[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

කූරගල මහා පුදබිමට වෙසක් සඳ පෑයූ වගයි

ඓතිහාසික සබරගමු පළාතේ සමන් දෙවි අඩවියේ බලංගොඩ සිට කිලෝ මීටර් 30 දුරින් කල්තොට නිම්නයේ ඇති අති සුන්දර මහරහතන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් 13 ක් සහිත සබරගමුවට මහත් ආලෝකයක් වූ මහා පුදබිමකි කූරගල. මේ උතුම් මහා පුදබිම වසර 50 කට අධික කාලයක් විවිධ අන්තවාදී පිරිස් හා පුද්ගල කණ්ඩායම් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි අතර එම කණ්ඩායම් විසින් ඓතිහාසික වටිනාකමින් යුතු මහා පුදබිම විනාශ කර ඇත. කුමන ජාතියකට අයත් පිරිසක් එම ක්‍රියාදාමය සිදු කළ ද ඒ තුළින් විනාශ වන්නේ අප රටට අයත් අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසය යි . මේ බිමේ ඉතිහාසය පුරා වසර 2300 ක් තරම් අතීතයට විහිදෙන අතර මේ බිම බෞද්ධ පුදබිමක් වුවත්, අතීතයේ මහ රහතන් වහන්සේ වැඩ සිටි බිමක් වුවත් අන්තවාදීන් විසින් ඔවුන්ගේ පාලනයට නතු කර ගනිමින් තිබිණි. 2021 මාර්තු මාසය දා උදා විය. යළි පිබිදෙමු කූරගල කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය රැගෙන අති දුෂ්කර කටුක දිවි පෙවෙතකට ළඟාවීමට කන්ටේනර් පෙට්ටි දෙකක් තම නවාතැන බවට පත්කර ගනිමින්. සියලු සැප සම්පත් පසෙක දමා වෙහෙර විහාර ගොඩනඟා බුද්ධ ශාසනය රැක ගැනීම තම කාර්යය හා වගකීම ලෙස හඳුනාගත් අපේ කාලයේ විශ්වකර්ම හාමුදුරුවෝ ලෙස හඳුන්වන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන තරුණ යතිවරයන් වහන්සේ කොටපොල දමිත හිමියන් සමඟ කූරගලට පැමිණි අතර අද වන විට රටක ජාතියක බලාපොරොත්තුව අවුරුද්දකටත් අඩු කාලෙකින් නිමා කරමින් පවතී. මේ දැවැන්ත පුදබිම වසර 1000 කට මෙපිට ඉතිහාසය තුළ එකවර ඉදිවන මහ පුද බිම යි.

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]