[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර පසළොස්වක පෝ දා 2024-11-15

නීරෝගි සිත

බොහෝ දෙනෙක් නීරෝගි බව ගැන කී පමණින් කායික රෝග පිළිබඳ සිතති. සත්‍ය නම් කය සේ ම සිත ද රෝගී වන බව ය. බොහෝ ශාරීරික රෝගයන්ට ද සිත ලෙඩවීම බලපායි. එහෙයින් සිත නීරෝගී ව තබා ගන්නට ප්‍රමුඛත්වය දිය යුතු ව තිබේ. එය කාලීනව ද දැඩි අවශ්‍යතාවක් ව පවතින්නේ සිත ලෙඩ කර ගැනීම නිසා තමන්ට ද අනර්ථ කර ගෙන, සමාජයට ද අවැඩදායී ව හැසිරෙන්නෝ බහුල වන නිසා ය.

නීරෝගි සිත ශක්තිමත් ය. ගුණධර්ම දියුණු කළ හැකි ය. නීරෝගි සිතේ ස්වභාවය ඉතා අලංකාර ය.

ලෝභය සිත ලෙඩ කරන ප්‍රබල සිතිවිල්ලකි. එය දුරු කළ හැකි දීමෙනි. දන් දිය යුතු අත්හැරීම පුරුදු කිරීමට ය. එහෙත් සමහරු දෙන්නේ අල්ලාගෙන ය. පින් සිදුවන්නේ අත්හැරීමෙන් ම දීමෙනි. ඇල්ම අතහැර දීමෙනි.

සිත නීරෝගි කරන දෙවැනි පින්කම සීලය යි. සතුන් මැරීමට, අන්සතු දෑ සොරකම් කරන්නට, කාමය වරදවා හැසිරීමට, බොරු කීමට, මත්ද්‍රව්‍ය භාවිතයට මෙහෙයවන්නේ කෙලෙස්වලින් ආතුර වූ සිත ය. මේ පාපී අදහස්වලින් වැළකුණු සිත යහපත් ය.

සිත එක තැන රඳවා ගැන්ම අපහසු ය. කය එක තැන තිබිය දී සිත බොහෝ දුර ඇවිදී. ඒ ගමනේ අපි‍්‍රය කෙනකු දුටුවේ නම් තරහව වැඩේ. යම් කෙනෙක් තමන්ට කළ වරදක් සිහි වී ඒ පුද්ගලයා පිළිබඳ කෝපය ඉපදේ. මෙවැනි විවිධ සිතිවිලි නිසා සිත කලබල වේ. එය යහපත් නොවේ. සිත රෝගීවීමට හේතු වේ. සිත රැක ගත යුතු ඒ නිසයි.

මෙත් සිතිවිලි වඩමින් සිත එකඟ කර ගන්නට, දියුණු කර ගන්නට භාවනාව මා හැඟි ඔසුවකි. භාවනාව දියුණු කරන තරමට නුවණ ද වැඩේ. නරක ගති දුරු වේ. හොඳ ගති දියුණු වේ.

යටහත් පහත්කම දුර්වලකමක් ලෙස දකින්නෝ බොහෝ වෙති. මව්පිය වැඩිහිටියනට, ගුරුවරුනට ගරුබුහුමන් කිරීම දුර්වලකමක් නොවේ. යමෙක් එසේ සිතන්නේ නම් ඔහු රෝගියෙකි.

අද බොහෝ මව්පියන් දරුවන්ගේ රැකවරණය අහිමි ව අසරණ ව සිටී. ඇතැම් දරුවන්ගේ උඩඟු, අහංකාර සිත මව්පියන් නොසලකා හරියි. යම් දිනෙක ඒ පාපකාරී සිත ම ඔවුන් පීඩාවට පත් කරයි. දෙලොව ම අවැඩ සදයි. මේ නිසා දරුවන් මව්පියන්ට වතාවත් කළ යුතු ම ය. මව්පිය උපස්ථානය දෙලොව දියුණුව සදන මංගල කරුණක් බව මහා මංගල සූත්‍රයේ අවධාරිත ය.

තමන් පින් දහම් සිදු කොට, මිය ගිය නෑ හිත මිතුරන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම මෙන් ම පින් අනුමෝදන් වීම ද සිත පිරිසුදු කරයි.

අනුන් කෙරෙහි කරුණාවෙන් ධර්මය කියාදීම, ධර්මය ශ්‍රවණය කිරීම සේ ම නිවැරැදි දැකීම ඇති කර ගැනීම ද පින් ක්‍රියා වේ. මේ දස පින් පුරන කෙනාගේ සිත නීරෝගි ය. ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතයට ආලෝකය උදා කර ගන්නෙකි. සමාජය ද බබළවන්නෙකි. රටකට අවැසි එවැනි පින්වන්තයෝ ය.

ඉල් පුර පසළොස්වක

 නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]