[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙවර රාජ්‍ය වෙසක් පුණ්‍යමහෝත්සවය පැවැත්වෙන ඓතිහාසික කූරගල පුදබිමේ අසදිසි ශාක්‍ය සුගත
මහ සෑ රදුන් වහන්සේ

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 

කූරගල රාජමහා විහාරය මතු පරපුරට රැක ගන්නට ඕනෑ - වතුරකුඹුරේ ධම්මරතන නාහිමි

සබරගමු පළාතේ පිහිටා ඇති බොහෝ ඓතිහාසික ස්ථාන අතර කූරගල මහා පුදබිමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන මෙම පූජා භූමිය හෙළයාගේ ප්‍රෞඪත්වය විදහා දක්වයි. ඈත අතීතයේ මහ රහතන් වහන්සේ සමාධි සුවයෙන් වැඩසිටි ඓතිහාසික කූරගල රාජ මහා විහාරය බෞද්ධ අපගෙන් ගිලිහී ගොස් තිබූ පින් බිමකි. 1960 දශකයේ අගභාගයේ සහ 1970 දශකයේ මුල් භාගයේ දී රත්නපුර සුධර්මශාලා පිරිවෙන් පරිවේනාධිපති පණ්ඩිත වටද්දර ඤාණිස්සර නාහිමියන්ට මෙම පින්බිම ගැන දැන ගන්නට ලැබුණි. එදා සිට කූරගල පුදබිම බේරා ගැනීමට මහත් වෙහෙසක් ගත් උන්වහන්සේගේ ජීවය වූයේ මේ කූරගල යි. කූරගල පිළිබඳ සමාජ කතිකාවක් සහ එම පුද බිම ගොඩනැඟීමෙහිලා ජාතික ව්‍යාපාරයන් හි ද නිර්මාතෘ වූ අපගේ ඤාණිස්සර නා හිමියෝ අප්‍රමාණ කැපකිරීම් කළහ. මේ අයුරින් කටයුතු කරන අතරතුර කාගේත් අවධානය යොමු වූයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වෙතට ය. එහි නිර්මාතෘ වූ වතුරකුඹුරේ ධම්මරතන නාමය පුදබිම භාර කිරීමට යෝජනා විය. ඒ අනුව දීර්ඝ කාලයක් ගුරු සිසු පරම්පරාවෙන් ආ මෙම පින්බිම අපගේ ධම්මරතන හිමියන් වෙත අතපැන් වත්කොට පිරිත් දේශනා මධ්‍යයේ ප්‍රතිනිර්මාණය කිරීමේ අදහසින් භාරකාරත්වය පවරන ලදී. එදා සිට දිස්ත්‍රික් හයකටත්, පළාත් හතරකටත් ශාක්‍ය සුගත මහා සෑරදුන් වහන්සේ දිස්වෙන පරිදි ඉදිකිරීම් ඇරැඹිණි. අපේ උරුමය සුරකිමින් මේ භාරදුර කාර්යය වසරක් වැනි කෙටි කාලයකින් ඉදිකර ගෞතම සම්බුදු සසුනට පූජා කිරීමට මහත් වෙහෙසක් ගත්තේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ ය. සුවහසක් බොදුනුවන්ගේ ශ්‍රමයෙන්, ධනයෙන්, ශක්තියෙන්, දහඩියෙන් ඉදි වූ ඓතිහාසික පින්බිම පිළිබඳ වතුරකුඹුරේ ධම්මරතන හාමුදුරුවෝ අදහස් පළ කළේ මෙලෙසිනි.

සම්බුදු තෙමඟුල සැමරෙන අසිරිමත් වෙසක් පෝදා

සමස්ත ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සේ ම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක් පොහොයට හිමි වෙයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවන් පෑම යන අසිරිමත් තෙමඟුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩමවීම, තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම, සමනොළ සිරිපා සටහන පිහිටුවීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හතළිහකට පසු උපතින් එකසිය විසිවැනි වියේ දී පිරිනිවන්පෑම, විජය කුමරු ප්‍රමුඛ පිරිවර ලක්දිවට සැපත්වීම, ධර්මාශෝක අධිරාජයාගේ ඇරයුමෙන් දේවානම්පියතිස්ස රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑයේ ඉදි කිරීමේ කටයුතු ඇරඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධව අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිදුවීම් ය.

ධර්ම දේශනාව:

ධර්මාලෝකයෙන් ප්‍රභාවිත වෙමු

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො - චිත්තං පඤ්ඤං ච භාවයං - ආතාපි නිපකො භික්‍ඛු - සො ඉමං විජටයෙ ජටං, ප්‍රඥාවන්ත වූ යම් පුද්ගලයෙක් සීලයේ පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩන්නේ ද, කෙලෙස් තවන වීර්යයෙන් හා පාරිහාරික ප්‍රඥාවෙන් යුත් ඒ භික්‍ෂුව තෘෂ්ණා නැමැති අර්බුදය නිරවුල් කරන්නේ ය. කාරුණික සුපින්වතුනි, අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුන් පොහෝ දිනය අද යි. සම්බුද්ධෝපදේශයන් මත පිහිටා පිළිවෙතින් පෙළගැසී ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරත සැදැහැති බෞද්ධ ජනයා ධර්මාලෝකයෙන් ප්‍රභාවිත කිරීමට අද දින ධර්ම දේශනාව සඳහා මාතෘකා කර ගන්නට යෙදුණේ, සංයුක්ත නිකායේ, දේවතා සංයුක්තයේ අන්තර්ගත ජටා සුත්‍රය යි. අභ්‍යන්තර හා බාහිර වියවුල් හෙවත් අර්බුදයන්ගෙන් මිනිස් වර්ගයා පීඩා විඳීයි. එකී වියවුල් නිරාකරණය කර ගැනීමට සමත් වන්නේ කවරෙක් ද? යනුවෙන් විචාළ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මෙම ගාථාවෙන් මිනිසා ගුණධර්මයන්ගෙන් පෝෂණය වන විට ඔහුට ලැබෙන සමාජ ආධ්‍යාත්මික හා සමාජ ආරක්‍ෂාව පිළිබඳ මනාව පැහැදිලි කරයි.

වෙසක් පුන් පොහෝ දිනය හා සබැඳෙන හෙළයේ අභිමානය

බුද්ධත්වයෙන් පස් වැනි වස බක් මස අමාවක් පොහෝ දින බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ සේක. ඒ චූලෝදර හා මහෝදර යන නා රජුන් අතර මිණි පළඟක් සඳහා ඇති වූ ආරවුලක් සංසිඳුවීමට ය. ලංකා ද්වීපයේ නාගදීපයට වැඩමවීම බුදුරදුන්ගේ දෙවන ලංකා ගමනයයි. බුදුරජාණන් වහන්සේ එම ආරවුල සංසිඳවූ කල ඊට ප්‍රශංසා කළ මහෝදර නා රජුගේ මාමා වූ කැලණිය වාසභූමි කොට ගත් මනිඅක්ඛික නා රජතුමා ඊට ප්‍රශංසා කළේ ය. තමන් කෙරෙහි කරුණා උපදවා තම වාස භූමියට ද වඩිනා ලෙස බුදු රදුන්ට ආරාධනා කොට සිටියේ ය. එම අයැදුමෙන් තෙවසරක් ඉක්ම ගිය තන්හි දී, එනම් බුද්ධත්වයෙන් අටවන වස මණිඅක්ඛික නා රජතුමා නැවත සිදු කළ අයැදීම සිහිපත් කළ බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින පන්සියයක් මහ සඟ රුවන පිරිවරා ගෙන ලක්දිවට වැඩම කළහ.ඒ කල්‍යාණි පුරයෙහි මණිඅක්ඛික නා රජතුමාගේ විමානයට ය. වර්තමානයෙහි කැලණි චෛත්‍ය රාජයාණන් පිහිටි තැන එදින කරවා තිබූ රත්න මණ්ඩපයෙහි මහා සංඝයා වහන්සේ ද, එහි වූ මහානීය මිණි පළඟෙහි බුදුරජාණන් වහන්සේ ද වැඩ සිටි සේක.

පුණ්‍යවන්ත මාසයේ අසිරිමත් බුදු උපත

අද වෙසක් පොහොය දිනයයි. සිංහල මාස ක්‍රමයට අනුව මෙම මාසය හඳුන්වනු ලබන්නේ වෙසක් මාසය යනුවෙනි. වෙසක් මාසයෙහි යෙදෙන පුර පොහොය දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. වෙසක් යන වචනය අපේ මුල භාෂාවක් වූ සංස්කෘත භාෂාවෙහි වෛශාඛ යන්නෙන් බිඳී ආවකි. මසින් මස යෙදෙන පුර පොහෝ දිනයන් අතර වෙසක් පුර පොහොය දිනය ලෝකවාසී සියලු බෞද්ධයන්ගේ ම ශ්‍රද්ධා භක්ති ප්‍රණාමයන්ට පත්වු දිනයකි. එසේ වන්නේ ලොව පහළ වු සියලු බුදුවරයන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍ය සිදු වී ඇත්තේ වෙසක් පුර පොහොය දිනයෙහි වීමයි. ප්‍රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන් තථාගතයන් වහන්සේට බොදුණුවන් තම ප්‍රණාමය පළ කරනුයේ මහත් කැපවීමකින් යුතු ව ය. බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වු වෙසක් පොහොය වසරින් වසර විවිධ දිනයන් හි යෙදෙන්නේ කෙසේ දැයි ඇතැමුන් ප්‍රශ්න කරන අවස්ථා ද ඇත. එම ගැටලුව ඇති වන්නේ වෙසක් මාසයත්, මැයි මාසයත් වෙනස් ව හඳුනා නොගැනීමෙනි. මැයි මාසය යනු, ඉංග්‍රීසි මාස ක්‍රමයේ යෙදුමකි. වෙසක් දිනය එම මාසයෙහි වසරින් වසර එක් එක් දිනවල යෙදීම සැබෑවකි. නමුත් වෙසක් මාසයේ එය යෙදෙන්නේ එකම දිනයක ය. ඒ වෙසක් පුර පොහෝ දිනයේ ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]