57 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
246) යො පාණමතිිපාතෙති – මුසාවාදං ච භාසති
ලොකෙ අදින්නං ආදියති – පරදාරංච ගච්ඡති
පණ නසන බොරු කියන – පරදාරයේ යෙදෙන – තැනැත්තෝ විනාශය - ළඟා කර ගන්නේ ය.
හිතවතුනි, අකුශලය - මෙලොව දුක් ඇති කරයි. – පරලොවට යන මඟ ද – දුක්වලින්
පුරාලයි.
247) සුරාමෙරයපානං ච - යො නරො අනුයුඤ්ඡති
ඉධේවමෙසො ලොකස්මිං - මූලං ඛණති අත්තනො
මත් පැනෙහි යෙදෙන්නා - නුවණ අඩු මෝඩයෙකි. – ඔහු තමන් සතු සියලු කුසල්
මුල් නැති කරයි.
හිතවතුනි, මත් පැනෙන් - මෙලොව පරලොව දෙකට කිසිදු ආකාරයක යහපතක් සිදු
නොවේ.
248) ඒවං භෝ පුරිස ජානාහි – පාප ධම්මා අසඤ්ඤතා
මා තං ලොභො අධම්මෝ ච – චිරං දුක්ඛාය රන්ධයුං
අසංවරකම තුළින් – පාපයන් ගලා එයි. – නිමක් නැති දුක් දෙවන – අපාය ද ළඟා
වෙයි.
හිතවතුනි, අසංවර – තැනැත්තා කිසි දිනෙක - මෙලෝ පරලෝ දෙකෙහි - සැපක්
නොලබන්නේ ය.
249) දදාති වේ යථාසද්ධං - යථා පසාදනං ජනො
තන්ථි වෙ මංකු යො හොති – පරේසං පානභෝජනෙ
නසො දිවා වා රත්තිං වා - සමාධිං අධිගච්ඡතී
සැදැහැවේ තරමටයි – දන් දීම කෙරෙන්නේ – අනුන් දෙන දනක් ගැන – ඔබ සිතිය
යුතු නොවේ.
හිතවතුනි, ඔබ ඔබේ - සැදැහැවේ තරම දැන – ඊට සරිලන පරිදි - දන් දීම කළ
යුතු ය.
250) යස්ස චෙතං සමුච්ජින්නං - මුලඝච්චං සමූහතං
සවෙ දිවා වා රත්තිං වා - සමාධිං අධිගච්ඡති
අසංවර නොවන සේ - සිත මෙල්ල කළොත් ඔහුට ඒ මොහොතේම - සමාධිය උරුම වේ.
හිතවතුනි, ඔබේ සිත - හොඳින් සංවර වුණොත් - මෙලොව ඇති හැම සැපතක්ම ඔබ
වෙතට ගලා එයි.
මතු සම්බන්ධයි
|