කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්
ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය
නිමිත්තෙන් නොවැම්බර් 1 දා ඇරැඹි ධර්ම දේශනා පින්කම් මාලාව ජනවාරි 2
වැනිදා දක්වා දිනපතා රාත්‍රි 7 ට පැවැත්වේ.
ජනවාරි 3 දා සිට ජනවාරි 6 වැනිදා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාව
පැවැත්වේ.
ජනවාරි 7 දා උඩමළුවේ පෙරහරද , 8 වැනිදා රාත්‍රි 8.30 ට දෙවැනි වීථි
පෙරහරද 9 දා රාත්‍රි 9 ට මහ පෙරහරද පැවැත්වේ. 10 දා පෙරවරු 8 ට ගුවන්
විදුලි ධර්ම දේශනාව මහාචාර්ය දේවාලෙගම මේධානන්ද හිමි එදින රාත්‍රි 7 ට
ධර්ම දේශනාව පානකාවේ පේමරතන නා හිමි, ජනවාරි 10 වැනිදා රාත්‍රී
පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ. දෙසැම්බර් 26 වැනිදා සිට දිනපතා
රාත්‍රි 7 ට ධර්ම දේශනා පවත්වනු ලබන දේශකයන් වහන්සේලා මෙසේයි.
26 දා මහාචාර්ය දේවාලෙගම මේධානන්ද හිමි, 27 දා රත්කරව්වේ පේමානන්ද
හිමි, 28 දා නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි , 29 දා දර්ශනපති කොස්වත්තේ
අරියවිමල හිමි, 30 දා ගෝණදෙණියේ පඤ්ඤාරතන හිමි, 31 දා ආචාර්ය
නාබිරිත්තන්කඩවර ඤානරතන හිමි, ජනවාරි 1 දා කොටුගොඩ ධම්මාවාස අනු
නාහිමි, 2 දා බලබෝවේ විමලකිත්ති හිමි, එම දහම් දෙසුම් පවත්වනු ලැබේ. |