UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

"හැදෙන වැඩෙන දරු පරපුර නැණ ගුණ සපිරි දරු පරපුරක් කිරීමේ මහඟු අදිටනින් උන්වහන්සේ වසර කීපයක සිට පාසල් ගොඩනැගිලි ඉදි කරවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළහ.
ඒ අනුව අත්තනගල්ල වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක පමණ වියදමින් ඉදිකරවූහ. "

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

ගුණ නැණින් පිරි දරුවන් තැනීමට සෙවණ සදන නායක හාමුදුරුවෝ

 

සසුනඹරෙහි ආදර්ශමත්ව වැඩ වසන සංඝපීතෘන් වහන්සේලා තම දිවියම සසුන වෙත කැප කරමින් මහඟු මෙහෙරවක් ඉටු කරති. එම උදාර මෙහෙවර ඉතා නිහඬව සිදුකිරීමද පැසසිය යුතු කරුණකි. සෑම ස්වාමීන් වහන්සේ නමක්ම බියකරු සසර ගමනෙන් එතෙරට වඩින්නට දරන උත්සාහය ගිහි සමාජයට කරන්නට තබා ඇතැම්විට හිතන්නට පවා අපහසුය. තම මව පියා සහෝදර සහෝදරියන් පමණක් නොව ගිහි සමාජයටම ආයුබෝවන් කියා කසාවතින් උතුම් පැවිදි දිවියට පත්වීමම ගිහියන් කී දෙනෙකුගෙන් කෙනෙකුට කළ හැකි උතුම් පරිත්‍යාගයක්ද? එසේ උතුම් පැවිද්දට පත් වූ දා පටන් බෞද්ධ ජන සමාජයේ ආගමික හැදියාව වර්ධනය කරන්නට සමස්ත පැවිදි ජීවිතය පුරා දරන උත්සාහය කියා හෝ ලියා නිම කළ නොහැකිය. උන්වහන්සේ පැවිදි බිමට පත්ව ග්‍රාමවාසීව හෝ අරණ්‍යවාසීව වැඩ වෙසෙමින් බොදු දන සිත් පහන් කරන්නට නිතර දෙවේලේ ගත සිත මෙහෙයවති. ගමේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ගම්වැසියන්ට නිසි මාර්ගෝපදේශකත්වය සලසමින් ඔවුහු ගුණ දහමෙහි නිරත කරවීමට ගන්නා උත්සාහය ආදර්ශවත්ය. භික්ෂූන් වහන්සේ සමස්ත සමාජයේ ගෞරවයට, උපහාරයට බඳුන්වනුයේ උන්වහන්සේගේ සිල්වත්බව, ගුණවත්බව මෙන්ම ආදර්ශමත් බවද හේතුවෙනි. භික්ෂූන් වහන්සේ ත්‍රිපිටක දහම මැනවින් හදාරා ඒ දහම් මඟෙහි ගමන් කිරීමට සමාජයට මඟ පෙන්වීමට උනන්දුවෙති.

ඉතිරිය»

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]