බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පැතීමේ ලේක්හවුස් පින්කමෙන් 
			... 
			 
 
			
				
					
					  
					ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනිධුර කාලයේ ආරම්භය සහ 
					එතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් 
					ප්රවෘත්ති පත්‍ර සමාගමේදී ඉකුත් 17 වැනිදා ජනාධිපතිතුමාට සහ 
					රටට සෙත් පතා පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසු දා 66 නමක් 
					විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. ඔක්තෝබර් මස 21 
					වනදා සිට නොවැම්බර් 17 වනදා දක්වා සතියේ සෑම දිනකම කොළඹ කොටුව 
					ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී බෝධි පූජා පින්කම් මාලාවක්ද 
					සිදු කැරිණි. පිරිත් දේශනාව සඳහා දැහැත් වට්ටිය ශ්‍රී ලංකා 
					බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය 
					ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් ඇතුළු මහ සඟරුවන වෙත ලංකාවේ 
					සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ 
					මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් පිළිගන්වා ආරාධනා කළ 
					අවස්ථාව. ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර 
					නාහිමියෝද මෙහි වෙති. | 
				 
				
					| 
					 
					  
					පින්කමට වැඩම කළ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය 
					කුඹුරුගමුවේ වජිර හිමියන් සහ දිවියාගහ යසස්සි නාහිමියන් ඇතුළු 
					සඟරුවන.   | 
				 
				
					| 
					 
					  
					සංඝගත දක්ෂිණාවට වැඩම කළ සඟරුවනින් කොටසක්  | 
				 
				
					| 
					 
					  
					පිරිත් දේශනාව ශ්‍රවණය කළ පිරිසෙන් කොටසක්. පාර්ලිමේන්තු 
					මන්ත්‍රිනී මාලනි ෆොන්සේකා මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී 
					තිලංග සුමතිපාල මහතා සහ ලේක්හවුස් සභාපති ඇතුළු ලේක්හවුස් 
					සේවක සේවිකාවෝ මෙහි වෙති. 
   | 
				 
				
					| 
					 
					  
					එම අවස්ථාවට ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ 
					කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් , නීති අධ්‍යක්ෂ රසාංග 
					හරිස්චන්ද්‍ර සාමාන්‍යාධිකාරි අභය අමරදාස , සමාගමේ ලේකම් 
					කුමුදු ගුණවර්ධන , බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා, යන 
					මහත්ම මහත්මීහු ඇතුළු ලේක්හවුස් බෞද්ධ සංගමයේ නිලධාරිහු ඇතුළු 
					ලේක්හවුස් සේවක සේවිකාවෝ විශාල පිරිසක්ද සහභාගි වූහ. 
   | 
				 
				
					| 
					 
					  
					දානය පිරිනැමීමට සහභාගි වූ පිරිසෙන් කොටසක්.  | 
				 
			 
		 | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					ඉල් අව අටවක පෝය 
					
					ඉල් අව අටවක පෝය නොවැම්බර් 28 වනදා ඉරිදා 
					අපරභාග 03.08 ට ලබයි. 
					29 වනදා සඳුදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා ඉරිදාය. 
					මීළඟ පෝය  
					දෙසැම්බර් 05 වනදා ඉරිදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |