UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය උත්කර්ශවත් අන්දමින් පවත්වනවා - ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන බව ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රකාශ කළහ. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් එසේ ප්‍රකාශ කළේ ඉකුත් (20) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති හමුවකට සහභාගි වෙමිනි. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය සඳහා අනුග්‍රාහකත්වය සපයන රජයේ සහ පෞද්ගලික ආයතන එහිදී අදාළ චෙක්පත් කිරින්දේ අස්සජි හිමියන්ට ලබාදෙන ලදී. එම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, රංජිත් මද්දුම බණ්ඩාර, ෆයිසර් මුස්තාපා ඇමැතිවරුන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) එස්.ඒ.සී. එන්. ජයතිලක මහතා සහභාගි වූහ. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේද පැවසූහ. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය ආරම්භ කළේ ඉතා කුඩාවට. වර්තමානයේ මෙම වෙසක් මංගල්‍ය නැරඹීම සඳහා විශාල ජනතාවක් සහභාගි වෙනවා.

ඉතිරිය»

ගුණ නැණින් පිරි දරුවන් තැනීමට සෙවණ සදන නායක හාමුදුරුවෝ

සසුනඹරෙහි ආදර්ශමත්ව වැඩ වසන සංඝපීතෘන් වහන්සේලා තම දිවියම සසුන වෙත කැප කරමින් මහඟු මෙහෙරවක් ඉටු කරති. එම උදාර මෙහෙවර ඉතා නිහඬව සිදුකිරීමද පැසසිය යුතු කරුණකි. සෑම ස්වාමීන් වහන්සේ නමක්ම බියකරු සසර ගමනෙන් එතෙරට වඩින්නට දරන උත්සාහය ගිහි සමාජයට කරන්නට තබා ඇතැම්විට හිතන්නට පවා අපහසුය. තම මව පියා සහෝදර සහෝදරියන් පමණක් නොව ගිහි සමාජයටම ආයුබෝවන් කියා කසාවතින් උතුම් පැවිදි දිවියට පත්වීමම ගිහියන් කී දෙනෙකුගෙන් කෙනෙකුට කළ හැකි උතුම් පරිත්‍යාගයක්ද? එසේ උතුම් පැවිද්දට පත් වූ දා පටන් බෞද්ධ ජන සමාජයේ ආගමික හැදියාව වර්ධනය කරන්නට සමස්ත පැවිදි ජීවිතය පුරා දරන උත්සාහය කියා හෝ ලියා නිම කළ නොහැකිය. උන්වහන්සේ පැවිදි බිමට පත්ව ග්‍රාමවාසීව හෝ අරණ්‍යවාසීව වැඩ වෙසෙමින් බොදු දන සිත් පහන් කරන්නට නිතර දෙවේලේ ගත සිත මෙහෙයවති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිත පිරිසුදු කර ගනිමු

“ඉදං පුරෙ චිත්මචාරි චාරිකං
යේ නිච්ඡකං යත්ථ කාමං යථාසුඛං
තදජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෙ,
හත්ථිප්පභීන්නං විය අංකුසග්ගහො”

ධම්මපදයේ නාග වග්ගයේ හත් වන ගාථාවයි. “නුවණින් සිත හික්මවා ගන්න” යනුවෙන් සානු සාමණේරයන් වහන්සේට බුදුරදුන් වදාළ තේරුම වටහා ගනිමු. “පෙර මේ සිත කැමති ලෙසින් කැමති තැනක සුවසේ සැරිසරා ඇවිද්දේය. මම අද ඒ සිත මට්ටු කර හික්මවා ගනිමි. මද කිපී ඇති ඇතෙකු අල්ලා හික්මවන්නාවූ ඇතැදුරෙකු මෙන් නුවණින් යුතුව මනාව හික්මවන්නෙමි.” බුද්ධශාසනයේ පැවිදි බව ලැබූ “සාණු” නම් සාමණේරයන් වහන්සේ අරභයා මෙම දේශනාව සිදුකර ඇත.

ඉතිරිය»

ජගත් සම්බුදු තෙමඟුල සිරිලකට

සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව රටවල් අනූවක් පමණ නියෝජනය කරමින් ආරාධිත හත්සිය පනහකට අධික බෞද්ධ රාජ්‍ය තාන්ත්‍රික පිරිසකගේ සහභාගිත්වයෙන් ලබන 12,13,14 යන දිනයන්හි කොළඹ දී සහ මහනුවර දී පැවැත්වෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකදී ඒ මහතා එම අදහස් පළ කළේය. ඒ අනුව ලබන 12 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ආරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍රමෝදි මහතා සහභාගි වන අතර 14 දා මහනුවරදී පැවැත්වෙන අවසන් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනිය බිධ්‍යාදේවි භණ්ධාරී මැතිණිය සහභාගි වේ

ඉතිරිය»

ආළාර තවුසා හමුවීම.
සිතුවම - පුන්සර උදාර

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]