| 
							
					 | 
					
						නුපුරුදු කටයුතු විමසා බලා කළ යුතු
						
						 
			 
			සමහර ජලාශවල දිය රැළි මතු වෙනවා. ඉතාම භයානක විධියට දිය රැළි එනවා. මේ 
			ගැන 
			අවබෝධයක් නැතිව දියට බසින තැනැත්තා දිය රැළි විසින් මරු වසගයට ගෙනියනු
			ලබනවා. එනිසා දිය රැළි ගැන විමසා දැන ගෙන ජලාශයට බැස්සොත් අනතුරකින්
			වැළකිය හැකියි. ඒ පළමුවෙනි බියයි. ඒ වගේම ඇතැම් ජලාශවල දිය සුළි 
			තිබෙනවා. හරිම භයානකයි. දිය සුළි ගැන නොදැන ජලාශවලට බැහැලා 
			සමහරු ජීවිත විනාශ කර ගන්නවා. ආවට්ට භය කියලා ඉගැන්නුවෙ මේ 
			දිය සුළි නිසා ඇති කරගනු ලබන භයටයි. විශේෂයෙන් නපුරු කිඹුලන් 
			සිටිනවා දැ’ යි සොයා බැලිය යුතුයි. කිඹුලෙකුට හසුවුණු කෙනෙක් බේරෙන්නේ 
			කලාතුරකින්. කිඹුලන්ගෙන් ඇතිවන බිය කුම්භීල භයයි. ඒ වගේ ම කිඹුලන් 
			නොවන, අපේ ජීවිතවලට හානි කරන වෙනත් නපුරු ජලජ සත්වයන්ගෙන් ද ජලාශයකට 
			බහින කෙනෙකුට විපත්තියකට මුහුණ දිය හැකියි. මේ බිය තමයි 
			සු සුඛා බිය කියල කියන්නෙ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					නිකිණි පුර අටවක පෝය 
					
					නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා 
					සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි. 
					07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |