝම්බ බිලිවුන දෙමාපියන් නිසා මුළු පවුලම අනාථ වන බැවින්, දරුවන් වෙනුවෙන් එක් අයකු හෝ ජීවත් විය යුතු යැයි හැඟීගිය නිසා ය.

පොදු හෝ පුද්ගලික වාහනයක හෝ නැතිනම් බස් රියේ හෝ දුම්රියේ ගමනක් ගියද එසේත් නැතිනම් නගරයට ගියද කවර අවස්ථාවක කොතැනකදී මරු කැඳවන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට ලක්වේදැයි යන සැකය හා බියෙන් ගත කළ කාලය කිසිසේත් අමතක කළ නොහැකිය.

කිසිදු වරදකට පලි නැති එවැනි අහිංසක පොදු මහජනතාවගේ ජීවිත ඉතා අසාධාරණ ලෙස මරණවරෙන්තුවට හසුකළ උතුරේ ඒ අවිගත් නරුම ත්‍රස්තවාදී කණ්ඩායම මානුෂික අයිතිවාසකම් එසේ අමු අමුවේ උල්ලංඝනය කළ නමුත් ඇතැම් බටහිර රටවල හැල හොල්මනක් නැතිව ඇස් කන් පියාගෙන සිටි බව අපට අමතක නොවේ.

කරුණු එසේ තිබියදී ඒ බලවේගයන් හි බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමට නොහැකි වූවේ ඒ දරුණු හා කුරිරු ත්‍රස්තවාදය අපේ රටෙන් පරාජය කළ බැවිනි.

ලක්මවගේ වාසනාවට රටට පහළ වූ රාජ්‍ය නායකයා දූරදර්ශීව ක්‍රියා කරමින් තිස් වසරක් පුරා පැවැති අඳුරු යුගය දුරු කිරීමට අධිෂ්ඨානයෙන් ක්‍රියා කළේ ය. වීරෝදාර ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ද රණවිරුවන්ට නිසි නායකත්වය දෙමින් ඒ අඳුරු යුගය ඵලවා හැරියේ ය.

රටේ සංවර්ධනය දෙස නෙත් සිත් යොමු කරවා රට ආර්ථික සංවර්ධනයට මෙහෙයවීමට ක්‍රියා කළේ ය. දේශීය හා විදේශීය බලවේග එදා කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑ අපේ අහිංසක පොදු මහජනතාවගේ මානුෂික අයිතිවාසිකම් විනාශ වී යාමේ දී ඒ පිළිබඳ කඳුළු සැලුවේ නැත. ඔවුන් අපේක්‍ෂා කළ පැතුම් ඉටු නොවුනු කළ අපේ මව්බිමට බලවත් යැයි කියා ගන්නා ඔවුන්ගේ බලපෑම් ටිකෙන් ටික මුදාහරින්නට විය.

අපි බුද්ධිමත් විය යුතුවෙමු. සැබවින්ම මෙරට පොදු මහ ජනතාව රට වෙනුවෙන් පසුගිය සති කීපය පුරා එක්සත්ව එක්සිත්ව විදේශීය බලවේගයන්ගේ කුමන්ත්‍රණවලට විවිධාකාරයෙන් විරෝධය පෑහ.

ඒ සඳහා මෙරට සම්භාවනීය පූජනීය මහ සඟරුවන පෙරමුණෙහි වැඩම කළහ. අන්‍ය ආගමික පූජකතුමන්ලාද රටට එරෙහි කුමන්ත්‍රණය පැරැදවීමට ජාති ආගම් භේදයෙන් තොරව ඒකරාශි වී සිටිනු දක්නට ලැබිණි.

මොන අපහසුතා ඇතත් මාතෘභූමියේ ආරක්‍ෂාව පතා රජයට සහාය දැක්වීම අපගේ යුතුකම වෙයි. ඒ යුතුකම මැනවින් වටහාගත් බහුතර ජනතාව රට වෙනුවෙන් ඒකරාශී වී ලොවටම හඬ නඟා කීවේ ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව රට වෙනුවෙන් එක්සත්ව හා එක්සිත්ව පෙළ ගැසීමට අප සූදානම් බවයි. වැදූ මව මෙන් උතුම් වූ මාතෘ භූමිය සුරැකීමට ඒ ලක් මෑණියන්ගේ සදාදරණීය දූ පුතුන් මහා මිනිස් පවුරක් වී පෙළ ගැසෙන විට, ඒ මහා ශක්තිය පැරදවීමට මොනයම් බලවේගයකටත් නොහැකි වනු ඇත.

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය මාර්තු 21 වැනි දා බදාදා අපර භාග 06.41 ට ලබයි. 22 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 08.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 22 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]