UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර අටවක 2011.08.06

 

ධර්මෝන්මාදය සමාජ නිෂ්පාදනයක්

ධර්මෝන්මාදය ( Fanaticism ) යනුවෙන් හඳුන්වනු ලබන ආගමික භක්තියෙන් උමතුවීම ප්‍රචණ්ඩ ක්‍රියාවලට පොළඹවන තත්ත්වයක් බවට ඇති පිළිගැනීම සත්‍යයක් යැයි ඇන්ඩර්ස් බෙරිං බ්‍රෙයිවික් නමැති තිස් දෙහැවිරිදි නොර්වීජියානුවකු විසින් පසුගිය 22 වන දා සනාථ කරන ලදී. නෝර්වේ රටේ අගනුවර වන ඔස්ලෝහි අගමැති කාර්යාලය අසල දී කාර් බෝම්බයක් පුපුරුවා හැර හත්දෙනකු ඝාතනය කළ ඔහු ඊට පැය තුනකට පසු උතෝයා දූපතට ගොස් එහි පැවැති පාලක කම්කරු පක්ෂයේ ගිම්හාන තරුණ කඳවුරකට කඩා වැදී තරුණ තරුණියන් අනූවක් පමණ වෙඩි තබා ඝාතනය කෙළේ ය. මේ සිද්ධියෙන් සුළු මොහොතකට පසු අත්අඩංගුවට පත් ඔහු එම ප්‍රහාර දෙක ම සිදුකළ බව සිය නීතිඥයා මඟින් පිළිගෙන තිබේ. ඉස්ලාම්වාදයෙන් හා මාක්ස්වාදයෙන් ලොව බේරා ගැනීම තම අරමුණු බව පවසා ඇති ඔහු, කොන්සවෙටිව්වාදී ක්‍රිස්තියානිවකු ලෙස තමා හඳුන්වයි. 2002 වසරේ ලන්ඩනයේ දී පිහිටුවා ගත් නයිට්ස් ටෙම්ප්ලාර් (  Knights Templar ) නමැති රහසිගත සංවිධානයක සාමාජිකයන් දොළොස් දෙනා අතුරින් අයකු වන බ්‍රෙයිවික් එහි ප්‍රතිපත්ති ප්‍රකාශය අන්තර්ජාලයට නිකුත් කැර ඇත.

අතිශයෙන් සමකාමී දේශයක් වශයෙන් හඳුන්වන නෝර්වේ රටෙහි දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු දිනයක් තුළ වාර්තා වූ දරුණු ම ඛේදවාචකය ලෙස මෙය සැලැකේ. එහෙත් එය බ්‍රෙයිවික් නමැති පුද්ගලයා පමණක් වගකිව යුතු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස සැලැකිය නො හැකි ය.

අප එසේ පවසන්නේ ඇයි?

ඊට හේතුව අනෙකක් නො ව නෝර්වේ රටෙහි ඇති ආගමික දේශපාලනය යි. මලිත් ජයතිලක ලියූ ‘අලිමංකඩ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව‘ නමැති කෘතිය ඊට සාක්කි වශයෙන් මෙහි උපුටා දක්වමු.

‘’නොබෙල් සාම ත්‍යාගය පිරිනමන රට වශයෙන් ද නොර්වේ ලබා ඇති ජාත්‍යන්තර කීර්තිය ඔවුන් ගේ ලෝක ව්‍යාප්ත සාම ව්‍යාපාර කෙරෙහි තවත් රුකුලක් වී ඇති අතර තුන්වන ලෝකයේ ගැටුම්වලට මැදි වී සිටින පාර්ශ්වයන් ද අවශ්‍ය මැදිහත්කාර ප්‍රයත්නයක් සඳහා නෝර්වේ සම්බන්ධකර ගැනීම සඳහා විශේෂ උනන්දුවක් දක්වයි. තව ද නෝර්වේ රජය එහි ක්‍රිස්තියානි පල්ලියේ අනුශාසනා පරිදි කටයුතු කරන නිසා ම ලතින් ඇමෙරිකාවේ හා ලෝකයේ වෙනත් බොහෝ ප්‍රදේශවල ගැටුම්වලට මැදි වී ඇති ක්‍රිස්තියානි පදනමක් සහිත ගරිල්ලා කණ්ඩායම් හා රජයන් ද නෝර්වේ මැදිහත්කාර ප්‍රයත්නයන්ට වඩා කැමැත්තක් දක්වති.

‘’ලතින් ඇමෙරිකාවේ දීර්ඝතම සිවිල් යුද්ධය වූ ගෞතමාලාවේ යුද තත්ත්වය විසැඳීම සඳහා නෝර්වේ මැදිහත්කාර ප්‍රයත්නය සමත් වූ අතර ගෞතමාලා රජය හා එහි ගරිල්ලෝ 1990 මුල් භාගයේ දී සාම ගිවිසුමකට එළැඹුන හ. එහි දී ඊට පෙර නෝර්වේ පල්ලියේ ආධාර මත ක්‍රියාත්මක වූ ‘නෝර්වීජියන් චර්ඩ් ඒඩ්  (norwaygian church aid ) ) සංවිධානය ගෞතමාලාව තුළ ක්‍රියාත්මක කර තිබූ සංවර්ධන වැඩසටහන් ගණනාවක් නිසා ද ඒ රටේ බහුතර ක්‍රිස්තියානි ජනතාව නෝර්වේ සාම ප්‍රයන්තය කෙරෙහි සුබවාදී ලෙස ප්‍රතිචාර දැක්වීම එම සාම ප්‍රයත්නය සාර්ථක වීමට බලපෑ තවත් හේතුවක් විය.”

‘නෝර්වේ රජයත් එහි පල්ලියට අනුබද්ධිත විවිධ ආයතනත් ඒකාබද්ධව තුන්වන ලෝකයේ විවිධ රටවල තම ආධාර මත කි‍්‍රයාවට නඟන ලද සංවර්ධන වැඩසටහන් ජාලයක් ඇත. විශේෂයෙන් ම ඒ ඒ රටවල ප්‍රබල සමාජ ප්‍රශ්න හඳුනාගෙන එම සමාජ ප්‍රශ්නවලට විසැඳුම් සැපයීම මූලික තේමාව කර ගනිමින් මේ බොහෝ වැඩ සටහන් ක්‍රියාත්මක වෙයි. එහෙත් නෝර්වේ ආධාර මත සිදු කෙරෙන එම බොහෝ සංවර්ධන වැඩසටහන් ක්‍රිස්තියානි මුහුණුවරක් ගෙන ඇතැයි ක්‍රිස්තියානි බහුතරය නො වන සමාජ වලින් නිතර මැසිවිලි නැඟෙ යි. හැටේ දශකයේ මැද භාගයේ දී ආරම්භ කළ ‘සීනෝර්’ වැඩසටහන නෝර්වේ ආධාර මත ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැඟුණු එක් සංවර්ධන වැඩසටහනකි.”

‘’නෝර්වේ ආණ්ඩු ක්‍රමය මඟින්ම එම රට ක්‍රිස්තියානි රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති නිසාත්, එම රටේ ධීවර කර්මාන්තය ඉතා දියුණු මට්ටමකින් ක්‍රියාත්මක වන නිසාත් ඔවුන් සීනෝර් වැඩ සටහන ආරම්භයේ දී ම යාපනය අර්ධද්වීපයේ දෙමළ ක්‍රිස්තියානි බහුතරය වෙසෙන ධීවර ගම්මාන ආශි‍්‍රතව ක්‍රියාවේ යෙදවීය. එම ගම්මාන ආශි‍්‍රත දෙමළ ජනතාවගේ ජීවන ක්‍රමයේ ආකල්පමය හා ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරවීම ඉලක්ක කර ගනිමින් එම සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක වූ අතර තෝරාගත් ධීවරයන් විශාල පිරිසක් වැඩිදුර පුහුණුව සඳහා නෝර්වේ බලා ගිය හ. එ ලෙස ගිය යාපනයේ ධීවරයන්ගෙන් බොහෝ දෙනකු නැවත ශ්‍රී ලංකාවට නො පැමිණි අතර ඔවුන් එහි ධීවර කර්මාන්තයේ යෙදෙන ස්ථිර පදිංචිකරුවන් බවට පත්ව ඇත.’’

මේ ඝාතකයා විසින් අන්තර්ජාලායට නිකුත් කරන ලද පිටු 1500 න් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔහු ගේ් අරමුණ වන්නේ, දේශීය ජනතාවට නිදහසේ ජීවත්වීමට ඉඩ සැලසීම හා යුරෝපීය ඉස්ලාම් ශුද්ධ යුද්ධයට එරෙහිවීමයි.

මේ අනුව ඇන්ඩර්ස් බ්‍රෙයිවික් ගේ් ධර්මෝන්දයට නෝර්වීජියානු සමාජය වගකිව යුතු බව පැහැදිලි නො වන්නේ ද?

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි.
07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]