Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් නොවැම්බර් 1 දා ඇරැඹි ධර්ම දේශනා පින්කම් මාලාව ජනවාරි 2 වැනිදා දක්වා දිනපතා රාත්‍රි 7 ට පැවැත්වේ.

ජනවාරි 3 දා සිට ජනවාරි 6 වැනිදා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ.

ජනවාරි 7 දා උඩමළුවේ පෙරහරද , 8 වැනිදා රාත්‍රි 8.30 ට දෙවැනි වීථි පෙරහරද 9 දා රාත්‍රි 9 ට මහ පෙරහරද පැවැත්වේ. 10 දා පෙරවරු 8 ට ගුවන් විදුලි ධර්ම දේශනාව මහාචාර්ය දේවාලෙගම මේධානන්ද හිමි එදින රාත්‍රි 7 ට ධර්ම දේශනාව පානකාවේ පේමරතන නා හිමි, ජනවාරි 10 වැනිදා රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ. දෙසැම්බර් 26 වැනිදා සිට දිනපතා රාත්‍රි 7 ට ධර්ම දේශනා පවත්වනු ලබන දේශකයන් වහන්සේලා මෙසේයි.

26 දා මහාචාර්ය දේවාලෙගම මේධානන්ද හිමි, 27 දා රත්කරව්වේ පේමානන්ද හිමි, 28 දා නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි , 29 දා දර්ශනපති කොස්වත්තේ අරියවිමල හිමි, 30 දා ගෝණදෙණියේ පඤ්ඤාරතන හිමි, 31 දා ආචාර්ය නාබිරිත්තන්කඩවර ඤානරතන හිමි, ජනවාරි 1 දා කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි, 2 දා බලබෝවේ විමලකිත්ති හිමි, එම දහම් දෙසුම් පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.