ධර්මයේ
අර්ථ
දැන...
තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළහ. මහණෙනි, සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇති, සර්පයන්
සොයමින් ඇවිදින පුරුෂයකු මහත් වූ සර්පයකු දකියි. ඔහු ඒ සර්පයා එළුකුරයක් වැනි
දණ්ඩකින් තද කරගෙන බෙල්ලෙන් අල්ලා ගනී. එවිට ඒ සර්පයා ඔහුගේ අත හෝ බාහුව හෝ ශරීරයේ
වෙනත් කොටසක් හෝ වෙළා ගනී. එසේ වුවත් ඒ හේතු කොටගෙන ඔහු මරණයට හෝ මරණ මාත්‍ර දුකකට
හෝ පත් නොවේ. කවර හෙයින්ද? සර්පයා මැනවින් අල්ලාගත් බැවිනි.
මහණෙනි එසේ යමෙක් ධර්මය මැනවින් ඉගෙන, නුවණින් පරීක්ෂා කරමින් කල් ගෙවන්නේ නම් ඒ
ධර්මයාගේ ඒ ඒ ඵලයන් ලබති. ඒවා දිගු කලක් හිත පිණිසත්, සුව පිණිසත් පවතී.
මහණෙනි, එබැවින් මා දෙසූ ධර්මයෙහි අර්ථය දන්නේ නම් එය එසේම දරන්න. අර්ථය නොදන්නේ
නම් එහි අර්ථය මගෙන් අහන්න. නො එසේ නම් ව්‍යක්ත වූ භික්ෂූහු වේ නම් ඔවුන්ගෙන් හෝ
විමසන්න.
මජ්ඣිම නිකායේ
අලගද්දූපම සූත්‍රය
ඇසුරිනි |