සම්බුදු
ගුණ සමුදාය
එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී
කැලණිය විශ්ව විද්‍යාලය
“බුද්ධෝහං බෝධ ඉස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණේහං තාර ඉස්සාමි
සංසාරෝගා මහබ්බයා”
යනුවෙන් තම බුද්ධත්වය ලබා සෙසු අයට ධර්මාවබෝධය ලබාදෙන්නෙමි. තමා දුකින්
අත මිදී ලෝක සත්ත්වයා ද දුකින් මුදාගන්නෙමි. සංසාරය නමැති භයංකාර වූ
මහා සාගරයෙන් තමා එතෙර වී සෙසු අයද එතෙර කරවන්නෙමි. යන පරම පවිත්‍ර
චේතනාවෙන් බෝධිසත්වයන් වහන්සේ දීපංකර පාද මූලයේ සුමේධ තාපසතුමාව
සිටියදී තම අතට පත් නිවන් සැපත අතහැර දමමින් සංසාරගමනට අවතීර්ණ විය.
භාරතයේ පහළ වූ අන් ශාස්තෘවරුන් තුළ නොවූ අප්‍රමාණ ගුණ සමුදායක්
බුදුරදුන් තුළ විය. අනෙක් ශාස්තෘවරුන් හැමවිටම තම අනුගාමික පිරිස
පිරිවරා ගනිමින් අධිකාරී බලයක් තමන් තුළ රඳවා ගනිමින් බලවතුන් ලෙස
පෙනීසිටීමට උත්සාහ දරන කල්හි බුදුරජාණන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණී
උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස පිරිවරා තම අණසක ක්‍රියාකිරීමට උත්සාහ
නොගෙන තමා තුළ පවත්නා බලයද භික්‍ෂූන් වහන්සේ ට පරවනු ලැබීය. අන් ආගමික
නායකයින් ප්‍රශ්න කරනවාට කිසිවිටෙක කැමැති නොවුන ද බුදුරදුන් සිව්වනක්
පිරිස පුරුදු පුහුණු කළේ ප්‍රශ්න කිරීම සඳහාය. චින්තනය, විමංසනය අගය කළ
උන්වහන්සේ සාම්ප්‍රදායිකව ගතානුගතිකව යමක් පිළිනොගත යුතු බවත් විමසා
සොයා බලා සත්‍ය යැයි වැටහෙන්නේ නම් පමණක් පිළිගත යුතු බවත්, එනිසා
ප්‍රශ්න කරමින් ඒ පිළිබඳව සොයාබැලිය යුතු බවත්, තම සර්වඥබව පවා එකවිට
පිළිනොගෙන ඒ පිළිබඳව පවා සැක කරමින් ක්‍රියාකිරීම වැදගත් බව ශ්‍රාවක
පිරිසට අවධාරණය කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් විය. කාලාම, විමංසක සූත්‍ර විමසා
බැලීමේ දී පුද්ගල චින්තනයට ලබා දුන් නිදහස කෙතරම් දැයි පැහැදිලි වෙයි.
බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් නිර්මල ධර්මය ලෝක සත්වයාට දේශනා කිරීම
ආරම්භ කළේ බරණැස ඉසිපතනාරාමයේදීය.
‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය,
හිතාය, සුඛාය.... යනුවෙන් ලෝකයාට යහපත පිණිස, දෙව්මිනිසුන්ට හිතසුව
පිණිස චාරිකාවෙහි හැසිරෙන ලෙස ස්වකීය අනුගාමික භික්‍ෂු පිරිස හමුවේ
බුදුරදුන් ප්‍රකාශ කළහ. නිහතමානී ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙකුගේ ස්වරූපය
උන්වහන්සේ තුළින් කදිමට පැහැදිලි වන්නේ පරෝපදේශ රහිතව සම්මා
සම්බුද්ධත්වයට පත්ව ධර්මය ගුරුතැන්හි තබා ගැනීමට ක්‍රියා කිරීමෙනි.
භික්‍ෂු පිරිස ක්‍රමයෙන් වැඩිවෙත්ම, “තාසු තාසු දිසාසු - තේසු තේසු
ජනපදේසු පබ්බාජෙථා උපසම්පාදේථ” යනුවෙන් ඒ ඒ දිශාවල ඒ ඒ ජනපද වල පැවිදි
උපසම්පදා, කිරීම භික්‍ෂූන්ට පැවරීය.
බුදුහිමි අවබෝධ කරගත් සියලු ධර්ම කොටස් ජනතාවට දේශනා කිරීම ස්වභාවය
විය. ලෞකික ලෝකෝත්තර වශයෙන් දේශනා කළ සියල්ල කිසිම අඩුවක් නැතිව
ශ්‍රාවක පිරිසට ප්‍රදානය කළා මිස පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා කිසිවක්
තබා නොගත්හ. ‘නත්ථි තථාගතෝ ආචාර්ය මුට්ටි’ යනුවෙන් තථාගතයන් වහන්සේ
දේශනා කළේ තමා තුළ ගුරු මුෂ්ටියක් නොමැතිබවයි. ආය කුශලතා, උපාය කුශලතා
වලින් පිරිපුන් බුදුරදුන් කෙසේ හෝ තම ශිෂ්‍යයන්ට ධර්මාවබෝධය ලබාදීමට
ක්‍රියා කළහ. ඒ සඳහා සතර ව්‍යාකරණ ක්‍රම, කතා කරන ක්‍රම, අන්තජ්ජාසම
ක්‍රම, උපමා මඟින් බණ කීම, දෘෂ්‍යාධාර භාවිතය, සාකච්ඡා ක්‍රමය,
ප්‍රශ්නෝත්තර ක්‍රමය, දේශනා ක්‍රමය ආදී විවිධ ශිල්පක්‍රම භාවිත කරමින්
සත්ත්වයා සත්‍යාවබෝධයට සමීප කරවීමට ක්‍රියා කළ බව පෙනේ. යථාවාදී
තථාකාරී එනම් කියන දේ කරන කරන දේ කියන බුදුරදුන් දෛනික දින චර්යාව
පෙරබත් කිස, පසු බත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස
වශයෙන් කොටස් 05 කට බෙදා පන්සාලිස් වසක් ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස
ක්‍රියා කරන්නට විය.
බුදුරදුන් ෂඩ් අසාධාරණ ඥානයන්ගෙන් දස බල ඥාන, චතුර් වෛශාරද්‍ය ඥාන,
අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්ම වලින් සමන්විතය. බුදුරදුන් තුළ පැවැති,
ෂඩ් අසාධාරණ ඥාන නම්,
1. ඉන්ද්‍රිය පරෝපරියත්ථ ඥානය
2. ආසායානුසය ඥානය
3. යමක පාටිහාරි ඥානය
4. මහා කරුණා සමාපත්ති ඥානය
5. සම්බඤ්ඤුත ඥානය
6. අනාවරණ ඥානය
දසබල ඥාන නම්,
1. ඨානා ඨාන ඥානය
2. යථා භූත විපාක ඥානය
3. සබ්බත්ථ ගාමිනී පටිපදා ඥානය
4.අනේකධාතු නානාලෝක ඥානය
5. නානාධිමුක්තිකත්ව ඥානය
6. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය
7. ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්ති ඥානය
8. පුබ්බේනිවාසානුස්සති ඥානය
9. චුතිපටිසන්ධි ඥානය
10. අශ්‍රවක්‍ෂය කර ඥානය
බුදුරදුන් තුළ පැවැති චතුර් වෛශාරද්‍ය ඥාන නම්,
1. බුදුරජාණන් වහන්සේ තමා සම්මා සම්බුද්ධ යැයි ප්‍රකාශ කළ විට එසේ නොවේ
යැයි ප්‍රකාශ කිරීමට සමත් කෙනෙකු ලොව නැත.
2. බුදුරජාණන් වහන්සේ තමා ක්‍ෂීණාස්‍රව උතුමෙකැයි ප්‍රකාශ කළ විට එසේ
නොවේ යැයි ප්‍රකාශ කිරීමට සමත් කෙනෙකු ලොව නැත.
3. මේ මේ ධර්මයෝ ස්වර්ග, මෝක්ෂ දෙකට හේතු වෙයි. මේවා හේතු නොවේ යැයි
ප්‍රකාශ කළ විට එසේ නොවේ යැයි කීමට සමත් කෙනෙකු ලොව නැත.
4. බුදුරදුන්ගේ ධර්මය නෛර්යානික යැයි ප්‍රකාශ කළ විට එසේ නොවේ යැයි
කීමට සමත් කෙනෙකු ලොව නැත.
අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්ම වලින් ද බුදුරදුන් සමන්විත විය.
අෂ්ට විද්‍යා නම්,
1. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දන්නා විදර්ශනා
ඥානය.
2. මනෝමය සෘද්ධි ඥානය
3. සෘද්ධි විද ඥානය
4. දිව්‍යසෝත ඥානය
5. පරිචිත්ත විජාණන ඥානය
6. පූර්වේ නිවාසානුස්සති ඥානය
7. දිව්‍ය චක්ශුර්හි ඥානය
8. අශ්‍රවක්ෂයකර ඥානය
පසළොස්චරණ ධර්ම නම්,
1. උත්තම ශීලය
2. ඉන්ද්‍රිය සංවරය
3. පමණ දැන වැළඳීම
4. නිදි දුරු කිරීමේ යෙදීම
5. ශ්‍රද්ධාව
6. පාපයට ලැජ්ජාවීම
7. පාපයට බයවීම
8. බහුශ්‍රැත භාවය
9. උට්ඨාන වීර්යය
10. උත්තම සිහිය
11. උත්තම ප්‍රඥාව
12. ප්‍රථම ධ්‍යානය
13. ද්විතීය ධ්‍යානය
14. තෘතීය ධ්‍යානය
15. චතුර්ථ ධ්‍යානය
ඥාන සමුදායකින් හෙබි බුදුරදුන් මහා ප්‍රඥාව සඳහා ලොව සිටින එකම
ශාස්තෘවරයාය. බුදුරදුන්ට ලොවකිසිවකු සමකළ නොහැකි හෙයින් උන්වහන්සේ අසම
නම් විය. සමකළ හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණක් හෙයින් අසමසම ලෙස
හඳුන්වයි. විනිවිද දක්නා නුවණත්, ප්‍රඥාවත් බුදුරදුන්ට පැවතුණි.
බුදුරදුන්ගේ ප්‍රඥාව උදාහරණයකින් දක්වා ඇත්තේ,
“පරඩැල්පතක්හි ලූ රත්කළ යකඩයක් සේ” යනුවෙනි.
“පුබ්බේ අනනුස්සුතේසු චක්ඛුං උදපාධි, ඤාණං උදපාධි, විජ්ජා උදපාධි,
පඤ්ඤා උදපාධි, ආලෝකෝ උදපාධි”
පෙර නොඇසූ ධර්මයක් පහළ වී ඇති බවත් ඇස, ඥානය, විද්‍යාව, ප්‍රඥාව, ආලෝකය
උදා වී ඇති බවත් පැහැදිලි කරන සම්මා සම්බුද්ධත්වයට පත් වූ
බුදුහිමියන්ගේ තේජවන්තභාවය ලොව කිසිඳු ශාස්තෘවරයකු තුළින් නොපෙනේ.
දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් අසූවක් අනූ ලක්‍ෂණ වලින් සමන්විත
බුදුරදුන් ලොව පහළ වූ උත්තරීතර මනුෂ්‍ය රත්නයක් වෙයි. උන්වහන්සේගේ
උත්තරීතර මනුෂ්‍යත්වය ද්‍රෝණ සූත්‍රය පිරික්සීමේ දී පැහැදිලි වෙයි.
එහිදී බුදුහිමියන් ද්‍රෝණ බමුණාට ප්‍රකාශ කර සිටින්නේ,
‘බුද්ධෝති මං බ්‍රාහ්මණ ධාරේති’
‘බුද්ධ’ යන වචනය තමන් වහන්සේ හැඳින්වීමට ඉතාමත් සුදුසු බවයි.
බුදුරදුන්ගේ උත්තරීතර මනුෂ්‍යත්වය, පද්මයක මාවෙන් පැහැදිලි කරන්නේ,
නෙළුම් මලක් දියෙහි ඉපිද දියෙහි හැදී වැඩී දියෙන් ඉස්මතු වී දියෙහි
නොගෑවී පවතින්නාක් මෙන් බුදුරදුන් ද සාමාන්‍ය මිනිසුන් අතර ඉපිද
සාමාන්‍ය මිනිසුන් අතර හැදී වැඩී දැන් සාමාන්‍ය මිනිසුන් හා නොගැටී
නොගෑවී සිටින බවත් ය. එනිසා උත්තරීතර මිනිසා යන වචනය බුදුහිමි
හැඳින්වීමට උචිතය.
ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන අටලෝදහමින්
කම්පාවට පත් නොවූ බුදුරදුන් ස්වකීය ශ්‍රාවක සංඝයාට පියෙකු සේ ක්‍රියා
කළ බව පැහැදිලිය.
“පරි පක්කෝ වයෝ මයිහං
පරිත්තං මම ජීවිතං
පහාය වෝ ගමිස්සාමි
කථං වෝ සරණ මත්තනං”
යනුවෙන් දේශනා කර සිටියේ, දැන් මම මහළු වී සිටිමි. ජීවිතයෙහි අවසන්
මොහොතට පැමිණ සිටී. නුඹලා වෙනුවෙන් කළයුතු කාර්යය සිදුකර ඇත්තෙමු.
යන්නයි. මේ ප්‍රකාශය මරණාසන්න වූ පියෙකු තම දරුවන් අමතා කරන ප්‍රකාශයක්
හා සමානය.
බුදුහිමියන් තුළ පැවැති ගුණ සමුදාය ලොව කිසිදු නායකයෙකුට,
ශාස්තෘවරයෙකුට සමකළ නොහැකිය. බුදුහිමියන් ආගමික සහනශීලී ප්‍රතිපදාව
ක්‍රියාත්මක කරන්නට විය. අන්‍ය ආගමික මත ඉවසමින් ක්‍රියාකළ උන්වහන්සේ
ඒවාට ගරු කරමින් එම ආගමික නායකයින්ගේ ආරාම වලට පවාගොස් ඉතා සුහදව
සාකච්ඡා සිදුකරන්නට විය. යම් ආගමක නිවැරදි අදහසක් ප්‍රකාශ කරන්නේ නම්
එය ගෞරවයෙන් පිළිගන්නට පසුබට නොවිණි.
නිගණ්ඨනාථපුත්තතුමාගේ අනුගාමික පිරිස වැසි සමයේ පයට පෑගී කුඩා සතුන්
මරණයට පත්වන නිසා එක් ස්ථානයක වැඩසිටීම අගය කළ බුදුහිමි තම ශ්‍රාවක
සංඝරත්නයට වැසි සමයේ වස් විසීමට අනුදැන වදාළහ. එසේම යම් ආගමක් විසින්
වැරදි මත අර්ථකථන ඉදිරිපත් කරන විට බුදුහිමියන් ඊට විරුද්ධ වූහ.
ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් නැතැයි ප්‍රකාශ කළ පූර්ණ කස්සප, පකුධ කච්ඡායන,
මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල යන ශාස්තෘවරුන්ට බුදුරදුන් පෙන්වා දුන්නේ,
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි,
චේතයිත්වා කම්මං කරෝති
කායේන වාචාය මනසා”
යනුවෙන් චේතනාව මුල්කරගෙන සිදු කරනු ලබන කායික මානසික ක්‍රියාවන්ගේ
ප්‍රතිඵල පවතින බවයි. මේ අනුව අන්ශාසතෘවරයින්ට වඩා කැපීපෙනෙන ගුණ
කදම්බයකින් සම්මාසම්බුදු රජාණන් වහන්සේ සමන්විත බව පැහැදිලිය. |