ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගාල්ල හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති, තල්පේ අරියජෝති නාහිමිපාණන් වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර ගෞරව නාමසම්මුතිය සහිත ව දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය පසුගිය 30 වැනි දින මහනුවර මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්වාමීන් වහන්සේ විසින් පිරිනමන ලදී. දිමුතු පුන්සර කොළඹගේ
කොළඹ කඩවත්සතර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික බළපොකුණ පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී සද්ධර්ම කීර්ති ශ්‍රී උඩගම සිද්ධත්ථ නාහිමියන්ගේ ජන්ම දිනය ජනවාරි මස 31 වැනි දිනට යෙදී තිබිණි.
ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමලු විහාරයේ දී, ශාස්ත්‍රපති පණ්ඩිත අරම ශ්‍රී ධම්මතිලක නා හිමියන්ගේ අනුශාසනයෙන් ඖෂධ 108ක පූජාවක් සහ බෝධි පූජා පින්කමක් පසුගිය දුරුතු පෝ දින පැවැත්වුණි. සහභාගි වූ සැමට පිරිත් නූල් බැඳ ආශීර්වාද කිරීම ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් ඉගෙන ගන්නා දහම් පාසල් අතර ප්‍රමුඛතම ධර්මායතනයක් වන පාණදුර ගඟුල - ශ්‍රි ඥානවිමල දහම් පාසල 75වැනි සංවත්සරය පෙබරවාරි 19 දා සැමරීමට කටයුතු යොදා ඇත. ආදි කර්තෘවරයාණන් වූයේ අපවත්වී වදාළ, ත්‍රිපිටක විශාරද, රාජකීය පණ්ඩිත නරමානේ ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමිපාණෝ ය. පෙබරවාරි 14 දිනට යෙදෙන උන්වහන්සේගේ හය වැනි අනුස්මරණ පින්කම ද මෙම පුණ්‍යොත්සවයට සමගාමී ව සිදුකෙරේ. ගගුල සිරිපරම විශුද්ධාරාමාධිපති රාජකීය පණ්ඩිත තන්තිරිමුල්ලේ සරණ මා හිමියන්ගේ අනුශාසනා පරිදි විශේෂ දහම් පාසල් සමරු ග්‍රන්ථයක් එළිදැක්වීමත් අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනයක් මෙන් ම ශිෂ්‍ය නායක පුහුණු වැඩසටහනක් ද මේ හා සමගාමී ව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ය. - නිශාන්ත චාමින්ද පීරිස් ( ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව )
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]