[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

විනය ශාසනයේ ආයුෂය යි

විනය යනු හික්මීම යි. ගිහි පැවිදි කා හටත් විනය නීති රීති අවශ්‍ය වේ. සමාජයක ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි යනුවෙන් කොටස් දෙකක් පවතී. එයද,නැවත භික්‍ෂු, භික්‍ෂුණී හා උපාසක, උපාසිකා වශයෙන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. එය බුද්ධ ශාසනයේ සිව්වනක් පිරිස වශයෙන් හඳුන්වා ඇත. මේ කුමන ආකාරයකින් බෙදුවද රටක, සමාජයක පැවැත්ම උදෙසා සෘඡුවම බලපාන මාතෘකාවක් ලෙස විනය හැඳීන්වීමට පුළුවන. හික්මීම, සංවරකම, ශීලාචාරකම ආදී වචනවලින් ද විනය පිළිබඳ අර්ථවත් වේ. ගිහි විනය පිළිබඳ කතා කිරීමේ දී, පැවිදි විනය පිළිබඳ මදක් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ උදෙසා පනවන ලද විනය ප්‍රාතිමෝක්‍ෂය තුළ ඇතුළත් වන්නේ පැවිදි පක්ෂයට අදාළ ශික්ෂා පදයි. එය බුදු සසුනේ චිර පැවැත්මයි. “විනයෝ නාම සාසනස්ස ආයු” විනය ශාසනයේ ආයුෂ යි. බුදුරජාණන් වහන්සේ අවුරුදු 20ක් ම ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කළහ. “සබ්බ පාපස්ස අකරණං” යනුවෙන් පැහැදිලි වන්නේ එය යි. එසේ අවස්ථානුකූලව අවවාද අනුශාසනා කිරීම තුළින් භික්‍ෂු විනය ආරක්‍ෂා කර ගැනීමට පුළුවන් විය. නමුදු අවුරුදු 20ක් ඉක්මවීමත් සමඟ ඕවාද ප්‍රාතිමෝක්‍ෂය ප්‍රමාණවත් නොවීය. එනිසා බුදුරජාණන් වහන්සේට විනය ශික්‍ෂා පද පැනවීමට සිදුවිය. එය ආනා ප්‍රාතිමෝක්‍ෂය වශයෙන් භික්‍ෂු, භික්‍ෂුණීන් උදෙසා දේශනා කරන ලද්දකි. එනම් පැවිදි පක්‍ෂය උදෙසා ඔවුන්ගේ විනය ආරක්ෂා කර ගැනීම සඳහා කළ දේශනාවකි. භික්‍ෂූන් වහන්සේ උදෙසා පනවන ලද එම විනය ශික්‍ෂා පද වර්තමානය තෙක්ම බුදු සසුන ඉදිරියට පැවතීමට හේතු විය. අද වුව ද බුදු සසුන ආරක්ෂා වී ඇත්තේ එම ශික්ෂා පද භික්ෂූන් වහන්සේ ආරක්ෂා කිරීම තුළිනි. පැවිදි පක්‍ෂයේ බුදුරජාණන් වහන්සේ උදෙසා දේශනා කළ විනය නීති රීති සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල්හි 220කි. පැවිදි පක්ෂයේ භික්ෂුණීන් වහන්සේ උදෙසා දේශනා කළ විනය නීති රීති සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල්හි 304කි.පළමුව පැවිදි පක්ෂ උදෙසා විනය ශික්ෂා පද දේශනා කළ බුදුරදුන් දෙවනුව ගිහි පක්ෂය උදෙසා ද විනය පිළිබඳ දේශනා කළහ. ඒවා බොහෝ දුරට සමාජයක් සදාචාර සම්පන්නව ඉදිරියට පවත්වා ගෙන යාම උදෙසා යුතුකම් හා වගකීම් මත තහවුරු කොට තිබීම ඉතා වැදගත්වන්නකි.


වෙසක් අමාවක

මැයි 18 බ්‍රහස්පතින්දා
අ.භා.09.48 න් අමාවක ලබා 19 සිකුරාදා අ.භා. 09.28 න් ගෙවේ.
19 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]