ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2024 නොවැම්බර් 15 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශාස්ත්රපති ගලගෙදර රතනවංස හිමි
වයඹ පළාතට ම ජාතික, ආගමික, සාමාජීය, සංස්කෘතික, ශාසනික වශයෙන් සුවිසාල සේවාවන් රැසක් සිදු කරන අධිටනින් “වයඹ සසුන්කෙත මහා සංඝ සභාව” ආරම්භ වන්නේ 2023 ජූනි 31 වැනි දින ඉපලෝගම ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ රාජ මහා විහාරස්ථාන සදහම් මැඳුරේ දී ය.
කාලීන වශයෙන් විහාරස්ථානවල හා මහා සංඝයා වහන්සේ අතර ප්‍රශ්න ගැටලු බොහෝමයක් පැන නැඟී තිබේ. ප්‍රධාන වශයෙන් බුදුරදුන්ගේ දේශනය අනුව සංඝ සාමග්‍රිය ගොඩනැඟීම, අප සංඝ සභාවෙන් සිදු වන සුවිශේෂී මෙහෙවරකි. කිසිදු බේදයකින් තොරව, සියලු නිකායන් නියෝජනය කරමින්, ක්‍රියාශීලී සාමාජික භික්ෂු පිරිස පනස් නමකටත් අධික ව වැඩ සිටීම අප ලද ලොකුම ජයග්‍රහණයකි. ප්‍රධාන සංවිධායක හා අනුශාසක, ප්‍රධාන සභාපති, ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික යන ධුරයන් හොබවන්නේ සම්භාවනීය සඟ මඬුල්ලකි.
ශාසනික, සාමාජීය සේවාවන් රැසක් සිදු කරන “වයඹ සසුන්කෙත මහා සංඝ සභාව” තුළ ඇති එකමුතු බව නිසා ම සංඝ සභාව ආරම්භ කොට කෙටි කාලයක් තුළ විශාල සේවාවන් රැසක් සිදු කිරීමට අවස්ථාව උදා විය. ඉදිරි කාලය තුළ ලංකාව පුරාවට ම තවත් වැඩ සටහන් බොහොමයක් දියත් කිරීමට සංවිධාන කටයුතු කරමින් පසුවෙන වයඹ සසුන්කෙත මහා සංඝ සභාව වයඹ පළාතේ පමණක් නොව ලක්දිව පුරාම තව තවත් බැබළේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනය යි.
නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 15
අව අටවක
නොවැම්බර් 23
අමාවක
නොවැම්බර් 30
පුර අටවක
දෙසැම්බර් 08
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]