ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹේ:
සැදැහැ සිතින් සිරිපා කරුණා කරමු
පැරැණි සිරිත් අනුව යමින් ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කෙරේ. 2017 – 2018 ශ්‍රී පාද
වන්දනා වාරය ඇරඹීම සඳහා පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරස්ථ ශ්‍රී
සුමන සමන් දේව මන්දිරයේ සිට ශ්‍රී පාද මළුව දක්වා ශ්‍රී සර්වඥ ධාතු කරඬුව හා ශ්‍රී
සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ වැඩමවීමේ පෙරහර දෙසැම්බර් 2 වන දා (සෙනසුරාදා) අලුයම
ආරම්භ වීමට නියමිතව තිබිණි. ඒ නිමිත්තෙන් ගල්පොත්තාවල රජ මහා විහාරයේ දී දෙසැම්බර්
01 වන දා සවස 5 ට ගිලන්පස බුද්ධ පූජාව හා දේව පූජාව ද, සවස 6.30 ට දේව පූජාව සිදු
කිරීම ද, රාත්‍රී 7 ට පිරිත් දේශනාව ඇරඹීම ද, රාත්‍රී 8.15 ට පුද පූජා වන්දනා සඳහා
දේවා ප්‍රතිමා නිරාවරණය කිරීම ද, පසු දා අලුයම දක්වා පුද පූජා වන්දනා සිදු කිරීමට ද
නියමිතව තිබිණි. දෙසැම්බර් 2 වන දා අලුයම කරඬුව හා දේව ප්‍රතිමා වහන්සේලා මෙසේ
තැන්පත් කිරීම හා පෙරහර පිටත්වීම ආරම්භ කිරීමට නියමිතව තිබිණි. හැටන් පෙරහර,
පලාබත්ගල පෙරහර සහ බළංගොඩ පෙරහර පිටත්වීමට නියමිතව තිබිණි.
ඉතිරිය»
මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම උඳුවප් පෝදා
මිහින්තලා
පුදබිමේ දී
මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම මිහින්තලා රාජමහා විහාරාධිපති හා
භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම උඳුවප්
පෝදා පස්වරුවේ මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ. මෙවර එම පින්කමේ දායකත්වය දරනු
ලබන්නේ මිහින්තලා මහ සෑ රදුන් වහන්සේට කංචුක පැළඳවීම සඳහා තම මව්පියවරුන්, ඤාති
මිත්‍රාදීන් ඒකරාශී කර ගනිමින් අලංකාර සුදු, යකඩ පිය ගැට පෙළක් 2016 උඳුවප් පෝදා
පූජා කරන ලද පින්වත් දායක පිරිස විසිනි.
සිරි මහ බෝ සමිඳුන් වැඩම කරවූ උඳුවප් පුර පොහෝ දිනය
සිරි සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ සිරිලකට වැඩම කිරීම ද සිරි මහ බෝ සමිඳුන්ගේ
දක්ෂිණ ශාඛාව වැඩම වීම ද, මෙහෙණි සසුන ඇරඹීම ද, සිරි පා වන්දනාව පටන් ගැනීම ද වැනි
වටිනා ශාසනික සිදුවීම් රැසක් උඳුවප් පුර පසළොස්වක පොහෝදා සිදුවී ඇත. ගොවිතැනින්
ජීවත් වූ ලක්වැසියා සීතල කාලය ඇරඹෙන මාස් කන්නයේ උඳු වගා කළ බැවින් මේ මාසයට උඳුවප්
යනුවෙන් කියන ලදැයි පැවසේ. ගොවිතැනින් ඉසුරුමත් වූ ලක්වැසියා උසස් ආගමික
දිවිපෙවෙතකට යොමු වූයේ සඟමිත් මහ රහත් තෙරණින් වහන්සේ ගේ වැඩමවීමත් සමඟ ම ය .
එතුමියගේ කුළුණු බර මෙත් සිත නිසා ම ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීමට හැකි වූ අතර
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වඩමවන ලද සිරි මා බෝ සමිඳුන්ගේ අනුහස නිසා මෙරට සදහම්
දිවයිනක් වීමේ කටයුත්ත ද සිදුවිය.
ඉතිරිය»
ධර්ම දේශනාව: අසිරිමත් ආගමනයක ආශ්චර්යවත් ප්‍රබෝධය
සුපතිඨිත රට්ඨනුරාධපුරේ -
සමදිට්ඨිත දක්ඛිණ සාඛ භවං
සුභ මේඝවනම්බර මේඝනිභං -
ජය බෝධි මහං පණමාමි වරං
අධිෂ්ඨාන බලයෙන් අනුරාධපුරයෙහි මැනවින් පිහිටියා වූ මේ බෝධීන් වහන්සේ ශ්‍රී මහා
බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වෙති. මේඝ වනය අහසක් නම්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ
එහි වැහි වලාවක් මෙනි. එසේ වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මම නමස්කාර කරමි.
උඳුවප් පුර පසළොස්වක සඳ උදාවෙමින් ජය ශ්‍රී මහා බෝපත් සිප සැනහි, සිසිලස දවටමින්
සඳරැස් කැරලි වැලි මළුව මත අදින රූ රටා මනහරය. මනස්කාන්තය. මළුව පුරා විහිදෙන මල්
සුවඳ, දුම් සුවඳ ඉමිහිරි ය. ඒ අදය. එහෙත් බුද්ධ වර්ෂ 237 වැන්නේ ඒ අසිරිය ගෙනා කතා
පුවත ද අසිරිමත් සිදුවීම් දාමයක මුල පිරීමකි.
උඳුවප් මාසය ලක්වැසියන්ට විශේෂිත වූ මාසයකි. කෘෂිකාර්මික ජනතාවක් වූ ඔවුන් තම
ආර්ථිකය සරු කරගන්නට මුල පුරන්නේ මේ මාසයේ ය. මෝසම් වැස්සෙන් තම කෙත්වතු සරුසාර කර
ගැනීමට හැකිවෙන නිසාවෙන් කැලෑ කපා එළි පෙහෙලි කරගත් නවදැලි හේන්වල නව බෝග ඉසිමින්
අතමිට සරුවන ඉසුරුමත් අනාගතයකට මුල බීජ වපුරන්නේ මේ මාසයේ ය. එය සංකේතවත් කරමින්
උඳු වපුරන මාසය උඳුවප් මාසය යැයි හඳුන්වන්නට ඇත යැයි සිතිය හැකි ය.
ඉතිරිය» |