UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 5 වන කොටස

අප්පමාද වග්ගය

21.අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා

පින් දහම් කරන්නට - පමා නැති තැනැත්තා - කිසි පමාවක් නැතිව - නිවන වෙත යන්නේ ය. පමා වන තැනැත්තා -දුකට පත් වන්නේය. ලෝකයේ සනාතන - දහම එය වන්නේය. පමා නැති තැනැත්තෝ - මරණයෙන් මිදී යති. පමා වන්නෝ නිසැක ලෙස මරණය ම ලබති.

හිතවතුනි , තුන් දොරින් - සංවරව පින් කරන - තැනැත්තෝ නිරතුරුව - නො පැරදී ජය ලබති. තුන් දොරින් අසංවර -පව් කරන තැනැත්තෝ - නිරතුරුව දුක් විඳිති. දැඩි පරාජය ලබති. පින් කරන තැනැත්තා - සමාජය පිළි ගනී. මරණයෙන් පසුව නම- අමරණීයව රැකේ. පව් කරන්නා ලොවේ - කිසි කෙනෙක් නො සලකති. මැරෙන්නට පළමුව ද- හේ මැරුණු කෙනෙකු මෙනි.

22. එතං විසෙසතො ඤත්වා - අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදෙ පමොදන්ති – අරියානං ගොචරෙ රතා

මා, නොපමා දෙකේ- වෙනස දත් නැණැත්තෝ - නිතර බුදු මග අනුව - ජීවිතය ගත කරති. එසේ කල් ගෙවීමෙන් ලැබෙන මහ කුසලයෙන් -මෙලෝ පරලෝ දෙකම සරු කරති. සතුටු වෙති...-

හිතවතුනි- නුවණැතිව , පමා- නොපමා දෙකේ වෙනස දැන ජීවිතය- හසුරුවා ගත යුතුය. තුන් දොරින් සුසංවර -පමා නැති ජීවිතය- අඩුපාඩුවක් නැතිව- සරුසාර වන්නේ ය. කුසලයට නොපමාව - අනලස්ව හැසිරෙන්න. ඒ අනුව නිසැකව ම - ජය ම හිමි කර ගන්න.

23.තෙ ඣායිනො සාතතිකා - නිච්චං දළ්හ පරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බානං - යොගකේඛමං අනුත්තරං

නැණැත්තෝ නිරතුරුව - දැහැන් වඩවා ගනිති. නිරතුරුව දැඩි සිතින්- වීරිය බල රැක ගනිති. එම නිසා කෙමෙන් හැම- බැමි වලින් නිදහස්ව- අනුත්තර වූ අමා -මහ නිවන් සුව ලබති.

හිතවතුනි, නැණැත්තෝ - මුළු දවස තිස්සේම - අකුසලයට ඉඩ නොදී- තුන් දොරම රැක ගනිති. එවිට දවසේ සියලු -දේ සඵල වන්නේය. සසල සිත නිසල වී- සැනසුම ලැබෙන්නේ ය.

24.උට්ඨානවතො සතිමතො - සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො - අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති

නොපිරිහුනු දිරිය ඇති- දැහැමි වූ තැනැත්තේ තුන් දොරම හසුරුවන- අප්‍රමාදී කෙනෙකි. ලෝකයේ පැතිර යන කිතු ගොසක් ඇති කෙනෙකි.

හිතවතුනි, තුන් දොරින් - සුසංවර තැනැත්තා- නිසැකවම පමා නැත. මහ විරිය ඇති කෙනෙකි. එබඳු වූ තැනැත්තෝ -ජය ම හිමි කර ගනිති. ලෝකයා ගරු කරන - උසස් තනතුරු ලබති.

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය ජනවාරි 23 වනදා සෙනසුරාදා පූර්ව භාග 04.07 ට ලබයි.
24 වනදා ඉරිදා පූර්වභාග 04.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 23 වනදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 29 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]