ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජාවන සතර මංගල්‍යයන්
මල්වතු මහාවිහාරීය
කාරක සංඝ සභික
අනුරාධපුර
ශ්‍රි ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශනපති
වැලිවිට සෝරත නා හිමි
ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුව නමින් හඳුන්වන වර්තමානයේ පුස්තකාලය ලෙස භාවිත
කරනු ලබන එම ස්ථානය ක්‍රි ව. 1802 දී ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජතුමා විසින් කරවන
ලද්දක් බව සඳහන් වේ.
එය අටපට්ටම් හැඩයෙන් නිමවා ඇති අතර එම ගොඩනැඟිල්ලට ඉදිරිපස තනා ඇති දිය අගල,
වලාකුළු බැම්ම ඉතා අලංකාර දර්ශනීය පෙනුමක් ලබාදේ. වටිනා ධර්ම ග්‍රන්ථ හා පුස්කොළ
පොත් තැන්පත් කළ ස්ථානය ලෙස වර්තමානයෙහි එම ස්ථානය සඳහන් කළ හැකිය. මේ පුස්කොළ පොත්
අතර පන්සිය පනස් ජාතක කතා ලියවුණ සම්පුර්ණ පුස්කොළ පොත දක්නට ලැබීම ඓතිහාසික වශයෙන්
සඳහන් කළ හැකිය. එම පුස්තකාලයෙහි ඇති වටින පොත් එහි සිට පරිශීලනය කිරීමට අවස්ථාව
නොලැබුණ ද, වර්තමාන දියවඩන නිලමේතුමන් ඒ සඳහා වෙනම දළදා පුස්තකාලයක් පිහිටුවා එම
ස්ථානයෙහිදී පැරැණි පුස්කොළ පොත්, ධර්ම පුස්තක කියවිමට අවස්ථාව සලසා දී ඇත.
අලුත් මාලිගාව හෙවත් නව බුදුමැදුර 1956දී ගොඩනඟන ලද විහාර මන්දිරයක් ලෙස සඳහන් කළ
හැකිය. බිම් මාලයට අමතරව මහල් තුනකින් සමන්විත වන මේ ස්ථානයේ පිහිටි බිම් මහල තුළ
දළදා තේවාව සඳහා වැඩසිටින භික්ෂුන් වහන්සේලාට දානය සඳහා ආරාධනා කිරීමෙන් අනතුරුව
දානය පිළිගැන්වීම සඳහා ගොඩනඟන ලද බිම්මහලක් වේ.දෙවන මන්දිරය තුළ තායිලන්තය , බුරුමය
ආදී විවිධ රටවලින් වැඩම කරවන ලද ප්‍රති පිළිම තැන්පත් කර සැදැහැවතුනට වන්දනාමාන
කිරීමට අවස්ථාව සලසා දී ඇත.
තුන්වන මහල තුළ පැරැණි පුස්තකාල පොත් රඳවා තිබෙන ස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය. දළදා
මාලිගාෙවි ගඳ කිළිය හැරුණ විට මුළුතැන්ගෙය සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ශ්‍රී
දන්ත ධාතූන් වහන්සේ උදෙසා දිනපතා සිදුකරනු ලබන බුද්ධ පුජාව පිළියෙල කිරීම ,ගිලන්පස
පූජාවන් සකස් කිරීම සිදුකරනු ලබන්නේ මේ ස්ථානයෙහිදී ය. මුළුතැන්ගෙය පවිත්‍රව තබා
ගැනීමත්, දානය පිළියෙල කිරීමත් ඉතා පිරිසුදුව සහ ප්‍රණීතව පිළියෙල කිරීම පිළිබඳව ,
තේවාව භාර නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම දියවඩන නිලමේ තුමාද විශේෂ සැලකිල්ලක්
දක්වනු ලැබේ. පෙර රජදවස ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට දානය හා ගිලන්පස පිළියෙල කරනු
ලැබුවේ රජ මාලිගාවේ මුළුතැන් ගෙයතුළය. එසේ සූදානම් කරන ලද ප්‍රධාන භෝජනය රජතුමා
විසින් රන්කඳක තබාගෙන ශ්‍රී දළදා මාලිගාවට පූජා පිණිස රැගෙන ඒම සම්ප්‍රදායික
චාරිත්‍රය විය. එම චාරිත්‍රය සංකේතවත් කරමින් කත්තියන රාළ යන පූජාව සඳහා සම්බන්ධ වන
පුද්ගලයා විසින් මුළුතැන්ගෙයි සකස්කරන ලද දානය තේවාව අවස්ථාවෙහිදී පයින්ඩකිරීම
හෙවත් වැඩම කිරීම දක්නට ලැබේ. චාරිත්‍ර වාරිත්‍ර අතර බැඳුණු සුවිශේෂී වචන මාලාව
තුළින් ආගමික ශ්‍රද්ධාවත්, රාජකීය බවත් සනිටුහන් වන බව සඳහන් කළ හැකිය. එහිදී
පයින්ඩකිරීම, මල්පැහැගැනීම, කන්දස්නානය, මෙත්වැඩීම ආදී වචන භාවිත කරමින් මහා
සංඝරත්නය හා නිලධරයන් විසින් නියමිත පුද පුජාවන් පවත්වනු ලැබේ. එම අවස්ථාවේදී ආතත,
විතත , විතතාතත, ඝන සුසිර යන පංචතූර්ය නාදය පවත්වන විට දහස් ගණන් ජනයාට සාධුනාද
පවත්වමින් ගාථා කියමින් වන්දනා මානා කිරීමට පුදන අවස්ථාව සලසා ඇත. එය සියලුදෙනාගේම
මෙත් සිත් ප්‍රබෝධමත්ව, ශ්‍රද්ධාවෙන් සොම්නසින් ඉපිළයාමට හේතුවක් වේ.
ඉහත සඳහන් කළ තේවාව භාර නායක හාමුදුරුවන් වහන්සේලාට හිමිවන වරප්‍රසාද මෙන්ම සිදුකරන
චාරිත්‍ර වාරිත්‍ර හා දළදා මන්දිරයේ පවතින ස්ථාන හැඳින්වීම එදා සිටම සිරිත් විරිත්
අනුගමනය කරමින් ම සඳහන් කර ඇතිබව සඳහන් කළ හැකි ය.
ශ්‍රී දළදා මාලිගාවේ සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර අතර තවත් වැදගත් අංගයක් ලෙස
වාර්ෂිකව කරන පුද පූජාවන් සඳහන් කළ හැකි ය. එම පුද පූජාවන් මංගල්‍යය කරුණු හතර ‘සතර
මංගල්‍යය’ නම්න් හැඳින්වේ.
අලුත් සහල් මංගල්‍යය
අලුත් අවුරුදු මංගල්‍යය
පෙරහර මංගල්‍යය
කාර්තික මංගල්‍යය වශයෙනි.
අලුත් සහල් මංගල්‍යය සෑම වර්ෂයකම ජනවාරි මසට යෙදී තිබෙන දුරුතු පොහොය දින සිදු
කෙරේ. රජ කාලයේ දී දළදා මාලිගාවට පුජා කරන්නට යෙදුන කුණ්ඩසාලේ සහල් ගබඩාවෙන්
මාලිගාව ඇතුලු සියලු විහාර දේවාලයන්ට සම්බන්ධව එම සහල් සේරු 80 ක පමණ දානය පිළියෙල
කොට මාලිගාෙවි තිබෙන කිරිගොඩ පාත්‍රය නමින් හඳුන්වන විශාල පාත්‍රයක කිරි ආහාර පිස
එම කිරිබතට අදාළ ව්‍යංජන හා අවුළුපත් සමඟ දිනපතා ම සූදානම් කරනු ලබන බුද්ධ පූජාවත්
සමඟ ම මෙම පුජාව ද සිදුකරනු ලැබේ. මහනුවර අවට පිහිටි සතර දේවාලයන්ට බෙදා දෙන
අනෙකුත් සහල්වලින් දේව පූජාව සඳහා ද එම කටයුත්ත සිදු කෙරේ.
ඉන් අනතුරුව දෙවන මංගල්‍යය ලෙස අලුත් අවුරුදු මංගල්‍යය හැඳින් විය හැකි ය. අවුරුදු
සංක්‍රාන්තියට දළදා මාලිගාෙවි කිරි ඉතිරවීමෙන් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සිදු
කෙරේ.
බදාදා දිනය අවුරුදු දිනයක් වී තිබේ නම්, නානුමුර මංගල්‍යය සිදු කිරීමෙන් අනතුරුව
කණ්ටස්නානය නම්න් චාරිත්‍රයක් ඉටු කරනු ලැබේ. එයින් අදහස් වන්නේ බුදුරජාණන්
වහන්සේගේ සම්බුදු සිරුර දෝවනය කිරීමයි.ඒ හැර නානුමුර මංගල්‍යය සිදුකරන දිනයට
ජනතාවගේ හිසතෙල් ගෑම අලුත් අවුරුදු කාලය තුළ සිදු කෙරේ. පෙර රජ දවස සිදුකළ ආකාරයටම
තෙල් අඹුල් හා නානු දළදා මාලිගාවෙහිම සූදානම් කර නාථ දේවාලය ට රැගෙනවිත් නාථ දේවාල
දොරකඩ දී සතර දේවාල, පිටිසර දේවාල හා සියලු රජ මහා විහාරස්ථානවලට බෙදා දිීමෙන්
අනතුරුව හිස තෙල් ගෑමේ මංගල්‍යය සිදුකෙරේ.
තුන්වන මංගල්‍යය ලෙස දළදා වහන්සේ හා සතර මහා දේවාලවල දෙවිවරුන් වන නාථ, විෂ්ණු,
කතරගම හා පත්තිනි යන දෙවිවරුනට පූජා පිණිස ජූලි මස හෝ අගෝස්තු මාසවලදී මහනුවර දී
පැවැත්වෙන පෙරහර මහා මංගල්‍යය සඳහන් කළ හැකි ය.
- හේමමාලා රන්දුනු
|