[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුරුම රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ පස්නමකගෙන් සමන්විත විශේෂ දූත පිරිසක් දිවයිනට

බුරුම රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ පස්නමකගෙන් සමන්විත විශේෂ දූත පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සහ මියන්මාරය (බුරුමය) අතර පවතින දීර්ඝකාලීන ආගමික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, බුරුම රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ පස්නමකගෙන් සමන්විත විශේෂ දූත පිරිසක් පසුගියදා (21) දිවයිනට පැමිණියහ.

බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රහය සහ මෙහෙයවීම මත සිදුවන මෙම සංචාරය, මෙරට ශාසනික ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කිරීමට නියමිත ය.

මෙම සංචාරයට සමගාමී ව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 163 වැනි නිකාය දිනය සහ 140 වැනි ආදිකර්තෘ ගුණානුස්මරණය වෙනුවෙන් ජනවාරි 29 වැනි දා පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරයේ දී විශේෂ උත්සවයක් ද පැවැත්විණි. එදින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුළෑවේ ශ්‍රී විමල මහානායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තාක්ෂණික දායකත්වයෙන් සහ බෞද්ධාලෝක පදනමේ අනුග්‍රහයෙන් සංරක්ෂණය කරන ලද ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරය සතුව පැවති ඓතිහාසික පුස්කොළ පොත් සමුච්ඡය නැවත විහාරස්ථානයට භාරදීම සහ ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් පොත්ගුල විවෘත කිරීම සිදු කෙරිණි.

නවම්  පුර පසළොස්වක

පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ.
01 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]