[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කෙලෙස් සතුරන්ගේ දුර්විපාක

කෙලෙස් සතුරන්ගේ දුර්විපාක

බුදු දහම තුළ රාග, ද්වේෂ, මෝහ, මාන ඇතුළු ව බොහෝ ක්ලේශයන් ගැන සඳහන් වේ. වර්තමාන සමාජය තුළ, මරණයේ දෝංකාරය ද වෙන කවරදාකටත් වඩා දැනෙමින් පවතී. මෙහිදී මිනිස් ක්ලේශයන් හා මරණය අතර ඇත්තේ කුමන සම්බන්ධතාවක් දැයි අපි මොහොතකට විමසා බැලීම වටී.

කිසියම් පුද්ගලයකුගේ හෝ කිසියම් සමාජයක හෝ, මිනිස් ක්ලේශයන් හා පුද්ගල ආයු කාලය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවකි, එනම්

වර්තමාන සමාජය තුළ මිනිස් ක්ලේශයන් වේගයෙන් අවධි ව යන බව අපට පෙනේ. සමාජය පිළිබඳ හොඳින් නිරීක්ෂණය කරන සමහර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවසන ආකාරයට අද වයස අවු 05ක ළමයාගේ සිට ම රාගය අවුස්සා ඇති බව ප්‍රකාශිත වේ. ජනමාධ්‍ය බොහෝමයක් ආචාර ධර්මවලට පටහැනි ව කටයුතු කරන ආකාරය ද ඔවුන්ගෙන් ප්‍රකාශිත වේ.

කෙලෙස් අවධි කිරීමත්, ඒවා බොහෝ කාලයක් පවත්වා ගෙන යාමත් නිසා සමාජයේ උන්මත්තකයන් හා මානසික ලෙඩ්ඩුන් ඇතිවීම, අධික තරහ යෑම, එනිසා කෝපවීම යනාදී සමාජ ගැටුම් ඇතිවීම සිදු වේ. පෙර කාලවලට වඩා අධික රුධිර පීඩනයෙන් මියයන්නෝ ද අද බහුල ය. එයට පාසල් දරුවන්ගේ පටන් ගොදුරු ව ඇති බව දිනපතා ප්‍රවෘත්ති ප්‍රකාශ මඟින් අපට තහවුරු වේ.

ද්වේශය නිසා අනුන් නැසීමට තැත් කිරීම, හා එසේ මරණයට පත්කිරීම් ද සමාජය තුළ බහුල ය. මෝහය හෙවත් අධික තෘෂ්ණාව ඇති කරවන වර්තමාන වෙළඳ දැන්වීම් අප සමාජයට කෙතරම් ඔරොත්තු දෙන්නේ ද යන්න සිතා බැලීමට කාලය එළඹ ඇත.

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]