[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

කුරුන්දි පරිසංවාදය හා දකුණු ඉන්දියාවේ ථේරවාදි බුදු දහමේ ව්‍යාප්තිය දෙමළ පරිවර්තනය එළිදැක්වීම 19 දා

කුරුන්දි පරිසංවාදය හා දකුණු ඉන්දියාවේ ථේරවාදි බුදු දහමේ ව්‍යාප්තිය දෙමළ පරිවර්තනය එළිදැක්වීම 19 දා


කුරුන්දි පරිසංවාදය හා දකුණු ඉන්දියාවේ ථේරවාදි බුදු දහමේ ව්‍යාප්තිය දෙමළ පරිවර්තනය එළිදැක්වීම පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැති අතර, එහිදී බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් දකුණු ඉන්දියාවේ ථේරවාදි බුදු දහමේ ව්‍යාප්තිය දෙමළ පරිවර්තනය ගැන අදහස් දැක්වූ අයුරු.
සේයරුව – දුෂ්මන්ත මායාදුන්න

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුන්දි බෞද්ධ උරුමය ගැන පරිසංවාදයක් 19 වෙනිදා පෙරවරු 9.00ට මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය ආයතනයේ දී සිදු කෙරේ. කුරුන්දි යනු ඝඨාකාර සම්ප්‍රදායේ මෙරට හමු වී ඇති එකම දාගැබ වන අතර, එය සංරක්ෂණය කිරීමේ දායකත්වය බෞද්ධාලෝක පදනම විසින් සිදු කරනු ලැබේ.

එමෙන්ම එහිදී, එදිනම පස්වරු 2.00ට ආචාර්ය හිඳගල ඤාණාධාර ස්වාමින් වහන්සේ විසින් රචිත දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථේරවාදි බුදු දහමේ ව්‍යාප්තිය ග්‍රන්ථයේ දෙමළ භාෂාවට පරිවර්තනය එළිදැක්වීම ද සිදු කෙරේ.

සාහිත්‍ය බහුමානයන්ට පාත්‍රවූ එම ග්‍රන්ථය දෙමළ භාෂාවට පරිවර්තනය කරනු ලැබුවේ මුත්තයියා දොරේසාමි සහ රාමයියා සඳගෝපන් යන මහත්වරුන් විසිනි. ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත්තේ බෞද්ධාලෝක පදනම විසිනි. මෙම එළිදැක්වීමේ මුලසුන මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් හොබවන අතර, දකුණු ඉන්දීය ශාසන ඉතිහාසය ගැන දෙසුමක් රාජකීය පණ්ඩිත වජිර ප්‍රභාත් විජේසිංහ විසින් ද දකුණු ඉන්දීය බුදු දහමේ පරිහානිය ගැන මහාචාර්ය ජයපාල් හා දකුණු ඉන්දීය බුදුදහමේ පුනර්ජීවනය ගැන ගෞතම් ප්‍රභූ නාගප්පන් විසින් ද දෙසුම් පවත්වති.

වෙසක් අමාවක

මැයි 18 බ්‍රහස්පතින්දා
අ.භා.09.48 න් අමාවක ලබා 19 සිකුරාදා අ.භා. 09.28 න් ගෙවේ.
19 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]