ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුදුසරණ පුවත්පතේ ආරම්භක සාමාජිකයකු මෙන්ම එහි හිටපු ප්‍රධාන කර්තෘවරයකු වූ දයා සිරිවර්ධන මහතාගේ 14 වැනි ගුණානුස්මරණය මෙම මස 26 වැනිදාට යෙදී තිබේ.
මහා පත්‍රකලාවේදියකුවූ පියසේන නිශ්ශංක ශූරීන් සමඟ 1965 දී බුදුසරණ පුවත්පත ආරම්භ කිරීමට මූලික වූ දයා සිරිවර්ධන මහතා සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂා විෂයයෙහි උගතකු මෙන්ම ඡ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ විශාරදයකුද විය.
තම නමට අමතරව “දහම් සොඬ, සදසි, දයා, ගොවිදු, සිරිවැඩි” යන ආරූඪ නම්වලින් පුවත්පත් කලාවේ නියැළී දයා සිරිවර්ධනයන් ප්‍රසිද්ධිය පසුපස හඹා නොයෑමේ නිහතමානී ගුණය සනිටුහන් කරනු ලැබීය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිල පුවත්පත වූ “සසුන” පුවත්පතේ උපදේශක කර්තෘවරයා ලෙසින් ද ශාසනික මෙහෙවරට උරදී කටයුතු කළ ඒ මහතා විසින් බුදුරදුන්ගේ දේශනා ක්‍රම ආශි‍්‍රත ජනසන්නිවේදන විධි, ධම්මික සමඟ ධම්ම සාකච්ඡා 1 සහ 2, ලොව පතළ සිතුවම් ආදී ග්‍රන්ථ කිහිපයක් ද රචනා කරනු ලැබීය.
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]