[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ධර්මාලෝකයෙන් ප්‍රභාවිත වෙමු

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො - චිත්තං පඤ්ඤං ච භාවයං - ආතාපි නිපකො භික්‍ඛු - සො ඉමං විජටයෙ ජටං, ප්‍රඥාවන්ත වූ යම් පුද්ගලයෙක් සීලයේ පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩන්නේ ද, කෙලෙස් තවන වීර්යයෙන් හා පාරිහාරික ප්‍රඥාවෙන් යුත් ඒ භික්‍ෂුව තෘෂ්ණා නැමැති අර්බුදය නිරවුල් කරන්නේ ය. කාරුණික සුපින්වතුනි, අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුන් පොහෝ දිනය අද යි. සම්බුද්ධෝපදේශයන් මත පිහිටා පිළිවෙතින් පෙළගැසී ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරත සැදැහැති බෞද්ධ ජනයා ධර්මාලෝකයෙන් ප්‍රභාවිත කිරීමට අද දින ධර්ම දේශනාව සඳහා මාතෘකා කර ගන්නට යෙදුණේ, සංයුක්ත නිකායේ, දේවතා සංයුක්තයේ අන්තර්ගත ජටා සුත්‍රය යි. අභ්‍යන්තර හා බාහිර වියවුල් හෙවත් අර්බුදයන්ගෙන් මිනිස් වර්ගයා පීඩා විඳීයි. එකී වියවුල් නිරාකරණය කර ගැනීමට සමත් වන්නේ කවරෙක් ද? යනුවෙන් විචාළ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මෙම ගාථාවෙන් මිනිසා ගුණධර්මයන්ගෙන් පෝෂණය වන විට ඔහුට ලැබෙන සමාජ ආධ්‍යාත්මික හා සමාජ ආරක්‍ෂාව පිළිබඳ මනාව පැහැදිලි කරයි.පවත්නා ස්වභාවය හෙවත් යථාර්ථය පිළිබඳ අනවබෝධය හේතුවෙන් අපි බොහෝ ගැටලු නිර්මාණය කර ගන්නෙමු. ඇලීම්-ගැටීම් මත පදනම්ව ගැටලුවේ හේතුව පිළිබඳ අනවබෝධයෙන් ඵලයට විසඳුම් සෙවීමට උත්සාහ කිරීමෙන් අපි එකී ගැටලු සංකීර්ණ අර්බුද බවට පත් කර ගන්නෙමු. එහෙයින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණේ සීල, සමාධි, ප්‍රඥා යන ගුණාංගයන්ගෙන් සිය ජීවිතය පෝෂණය කරගත් වීර්යවන්ත බුද්ධිමත් පුද්ගලයා පමණක් මෙකී අර්බුද විසඳා ගැනීමට සමත් වන බවයි.ආත්ම කේන්ද්‍රීය වශයෙන් හෝ සමාජ කේන්ද්‍රීය වශයෙන් නිර්මාණය කර ගන්නා සියලු අර්බුද නිරාකරණය කර ගැනීම සපඤ්ඤක භාවයෙන් ආරම්භ විය යුතු ය. එනම් කර්මජ ත්‍රිහේතුක පටිසන්ධි ප්‍රඥාවෙන් යුක්ත වීමයි.


වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]