කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මෙහෙයවන ආගමික වැඩසටහනක් 17 දා ගාල්ලේ දී
ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ හා වැඩිහිටි ජනතාවගේ සිත් සතන් ආගම දහමට
නැඹුරු කිරීමේ අරමුණ ඇතිව ‘නිවී පහන් වී සිත් සැනසේවා’ නමින්
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන් මෙහෙය වන ආගමික වැඩසටහනක් මෙම මස 17 වන
දින ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී එදින පෙරවරු 7.00 සිට පස්වරු 4.30
දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉතිරිය»
ඉතාලියේ ෆිරෙන්සි සමාධි විහාරස්ථානය දස වස පිරූ වගයි
ඉතාලියෙහි ෆිරෙන්සි නගරයෙහි සමාධි
විහාරයට වසර දහයක් සපිරීම නිමිත්තෙන් සුබාශිංසන
ඉතිරිය»
ධර්ම දේශනාව:
පොළොවට දිරා යන දරකඩ
දැවයෙන් වැඩ ගන්නා අය
වනයට ගොස් අවශ්‍ය දැව දඬු සපයා ගනිති. තමන්ට සුදුසු නොවන දැව දඬු ඔවුන්
වනයේම දමා යන අතර එම දැව දඬු කිසිවකුත්
ප්‍රයෝජනයට නොගන්නා බැවින් වනයේම දිරා පොළොවට පස් වෙයි. එමෙන්ම මෙම
ශරීරයෙන් ද
කිසිවකුටත් වැඩක් නැති බැවින් පොළොවට පස් වන බව
බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක.මෙම ගාථාව පූතිගත්ත තිස්ස තෙරුන්
වහන්සේට මහා
කාරුණිකයාණන් වහන්සේ දේශනා
කිරීමෙන් පූතිගත්තතිස්ස
තෙරුන්වහන්සේ අර්හත්භාවයට
පත් වූහ.
ඉතිරිය»
|