ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2024 නොවැම්බර් 15 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හබරන සිට කැකිරාව දෙසට ගමන් කරන මාර්ගයේ සුන්දර වෙල්යායකට මැදිව පලුගස්වැව මහවැවට මායිම් ව පිහිටා ඇති දර්ශනීය පින්බිමකි ආලෝක විහාරය. මෙම විහාරස්ථානය ක්‍රි:වර්ෂ 1950 පමණ ආරම්භ වූවකි. ආදි කර්තෘන් වහන්සේ වන්නේ හුරුළු පළාතේ ප්‍රධාන සංඝනායක ව වැඩ සිටි අපවත්වී වදාළ දිවුලන්කඩවල ශ්‍රී ධීරානන්දාභිදාන නායක ස්වාමින් වහන්සේයි. උන්වහන්සේ වසර පහළොවක් පමණ මෙම විහාරස්ථානයේ වැඩ සිටිමින් විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා සුවිසල් මෙහෙවරක් සිදුකළහ. ශ්‍රී ධීරානන්දාභිදාන නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වන දර්ශනපති රාජකීය පණ්ඩිත මහරඹෑවේ පාලිත ස්වාමින් වහන්සේ මෙම විහාරස්ථානයේ වෙසෙස් දියුණුවක් ඇති කළහ. සංඝාවාසය ප්‍රතිසංස්කරණය කිරීම උන්වහන්සේගේ පළමු කාර්යය බවට පත්විය. එතැන් පටන් අඩක් වැඩ නිම කොට තිබූ විහාර මන්දිරයේ ද සියලු වැඩ නිම කරන ලද්දේ උන්වහන්සේ විසිනි. දහම්පාසල් දරුවන් තුන්සියයකට වැඩි පිරිසක් මෙම විහාරස්ථානය හා සම්බන්ධ ශ්‍රී රාහුල දහම්පාසලේ අධ්‍යාපනය ලබන අතර, වර්තමාන විහාරාධිපති ස්වාමින් වහන්සේගේ මැදිහත්වීමෙන් දහම්පාසල් දරුවන් වෙනුවෙන් ගොඩනැඟිල්ලක් ද, ධර්මශාලාවක් ද ඉදිකොට ඇත. වස් කාලය සඳහා වර්ෂ කිහිපයක් ම දායකත්වය ඇතිව කඨින පින්කම සිදු කළ අතර, පසුගිය වර්ෂවල කඨින පින්කම්වල දායකත්වය දැරූ පින්වත් පිරිස විසින් විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් බොහෝ කටයුතු සිදුකොට ඇත.
නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 15
අව අටවක
නොවැම්බර් 23
අමාවක
නොවැම්බර් 30
පුර අටවක
දෙසැම්බර් 08
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]