[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පන්සලට ගිය පමණින් ශ්‍රද්ධාව පිහිටන්නේ නෑ

දසරාජ ධර්ම නම් ජනතා හිතවාදී පාලකයකු විසින් අනුගමනය කළ යුතු දේශපාලන මූලධර්මයකි. දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, විරුද්ධ නොවීම යනු ඒ ධර්මතා ය. මේ ගුණධර්ම පිරිපුන් පාලකයකු ලද ජනතාව භාග්‍යවන්තයෝ ය. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණය ඇති කර ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට අපට අවස්ථාව උදාවේ. එම අවබෝධ ඤාණය තුළින් අප මාර්ගයට පැමිණෙන අතර, එලෙස මාර්ගයට පැමිණි ශ්‍රාවකයා සෝතාපන්න යි. එසේ නම්, ‘සෝවාන් වුණා’ කියන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණයට පැමිණීම යි. වෙනත් විදිහකට කිව්වොත් සම්මා දිට්ඨිය ඇති කර ගත් ශ්‍රාවකයා සෝතාපන්න යි. සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස කරුණු දෙකක් උපකාරී වෙනවා. ඒ සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය යි. සම්මා දිට්ඨියෙහි පිහිටන්න නම් මුලින් ම ධර්මය ශ්‍රවණය කළ යුතු වෙනවා. එසේ ශ්‍රවණය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ම මිස වෙන දෙයක් නොවේ. තර්ක විතර්ක, පුද්ගලික මතවාද, ධර්මය වගේ පෙනෙන්නට තිබෙන දේ ශ්‍රවණය කළාට සම්මා දිට්ඨියට පැමිණෙන්නේ නෑ. අප ශ්‍රවණය කළ යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන ශ්‍රී සද්ධර්මය ම පමණයි. පැහැදිලි ලෙස, පිරිසුදු ලෙස දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය අසා කියවා සිතෙහි පිහිටුවා ගෙන එය තේරුම් ගැනීම පිණිස නුවණ මෙහෙයවීම යෝනිසෝ මනසිකාරය යි. ඒ විදිහට සිත පිහිටුවා ගෙන නුවණ මෙහෙයවන්න බැරි නම් යෝනිසෝ මනසිකාරය නැහැ. ඒ පුද්ගලයාට ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබුණත් සම්මා දිට්ඨිය ඇති කර ගන්නට නොහැකි වෙනවා. කෙනකුට යමක් නුවණින් විමසීමේ හැකියාව තියෙනවා. නමුත් ඔහුට බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාවක් නැහැ. ඒ පුද්ගලයාටත් සම්මා දිට්ඨියට පැමිණීමේ හැකියාව ඇතිවෙන්නේ නැහැ.


ඉල් පුර පසළොස්වක

 නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]