චීවර මාසයේ
දත යුතු තොරතුරු
බටුගොඩ උතුර ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි
‘කඨිනය’ යනුවෙන්
හඳුන්වන්නේ කුමක්ද?
මෙම වචනයේ අර්ථය ගත් විට හැඩි දැඩි, කඨෝර, ශක්තිමත් යන අර්ථ ගෙන දෙයි.
මහ මෙර සෙලවුණත්, මහ පොළව කම්පිත වුණත්, වජ්ර පර්වතය සිඳී බිඳ දැමුවත්,
කඨින පූජාවෙන් ලබන ආනිශංස නොසිඳෙයි. ආනන්තරිය පාප කර්ම හැර වෙනත්
අකුසලයකට
යටපත් කළ නොහැකි නිසා ද ‘කඨිනය’ නමින් හඳුන්වයි.
ථෙරවාදී බෞද්ධ රටවල උපසම්පදා භික්ෂූන් වහන්සේ වස්සාන සෘතුවේ දී වස්
සමාදන් වෙති. එය බුදුරදුන් විසින් පණවන ලද ප්‍රඥප්තියකි. භික්ෂූ
සංඝයාගේ සියලු කටයුතු පදනම් වී ඇත්තේ යම් යම් සම්ප්‍රදායන් සහ එම
සම්ප්‍රදායන් කඩ කරන්නවුන්ගෙන් ආරක්ෂා කැර ගැනීම සඳහා පනවන ලද නීතිරීති
සමූහයක් අනුවයි. එම නීතිරීති පැනවීමේදී මානව නිදහස අහිමි නොකර,
ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්මයන් සුරැකෙන පරිදි ඒවා පනවා තිබෙන අයුරු
විචාරාත්මකවැ බලන විට පෙනෙයි. එසේම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුරැකෙන
පරිදිත්, සංඝයාගේ සාමග්ගිය සුරැකෙන පරිදිත් මෙම සියලු නීතිරීති
කොන්දේසි ප්‍රඥප්තීන් පනවා ඇත.
සංඝ කර්ම වලදී ඔවුනොවුන්ගේ සිත් රිදවීම්, නොයෙකුත් වාද බේද නොමැතිවැ ඒ
ඒ අවස්ථානුකූ®ලව කටයුතු කිරීම පිණිස ධර්මය විසින් හැඩ ගසා ඇත. එසේම එය
සංඝයාගේ චිර පැවැත්මට ද සමගියට ද ඉවහල් ව ඇති වස් පවාරණය ද එවැනි සංඝ
කර්මයකි. වස්තුන් මස තුළ හොඳින් වස් ආරක්ෂා කැර ගැනීම භික්ෂූව සතු
වගකීමකි. වස්සාන සෘතුව මාස හතරක් වුවත්, වස් විසීම තුන් මාසයකින්
නිමාවට පත් වෙයි. ඉතිරි මාසය චීවර මාසය වශයෙන් හැඳින්වේ. වස් වසන ලද
භික්ෂුව වස් අවසානයේ සංඝයා මධ්‍යයට එළඹ ඇවැත් දෙසා පිරිසිදු වී
වැඩිහිටි තෙරුන් ඉදිරියේ උක්කුටිකයෙන් සිට දොහොත් මුදුනෙහි තබාගෙන
‘සංඝංභන්තේ පවාරේම්, දිට්ඨෙනවා, සුතේනවා, පරිසංකායවා වදතුමං භන්තේ සංඝො
අනුකම්පං උපාදාය පස්සන්තෝ පටික්කරිස්සාමි’ යනුවෙන් ‘ස්වාමීනි, මා
විසින් කරන ලද වරදක් දැකීමෙන්, ඇසීමෙන්, සැකයෙන් හෝ ඇත්නම් පෙන්වා දෙනු
මැනවි’ යනුවෙන් පැවරීමක් කරයි. පවරාණය වශයෙන් සළකන්නේ මෙම විනය
කර්මයයි. පවාරණයෙහි විවිධ ප්‍රභේදයන් ඇත. ඒවා විස්තර කිරීම මෙම
ලිපියෙහි අරමුණ නොවේ. කෙසේ වෙතත් කඨින චීවරයක් ලැබිය හැකි වන්නේ මහා
පවාරණයෙන් පවාරණය කළ භික්ෂූවකට පමණි. වස් කාලයේ සුවිශේෂී අවස්ථාව වන්නේ
චීවර මාසයයි. කඨින චීවර පූජාව අට මහ කුසල් වලින් පළමුවැන්න වේ. ඒ නිසාම
බෞද්ධ පින්වතුන් එයට විශේෂ උනන්දුවක් දක්වති.
‘කඨිනය’ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මෙම වචනයේ අර්ථය ගත් විට හැඩි
දැඩි කඨෝර ශක්තිමත් යන අර්ථ ගෙන දෙයි. මහ මෙර සෙලවුනත්, මහ පොළව කම්පිත
වුනත්, වජ්ර පර්වතය සිඳී බිඳ දැමුවත්, කඨින පූජාවෙන් ලබන ආනිශංස
නොසිදෙයි. ආනන්තරිය පාප කර්ම හැර වෙනත් අකුසලයකට හෝ කුශලයකට යටපත් කළ
නොහැකි නිසාද ‘කඨිනය’ නමින් හඳුන්වයි. ‘දේවේනවා, මනුස්සේනවා, පංචන්නංවා
සහ ධම්මිකානං අඤ්ඤතරේන දින්නං වට්ටති...’ යනුවෙන් දෙවියකු, මනුෂ්‍යයකු,
භික්ෂුවක, භික්ෂුණියක, සාමණේරයකු, සාමණේරියක, ශිෂ්‍යමානවකයකු යන අය
විසින් දෙන වස්ත්‍රය කඨිනය සඳහා සුදුසු වේ. කඨිනය සඳහා චීවරයක් හෝ
වස්ත්‍රයක් පිදිය හැක. වස්ත්‍රයක් නම් එදිනම සිව්රක් මසා අධිෂ්ඨාන කළ
යුතු බැවින් අරුණට පෙර පූජා කළ යතුය. සිව්රක් නම් ‘ඉමං කඨින චීවරං
භික්ඛු සංඝස්ස දේම’ යනුවෙනුත් වස්ත්‍රයක් නම් ‘ඉමං කඨින දුස්සං භික්ඛු
සංඝස්ස දේම’ යනුවෙනුත් කියා සඟ සතු කළ යුතුය.
හැදීම පෙරවීම සැළකිය යුතු කරුණු දෙකකි. එය විනයානුකූලවම කළ යුතුය. එසේ
නොකරන පැවිද්දා නිතර වැරදි කරන්නෙක් බවට පත්වේ. හැදීම, පෙරවීම, පිළිබඳ
ප්‍රධාන ශික්ෂා පද හරතක් ඇත. එනම්, 1. පරිමණ්ඩලං නිවාසෙස්සාමීති, 2.
පරිමණ්ඩලං පාරුපිස්සාමීති, 3. සුපටිච්ඡන්නෝ අන්තරඝරේ ගමිස්සාමීති, 4.
සුපටිච්ඡන්නෝ අන්තරඝරේ නිසිදිස්සාමීති යනුවෙනි. තැන්තැන් වලින් උස්
පහත් නොවන සේ එකම මට්ටමට සිටින සේ හැදීම, එක පැත්තක් පහත් වන ආකාරයට
නොඇඳීම, මැනවින් සිවුරෙන් ශරීරය වසාගෙන බැහැර ඇවිදීම, මැනවින් ශරීරය
සිවුරෙන් වසාගෙන ගමෙහි ඉඳීම යනු එම කරුණු හතරයි.
බුදුරජාණන් වහන්සේ පැවිද්දන් සඳහා සිවුරු නවයක් අනු දැන වදාරා ඇත.
එයින් සංඝාටිය, උත්තරාසංඝය, අන්තරවාසිකය යන තුන් සිවුර ප්‍රධාන වේ.
අන්තරවාසකය යනු අඳනයයි. උත්තරාසංඝය යනු උඩු කය වසනු පිණිස පෙරවන
සිවුරයි. සංඝාටිය වනු පිටත වඩින විට සිරුර හොඳින් වසා ගනු පිණිස පෙරවන
සිවුරයි. දැනට තුන් සිවුර යනුවෙන් භාවිතා කරන්නේ මේවායි.
සිවුරුවල ප්‍රමාණය - භික්ෂූන් වහන්සේ පාවිච්චි කරන චීවරය බුද්ධ චීවරයට
වඩා ප්‍රමාණයෙන් කුඩා විය යුතු වෙයි. එනම් දිගින් සුගත් වියතින් නවයක්
සහ පළලින් සුගත් වියතින් හයකට වඩා අඩුවිය යුතුය. සුගත් වියත යනු වඩු
රියන් එක හමාරකි. ඒ අනුව අද එවැනි විශාල චීවරයක් දැරීමට කිසිවකුටත්
අවශ්‍ය වේය’ යි සිතිය නොහැකි ය. ඉතා කුඩා චීවරයක් නම් ඉහතින් දැක් වූ
සුපටිච්ඡන්න, පරිමණ්ඩල ශික්ෂා පද රැකීමට අපහසු වේ. ඒ නිසා තම තමන්
වහන්සේලාගේ ශරීර ප්‍රමාණයන් අනුව චීවරය සකස් කැර ගැනීම නිවැරදියි. අඳන
ය සඳහා දිගින් පස් රියනක් සහ පළලින් රියන් දෙක හමාරක් සුදුසු වේ.
තනිපට, දෙපට චිවර සඳහා දිගින් රියන් පහ හමාරක්ද, පළලින් රියන් හතර
හමාරක්ද වීම සුදුසුය. පස්කඩ, සත්කඩ, වශයෙන් සිවුරු කපා මසා ගත යුතුය.
පසළොස්කඩ, අසූකඩ වශයෙන්ද සිවුරු මසා ගනිති. පාංශකූ®ල රෙදි වලින් චීවර
මසා ගන්නේ්නම් කැමති පරිදි මසා ගැනීම අනුදැන වදාරා ඇත. එහෙත් අලංකාරය
පිණිස කිසිදු මැස්මක් නොකළ යුතුය. අංසකඩය යනු ඩහදිය උරා ගැනීමට අදින
පිරිකරකි. එය ඇතැම් දෙනා බැනියමක් ආකාරයට මසා ගනිති. එය විනයානුකූල
නොවේ. ‘න තඤ්චුකං ධාරේතබ්බං’ යනුවෙන් එය ප්‍රතික්ෂේප කැර ඇත.
චීවර සඳහා වස්ත්‍ර- අනුජානාමි භික්ඛවේ ඛෝමං, කෝසෙය්‍යං, කප්පාසිතං,
කම්බලං, ඝාණං, භංගං... යනුවෙන් අනුදැන වදාළ පරිදි, ‘ඛෝම’ නම් ගසෙහි
කෙඳි වලින් වියන වස්ත්‍ර, කපු නූල් වලින් වියන වස්ත්‍ර, පට නූලෙන් වියන
වස්ත්‍ර, මිශ්‍ර නූලෙන් වියන වස්ත්‍ර සහ මේවාට සමාන වෙනත් වස්ත්‍ර වර්ග
ද සුදුසු වේ. හිසකෙස්, පියාපත්, සම් වර්ග ආදියෙන් කළ වස්ත්‍ර අකැපය.
චීවරයෙහි පැහැය - මෙකල භික්ෂුන් වහන්සේ විවිධ පැහැයෙන් යුතු චීවර
පෙරවති. සිවුරෙහි තිබිය යුතු පැහැය පිළිබඳ විනායානුකූලව බැලීම වඩාත්
සුදුසුය. නිල්, කහ, රතු මදටිය, කළු, පැත්තෑයන්ගේ පිටෙහි පැහැය, ඉදුණු
කොළ වල පැහැය, යන මෙම පැහැයන්ගෙන් යුතු වස්ත්‍ර අකැපය. මෙවැනි පාට ඇති
චීවර ඇත්නම් එම පැහැය වෙනස් කැර ගත යුතුය. එසේ කිරීම අපහසු නම්,
ඇතිරිලි වැනි දෑ සඳහා ප්‍රයෝජනයට ගත යුතුය. චීවරයේ පැහැය මිශ්‍ර
වර්ණයන් විය යුතුය. කළු, රතු, කහ පැහැයන් මිශ්‍ර වී ඇතිවන පාට නුග
ගසෙහි පොතු තම්බා ගැනීමෙන් ලබා ගත හැකිය. එම පැහැය චීවරයට වඩාත් උචිත
වේ. එවැනි පැහැය ඇති වස්ත්‍ර වෙළඳපොලේ ඇත. එම පැහැය නිසා චීවරය
ඉක්මණින් කිළිටි නොවේ. නිතර පඬු පෙවීම අවශ්‍ය නොවේ. අලංකාරය නිසා ඇතිවන
තෘෂ්ණාව වැනි කෙළෙස් ඇති නොවේ. දුරට නොපෙනෙන බැවින් අන්තරායන් අඩුවේ.
මැසි මදුරුවන්ට ද අපි‍්‍රය වර්ණයක් බැවින් එවැනි උවදුරු ද ඇති නොවේ.
චීවර පඬු පෙවීම සඳහා ගත යුතු වන්නේ, ගසෙහි මුල්, කඳ පොතු, කොළ, මල්,
ගෙඩි යන කොටස්ය. මෙකල තමන්ට අවශ්‍ය වර්ණයක් සකස් කැර ගැනීමට සුදුසු පඬු
වර්ග වෙළෙඳපෙලේ ඇත.
උතුම් චීවරය - චීවර අතුරෙන් උතුම් චීවරය කඨින චීවරයයි. එය අට මහා කුසල
කර්ම වල පළමුවැන්නයි. එහි ඇත්තේ මුල්‍යමය වටිනාකමකට වඩා විනයානුකුල
වටිනාකමකි. කඨිනයක් පිදිය හැකි වන්නේ එක වර්ෂයක එක ස්ථානයක එකක් පමණි.
සේදීම, නූල් ගසා කඩ වෙන් කිරීම, මැසීම, පඬු පෙවීම, කප් බිංදු තැබීම
ඤත්තිය දෙවැනිකොට ඇති කර්ම වාක්‍යයක් මගින් භික්ෂුවකට පවරාදීම වැනි
කරුණු රැසක් සිදුවෙයි.
කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් - 1. පක්කමංතිකා, නිට්ඨානන්තිකා,
නාසන්තිකා, සන්නිට්ඨානන්තිකා, සවනන්තිකා, ආසාවච්ජේදිතා,
සීමාතිත්කංතිකා, සහුබ්භාරා යන මෙම කරුණු පිළිබඳ නොදන්නා භික්ෂුව කඨින
චීවරයක් ලැබීමට සුදුස්සකු නොවේ.
කඨින චීවරය නිසා ලැබෙන වරප්‍රසාද- විහාරයෙහි වසන භික්ෂූන්ගෙන් නොවිමසා,
ගෙවල් වලට යාමට කඨිනය ලද භික්ෂුවට හැකියාව ලැබෙයි. අඨිෂ්ඨාන කැර ගත්
තුන් සිවුරෙන් වෙන්වැ රාත්‍රිය ගත කිරීමට හැකියාව ලැබෙයි. ගණභෝජනය
වැළදීමෙන් සිදු වන ඇවත සිදු නොවේ. දස දිනකට වඩා අතිරේක චීවර දැරීමෙන්
සිදුවන ඇවතින් නිදහස් වේ. විහාරයට ලැබෙන වස්ත්‍ර, චීවර, ආදියෙහි අයිතිය
කඨිනය ලද භික්ෂුවට හිමි වේ. මෙම ආනිසංශයන් ලබා ගත හැකි වන්නේ කඨින
චීවරය ලැබූ දිනයේ සිට හේමන්ත සෘතුවේ අවසන් දිනය වූ මැදින් පුර
පසළොස්වක් දිනය දක්වා පමණකි.
චීවරයක තිබෙන මහා බලය - චණ්ඩාශෝක නමින් හැඳින්වූ අශෝක රජතුමා දැහැමියකු
බවට පත් වූයේ චීවරයක් දැරූ කුඩා සාමණේරයකු දැකීමෙන්ය. එය චීවරයට එක්වූ
ආධ්‍යාත්මික බලයයි. ගැමුණු කුමරු සහ තිස්ස කුමරු අතර සටන් ඇති වන්නට යන
විට භික්ෂූන් පන්සියයක් එහි වැඩම කැර, සමථයට පත් කළහ. ගැමුණු කුමරු
පැවසුවේ ‘ඔබ වහන්සේලා වැඩම කළේ කුමටද? සත් හැවිරිදි සාමණේර නමක්
පැමිණියත් අප අතර සටනක් නොවන්නේය’ යනුවෙනි. එය ද චීවරයේ අසීමිත බලයයි.
චීවරයක් දැරූ භික්ෂුව සිංහ රාජයකු සේ එඩිතරය. ස්වර්ණ හංසයකු මෙන්
නිදහස්ය.
‘අනික්තසාවෝ කාසාවං - යෝ වත්තං පරිදහෙස්සතී
අපේතෝ දමසච්චේන - නසෝ කාසාවමරහතී
(ථෙරගාථා)
චීවරය දැරීමට සුදුස්සෝ - කෙළෙස් කසට දුරුකැර ඇත් ද, ශීලයෙන් යුක්ත වේද,
ඉන්ද්‍රිය දමනයෙන් සහ සත්‍යයෙන් යුක්ත වේද, හෙතෙම චීවරයට සුදුසු වේ.
යමෙක් සිල්වත් වේද, දුරු කරන ලද රාග ඇත්තේ ද, යහපත් සිතක් සහ යහපත්
කල්පනාවක් ඇත්තේ ද හෙතෙම චීවරයක් දැරීමට සුදුස්සකු වේ.
|