[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සෝමවතී පුදබිමේ වාර්ෂික කඨින පින්කම් මාලාව මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර පින්කමට සමගාමී ව මෙම පුදබිමට සූර්ය බල පද්ධතියක් ප්‍රදානය කිරීමේ මහා සද්කාරය ද සිදු විය. මෙම පින්කම් මාලාව සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කළේ මුන්ඩිගල ආරණ්‍ය සේනාධිපති මිල්ලෑවේ මහින්ද ස්වාමීන් වහන්සේ ඇතුළු දායක දායිකාවන් විසිනි.

සීදූවේ සුමනවංස නා හිමියෝ සසුන් දිවියේ 54 වැනි විය සපුරති

රද්දොළුව සුබෝධාරාම මහා විහාරය හා අභිනවාරාමය යන උභය විහාරාධිපති ව වැඩ විසූ රද්දොළුවේ අරියවංශ මහා ස්වාමීන් වහන්සේගේ හා එම විහාරද්වයෙහි විහාරාධිපති අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක සභාවේ ප්‍රධාන කාරක සංඝ සභික සම්මාන අනුනායක අපවත්වී වදාළ රද්දොළුවේ අමරවංස නා හිමියන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1970 ඔක්තෝබර් 31 වන දින සුබෝධාරාම මහා විහාරයේ දී උතුම් පැවිදි දිවියට පත් වූ සීදූවේ සුමනවංස නා හිමියෝ සසුන් දිවියේ 54 වැනි විය සපුරති. ඒ නිමිත්තෙන් පසුගිය දා රද්දොළුව ශ්‍රී අමර මහා විහාරයේ දී විහාරස්ථ දායක සභාව, ප්‍රජාපතී කුලඟන සමිතිය, ශ්‍රී ධම්මානන්ද දහම්පාසල් ආචාර්ය මණ්ඩලය, එක්සත් තරුණ බෞද්ධ සමිතිය උන්වහන්සේට ආශිර්වාද පතා පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණි.


ඉල් පුර පසළොස්වක

 නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]