|
කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයට ශෛලමය ඝණ්ඨාර කුළුණක්
මහින්දාගමනයෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ බුදුදහම සේම කැටයම් කලාව, ගෘහ
නිර්මාණ ශිල්පය ද බැබළිණි. අනුරපුර පොළොන්නරු යුගවල බිහි වූ වෙහෙර විහාර, දාගැබ්,
කැටයම් නිර්මාණ එයට කදිම නිදසුන් ය. ඒ තුළින් අපගේ අභිමානවත් ප්‍රෞඪ ඉතිහාසය ලොවට
විදහාපායි. හෙළ රජ දවස ඉදි වූ එවන් විශ්මිත නිර්මාණ වර්තමාන සමාජය තුළ ද දක්නට
ලැබීම භාග්‍යයකි. කළුතර දකුණු රෙමුණගොඩ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ
අභිනවයෙන් ඉදිකරන ලද ශෛලමය ඝණ්ඨාර කුළුණ අතීත උරුමය වර්තමානයට දායාද කරන අද්විතීය
අපූර්ව නිර්මාණයකි.
1900 දී පමණ පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරයේ වැඩ විසූ පයාගල
පුඤ්ඤාසාර මා හිමියන්ගේ අනුශාසනා පරිදි පොල් අතු සෙවිලි කළ කටු මැටි ගැසූ කුඩා
කුටියකින් ආරම්භ කළ මෙම විහාරස්ථානය අද අංගසම්පූර්ණ මහා විහාරස්ථානයක් බවට
පරිවර්තනය වී ඇත.
ඉතිරිය»
|
|
උඳුවප් පුර පසළොස්වක පෝය
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදා පූර්ව භාග 00.57 ට ලබයි.
එම දා අපර භාග 9.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 3 වන දා
ඉරිදා ය.
මීළඟ පෝය දෙසැම්බර් 10 වන දා ඉරිදා ය.
|
|
|
|
|
|
|