UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දෙලොව දිනන මඟ...

'“ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤෙඤා උභයත්ථ මොදති
සොමොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනො”

“පින් කළ තැනැත්තා මෙලොව ද සතුටු වේ. පරලොව ද සතුටු වේ. හෙතෙම තමන්ගේ පිරිසුදු කර්මය දැක සතුටු වේ. වෙසෙසින්ම සතුටු වේ.” කතපුඤ්ඤ බව නම් සැදැහැ සිතින් පින් කළ බවය. උභයාර්ථ කර්මය නම් සසර පිරූ පෙරුමන් බලගන්වා මෙලොව ,පරලොව සනසා ගැනීමය. විසුද්ධිය නම් අපිරිසුදු කර්ම නොමැති වීමයි. වැඩූ පුණ්‍ය ශක්තිය ඇතිව වර්ධනය වූ කර්ම ශක්තියයි .බොහෝ සෙයින් ඇතිව වර්ධනය වූ කර්ම ශක්තියයි. බොහෝ සෙයින් ඇති කරවන උසස්ම සතුට පමෝදනයයි. මෙලොව දී කළ කුසල් කම් බලයෙන් පරලොවද අපමණ සුගති සැප ලබා සිත කය පිනවමින් ඇතිවන බලවත් සතුටයි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි එනම් දානයෙහි, ශීලයෙහි භාවනාවෙහි ප්‍රයෝජන දැන පින්කම් කරන පුද්ගලයා ප්‍රමෝදයට පත් වේ. " පාපකාරි පුද්ගලයාට කිසිලෙසකින්වත්, මොනයම් හෝ සතුටක් ලැබෙන්නේ නැත. ඔහු ජීවිතය විනාශයට පත් කර ගන්නේය. දුගතියට පත්වන්නේය. දෙලොවම තැවෙන්නේය. කුරිරු දුක් විපත් ලබන්නේය.

ඉතිරිය»

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]