ලෝක බෞද්ධ මහා සම්මේලන සමුළුවෙන්...
ලෝක බෞද්ධ මහා සම්මේලනයේ 25 වන වාර්ෂික
සමුළුව සහ 60 වන මහා සංවත්සරය ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාට රන් සම්මාන පිරිනමමින් සහ දෙස් විදෙස් සැමගේ ගෞරවයට
සහ ප්‍රසාදයට පාත්‍රවෙමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී
සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින්
පැවැත්වුණි
ඉතිරිය»
ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ දෙවන සියවස් සැමරුම
ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායට වසර දෙසීයක් පිරීම
නිමිත්තෙන් පැවැත්වෙන මහෝත්සවය ශ්‍රී කල්‍යාණි වංශ මහ නිකායේ මහ නායක
ධුරන්ධර මහෝපාධ්‍යාය අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන්
වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සුගත
බුදු ගුණය
දීපංකර බුදුපියාණන් වහන්සේගේ පාදමූලයේ පටන් බුද්ධගයා බෝධි මණ්ඩලය
දක්වාම ශාන්තව සුන්දර ගමණින් වැඩිය හෙයින්ද, ශාන්ත සුන්දර වූ නිවන් මඟට
ශාන්තවම වැඩිය හෙයින්ද, සුන්දර වූ තෙපුල් ඇතිහෙයින්ද, ශාන්ත සුන්දරවූ
රූපකායක් ඇති බැවින්ද බුදුපියාණන් වහන්සේ සුගත නම් වන සේක.
ඉතිරිය»
|