[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ඔරුගොඩවත්ත
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය
ඡායාරූපය - ගයාන් පුෂ්පික

වෙසක් අමාවක

මැයි 18 බ්‍රහස්පතින්දා
අ.භා.09.48 න් අමාවක ලබා 19 සිකුරාදා අ.භා. 09.28 න් ගෙවේ.
19 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

කුරුන්දි පරිසංවාදය හා දකුණු ඉන්දියාවේ ථේරවාදි බුදු දහමේ ව්‍යාප්තිය දෙමළ පරිවර්තනය
එළිදැක්වීම 19 දා

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුන්දි බෞද්ධ උරුමය ගැන පරිසංවාදයක් 19 වෙනිදා පෙරවරු 9.00ට මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය ආයතනයේ දී සිදු කෙරේ. කුරුන්දි යනු ඝඨාකාර සම්ප්‍රදායේ මෙරට හමු වී ඇති එකම දාගැබ වන අතර, එය සංරක්ෂණය කිරීමේ දායකත්වය බෞද්ධාලෝක පදනම විසින් සිදු කරනු ලැබේ. එමෙන්ම එහිදී, එදිනම පස්වරු 2.00ට ආචාර්ය හිඳගල ඤාණාධාර ස්වාමින් වහන්සේ විසින් රචිත දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථේරවාදි බුදු දහමේ ව්‍යාප්තිය ග්‍රන්ථයේ දෙමළ භාෂාවට පරිවර්තනය එළිදැක්වීම ද සිදු කෙරේ. සාහිත්‍ය බහුමානයන්ට පාත්‍රවූ එම ග්‍රන්ථය දෙමළ භාෂාවට පරිවර්තනය කරනු ලැබුවේ මුත්තයියා දොරේසාමි සහ රාමයියා සඳගෝපන් යන මහත්වරුන් විසිනි. ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත්තේ බෞද්ධාලෝක පදනම විසිනි. මෙම එළිදැක්වීමේ මුලසුන මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් හොබවන අතර, දකුණු ඉන්දීය ශාසන ඉතිහාසය ගැන දෙසුමක් රාජකීය පණ්ඩිත වජිර ප්‍රභාත් විජේසිංහ විසින් ද දකුණු ඉන්දීය බුදු දහමේ පරිහානිය ගැන මහාචාර්ය ජයපාල් හා දකුණු ඉන්දීය බුදුදහමේ පුනර්ජීවනය ගැන ගෞතම් ප්‍රභූ නාගප්පන් විසින් ද දෙසුම් පවත්වති.

සසුනඹර ඒකාලෝක කළ සුපින්බර සුපුන් සඳ අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා යතිවරයාණෝ

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරන්දර ව වැඩ විසූ අග්ගමහාපණ්ඩිත, අභිධජමහාරට්ඨගුරු අතිගෞරවාර්හ දොඩම්පහල චන්දසිරි මහනායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ අප සංඝ සභාවේ සංවේගය පළමු ව ප්‍රකාශ කර සිටිමු. හාරදහසකට අධික විහාරස්ථාන සහ දොළොස් දහසකට අධික මහා සංඝරත්නයකින් සමන්විත වූ පාර්ශ්ව විසි දෙකකින් යුතු ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවිය දෙවසරකට ආසන්න කාලයක් ශෝභමානවත් කොට වදාළ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වන විට අසූ හතර වැනි වියෙහි පසු වූහ. දකුණුලක මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල දොඩම්පහල ග්‍රාමයේ විසූ එදිරිවීර පටබැඳීගේ සරනේලිස් සිල්වා මැතිතුමාගේ සහ එදිරිසූරිය කට්ටඩි ආරච්චිලාගේ මිසිනෝනා මැතිනියගේ පුත් රුවනක ලෙස සුගුණදාස නමින් 1939 දෙසැම්බර් මස 20 වන දින මහ නාහිමිපාණන් වහන්සේ ජන්මලාභය ලැබූහ. නිසි වයස් එළඹීමෙන් පසු දොඩම්පහල මහාවිද්‍යාලයෙන් අක්ෂරෝද්ග්‍රහණය කරමින් සිටින අතරතුර සාංසාරික පුණ්‍ය මහිමය ඉස්මතු වීමෙන් වර්ෂ 1950 නොවැම්බර් මස 25 වැනි දින තංගල්ල කුඩාවැල්ලේ වාළුකාරාමයේ දී මාතර ශ්‍රී සද්ධාරාම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබීය. අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේ කතලුවේ ශ්‍රී ගුණරතනතිස්ස මහනාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් සමාරම්භ අමරපුර කල්‍යාණිවංශ මහානිකායේ නාඔටුන්නේ සඟ පරපුරට අයත් වෙති.

විනය ශාසනයේ ආයුෂය යි

විනය යනු හික්මීම යි. ගිහි පැවිදි කා හටත් විනය නීති රීති අවශ්‍ය වේ. සමාජයක ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි යනුවෙන් කොටස් දෙකක් පවතී. එයද,නැවත භික්‍ෂු, භික්‍ෂුණී හා උපාසක, උපාසිකා වශයෙන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. එය බුද්ධ ශාසනයේ සිව්වනක් පිරිස වශයෙන් හඳුන්වා ඇත. මේ කුමන ආකාරයකින් බෙදුවද රටක, සමාජයක පැවැත්ම උදෙසා සෘඡුවම බලපාන මාතෘකාවක් ලෙස විනය හැඳීන්වීමට පුළුවන. හික්මීම, සංවරකම, ශීලාචාරකම ආදී වචනවලින් ද විනය පිළිබඳ අර්ථවත් වේ. ගිහි විනය පිළිබඳ කතා කිරීමේ දී, පැවිදි විනය පිළිබඳ මදක් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ උදෙසා පනවන ලද විනය ප්‍රාතිමෝක්‍ෂය තුළ ඇතුළත් වන්නේ පැවිදි පක්ෂයට අදාළ ශික්ෂා පදයි. එය බුදු සසුනේ චිර පැවැත්මයි. “විනයෝ නාම සාසනස්ස ආයු” විනය ශාසනයේ ආයුෂ යි. බුදුරජාණන් වහන්සේ අවුරුදු 20ක් ම ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කළහ. “සබ්බ පාපස්ස අකරණං” යනුවෙන් පැහැදිලි වන්නේ එය යි. එසේ අවස්ථානුකූලව අවවාද අනුශාසනා කිරීම තුළින් භික්‍ෂු විනය ආරක්‍ෂා කර ගැනීමට පුළුවන් විය. නමුදු අවුරුදු 20ක් ඉක්මවීමත් සමඟ ඕවාද ප්‍රාතිමෝක්‍ෂය ප්‍රමාණවත් නොවීය. එනිසා බුදුරජාණන් වහන්සේට විනය ශික්‍ෂා පද පැනවීමට සිදුවිය. වැදගත්වන්නකි.

සම්බුදු සසුන් කෙතේ අස්වනු නෙළා ගැනීමට ශ්‍රද්ධාවන්තයා අප්‍රමාදී ය

අතීතයේ බරණැස් නුවර සුමන නම් සිටුවරයෙක් විය. ඔහු දිනපතා දුගී මගී යාචකාදීන්ට මහා දානයන් දෙයි. ඔහු ඇසුරු කර ජීවත්වන අන්නභාර නම් දුගියෙක් විය. එක් දවසක් උපරිට්ඨ නම් පසේබුදුන් වහන්සේ ගන්ධමාදන පර්වතයෙහි නිරෝධ සමාපත්තියට සමවැදී සිට ඉන් නැඟිට අනුග්‍රහ කළ යුත්තකු විමසන්නාහු අන්නභාර නම් දුගියා දැක ඔහුට අනුග්‍රහ කරනු පිණිස ඔහු වනයෙහි සිට සිය නිවෙසට එන වේලාවෙහි පා සිවුරු ගෙන අහසින් වැඩම කර ග්‍රාමද්වාරයෙහි අන්නභාර එන පෙරමග සිටි සේක. දුගී අන්නභාර හිස් පාත්‍රයෙන් සිටි පසේබුදුන් දැක, උන්වහන්සේට වැඳ “ස්වාමීනි, භික්ෂාව ලද සේක් දැ’යි විචාළේ ය. “ලබන්නෙමි, මහපිනැතිය”යි පසේ බුදුහු වදාළහ. එකල්හි අන්නභාර “ස්වාමීනි, මොහොතකට මෙහි ම වැඩ සිටිනු මැනව“යි කියා වේගයෙන් ගෙට ගොස් භාර්යාව අමතා “සොඳුර, අපට පෙර පින් මඳ බැවින් දිළිඳුව සිටින්නට වී ඇත. අපට දෙනු කැමැත්ත ඇති වූ දාට දෙන්නට දෙයක් නැති වෙයි. දෙන්නට දෙයක් ඇති දාට ප්‍රතිග්‍රාහකයකු නො ලැබෙයි. අද මට උපරිට්ඨ පසේබුදුන් වහන්සේ හමුවූහ. මාගේ බත් පංගුව මේ පාත්‍රයට බෙදා දෙව“යි කීය. නුවණැති බිරිය සිය සැමියාගේ දානයට තමා ද කොටස් කාරියක විය යුතු ය යි සිතා තමාගේ බත් පංගුව ද ඒ පාත්‍රයට බෙදා දුන්නී ය. අන්නභාර පසේ බුදුන් වහන්සේ වෙත පාත්‍රය ගොස් පිළිගන්වා “ස්වාමීනි, මේ පිනෙන් මම මේ දුප්පත් ජීවිකාවෙන් මිදෙම්වා”යි කීය. “පින්වත, එසේ ම වේවා”යි පසේබුදුන් වහන්සේ වදාළහ. ඉක්බිති අන්නභාර ඔහුගේ උතුරු සළුව බිම අතුරා, “මෙහි වැඩසිට වළඳනු මැනව“යි කීය. පසේ බුදුන් වහන්සේ එහි වැඩසිට ආහාර වැළඳූ සේක. දන් වැළඳූ පසු අන්නභාර පසේබුදුන් වහන්සේට පාත්‍රය සෝදා ගැනීමට වතුර ද සපයා දින අවසානයේ පසේ බුදුන් වහන්සේ පසේ බුදුවරුන්ගේ සිරිත පරිදි,

 වෙසක් අමාවක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]