UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාන්ති පදනම මෙහෙයවන පිච්ච මල් පූජාව 29 වනදා අනුරාධපුරයේදී

ශාන්ති පදනම මෙහෙයවීමෙන් වාර්ෂිකව පවත්වන පිච්චමල් පූජාව ජූලි 29 වනදා පස්වරු 3 ට අනුරාධපුරයේදී පැවැත්වේ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම සිදු කෙරේ.

ඉතිරිය»

රාජකීය පණ්ඩිත උපාධියේ පළමු තැන විද්‍යොදය පිරිවෙනට

1902 වර්ෂයේ ජූලි මස 04 වන දින ආරම්භ කළ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම පෙරදිග භාෂා ශාස්ත්‍ර අධ්‍යයනයට රාජකීය පණ්ඩිත උපාධිය පිරිනමන දැනට ලංකාවේ ඇති පැරණි ම ආයතනයයි. එම සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධව 2016 වසරේ පැවැත් වූ ප්‍රාචීන පණ්ඩිත උපාධි අවසාන පරීක්ෂණයෙන් සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රයෙන් දිවයිනේ ප්‍රමුඛයා මෙන්ම දෙවැනි තැන ද මෙවර ලබාගැනීමට සමත් වූයේ කොළඹ, මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ පින්කන්දේ දමිතසාර හා ඌමෑලේ විමලධම්ම යන හිමිවරුන් ය. පින්කන්දේ දමිතසාර හිමි දිවයිනේ ප්‍රථමයා මෙන්ම විද්‍යෝදය පිරිවෙණේ දීප්තිමත් ශිෂ්‍යයාට හිමි වන ස්‍යාමරාජ ත්‍යාගය ද ලැබීය. ඌමෑලේ විමලධම්ම හිමි දිවයිනේ දෙවන ස්ථානය මෙන්ම විද්‍යොදය පිරිවෙණේ වර්ෂ අවසාන පණ්ඩිත උපාධි පරීක්ෂණයෙන්ද දෙවන ස්ථානය හිමිකර ගත්තේ ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දෙලොව දිනන මඟ...

'“ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤෙඤා උභයත්ථ මොදති
සොමොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනො”

“පින් කළ තැනැත්තා මෙලොව ද සතුටු වේ. පරලොව ද සතුටු වේ. හෙතෙම තමන්ගේ පිරිසුදු කර්මය දැක සතුටු වේ. වෙසෙසින්ම සතුටු වේ.” කතපුඤ්ඤ බව නම් සැදැහැ සිතින් පින් කළ බවය. උභයාර්ථ කර්මය නම් සසර පිරූ පෙරුමන් බලගන්වා මෙලොව ,පරලොව සනසා ගැනීමය. විසුද්ධිය නම් අපිරිසුදු කර්ම නොමැති වීමයි. වැඩූ පුණ්‍ය ශක්තිය ඇතිව වර්ධනය වූ කර්ම ශක්තියයි .බොහෝ සෙයින් ඇතිව වර්ධනය වූ කර්ම ශක්තියයි. බොහෝ සෙයින් ඇති කරවන උසස්ම සතුට පමෝදනයයි. මෙලොව දී කළ කුසල් කම් බලයෙන් පරලොවද අපමණ සුගති සැප ලබා සිත කය පිනවමින් ඇතිවන බලවත් සතුටයි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි එනම් දානයෙහි, ශීලයෙහි භාවනාවෙහි ප්‍රයෝජන දැන පින්කම් කරන පුද්ගලයා ප්‍රමෝදයට පත් වේ. " පාපකාරි පුද්ගලයාට කිසිලෙසකින්වත්, මොනයම් හෝ සතුටක් ලැබෙන්නේ නැත. ඔහු ජීවිතය විනාශයට පත් කර ගන්නේය. දුගතියට පත්වන්නේය. දෙලොවම තැවෙන්නේය. කුරිරු දුක් විපත් ලබන්නේය.

ඉතිරිය»

යුග මෙහෙවරක ගුණ සුවඳ

හඟුරන්කෙත ධීරානන්ද පණ්ඩිත හාමුදුරුවෝ

තමන් වහන්සේ ප්‍රගුණ කළ විෂයය මගින් විද්‍යාර්ථීන්ට දුන් දැනුම මෙන්ම ඉතා දිගු කලක සිට බුදුසරණ පාඨකයාගේ දහම් පිපාසය සන්සිඳවීමට උදාර මෙහෙවරක් කළ සංඝ පීතෘවරයන් වහන්සේ නමකි.ධර්ම ශාස්ත්‍රීය මෙන්ම ශාසනික යුග මෙහෙවරක නිරතව වැඩ සිටි කීර්තිමත් සංඝපීතෘන් වහන්සේ නමක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් දා (11) අපවත් වී වදාළහ. සුවහසක් විද්‍යාර්ථීන් ඇතුළු පාඨකයන්ගේ නැණ පහන් දැල්වීමට අප්‍රමාණ වෙහෙසක් ගත් මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම බලවත් පාඩුවකි. නොදත් බොහෝ දේ මෙරට වැඩ සිටින පූජනීය සම්භාවනීය මහ සඟරුවනින් අසා දැනුම්වත්වීම කලක සිට මා ලත් පුරුද්දකි. එසේ අප විමසන ධර්ම විනයධර සංඝපීතෘන් වහන්සේ අතර මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන් වහන්සේද එක් නමක් වූ බව කෘතවේදීව සිහිපත් කළ යුතු වේ.

ඉතිරිය»

සම්මා සම්බුද්ධත්වයෙන්
පසු පළමු සතිය

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]