[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මැටිවිලියේ ශ්‍රී පියරතන නා හිමි විසිපස්වැනි ගුණ සමරුව

මැටිවිලියේ ශ්‍රී පියරතන නා හිමි විසිපස්වැනි ගුණ සමරුව

වලල්ලාවිට ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක, මැටිවිලියේ ශ්‍රී පියරතන නාහිමිපාණෝ මෙයින් අනූනව වසරකට පෙර, දකුණු ලක ගාලු දිසාවේ පිටිගල මැටිවිලිය ග්‍රාමවරයේ දී 1926 ඔක්තෝබර් 26 දින උපත ලදහ.

1940 අගෝස්තු 14 වන දින පිටිගල ගංගාතිලක විහාරය ඇතුළු විහාරගණයේ ආධිපතිත්වය ඉසුලූ පන්නිල ශ්‍රී සාරානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්වූහ.

පිටිගල ගංගාතිලක පිරිවෙනින් හා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් උගතමනා බණ දහම් සපිරූ මැටිවිලියේ පියරතන සාමණේරයෝ 1949 අප්‍රේල් මස 30 වැනි දා කෝට්ටේ රාජමහා විහාර මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලදහ.

නාහිමිපාණන් අපවත්වී 2025 පෙබරවාරි 15 දිනට පුරා විසිපස් වසරක් සපිරේ. පිටිගල ගංගාතිලක පිරිවෙන් විහාරාධිපති පොල්දූගොඩ රේවත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි විසිපස් වැනි ගුණ සමරුව, පෙබරවාරි 14, 15 දෙදින තුළ සිදු කිරීමට, කටයුතු සංවිධානය කර ඇත. 14 දින සවස 8.00ට විශේෂ ගුණ සමරු ධර්ම දේශනාව, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති, ශාස්ත්‍රපති, වතුරුවිල සිරි සුජාත හිමි. 15 දින දහවල අර්ධ ශතාධික සඟසතු දානමය පින්කමකි.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]