Print this Article


ආදර්ශවත් යුග මෙහෙවරක අමරණීය නාමය වයඹ සසුන් කෙත මහා සංඝ සභාව

ආදර්ශවත් යුග මෙහෙවරක අමරණීය නාමය වයඹ සසුන් කෙත මහා සංඝ සභාව

වයඹ පළාතට ම ජාතික, ආගමික, සාමාජීය, සංස්කෘතික, ශාසනික වශයෙන් සුවිසාල සේවාවන් රැසක් සිදු කරන අධිටනින් “වයඹ සසුන්කෙත මහා සංඝ සභාව” ආරම්භ වන්නේ 2023 ජූනි 31 වැනි දින ඉපලෝගම ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ රාජ මහා විහාරස්ථාන සදහම් මැඳුරේ දී ය.

කාලීන වශයෙන් විහාරස්ථානවල හා මහා සංඝයා වහන්සේ අතර ප්‍රශ්න ගැටලු බොහෝමයක් පැන නැඟී තිබේ. ප්‍රධාන වශයෙන් බුදුරදුන්ගේ දේශනය අනුව සංඝ සාමග්‍රිය ගොඩනැඟීම, අප සංඝ සභාවෙන් සිදු වන සුවිශේෂී මෙහෙවරකි. කිසිදු බේදයකින් තොරව, සියලු නිකායන් නියෝජනය කරමින්, ක්‍රියාශීලී සාමාජික භික්ෂු පිරිස පනස් නමකටත් අධික ව වැඩ සිටීම අප ලද ලොකුම ජයග්‍රහණයකි. ප්‍රධාන සංවිධායක හා අනුශාසක, ප්‍රධාන සභාපති, ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික යන ධුරයන් හොබවන්නේ සම්භාවනීය සඟ මඬුල්ලකි.

ශාසනික, සාමාජීය සේවාවන් රැසක් සිදු කරන “වයඹ සසුන්කෙත මහා සංඝ සභාව” තුළ ඇති එකමුතු බව නිසා ම සංඝ සභාව ආරම්භ කොට කෙටි කාලයක් තුළ විශාල සේවාවන් රැසක් සිදු කිරීමට අවස්ථාව උදා විය. ඉදිරි කාලය තුළ ලංකාව පුරාවට ම තවත් වැඩ සටහන් බොහොමයක් දියත් කිරීමට සංවිධාන කටයුතු කරමින් පසුවෙන වයඹ සසුන්කෙත මහා සංඝ සභාව වයඹ පළාතේ පමණක් නොව ලක්දිව පුරාම තව තවත් බැබළේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනය යි.