[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නාගිත මහරහතන් වහන්සේ කඨින චීවර පූජාවේ අනුසස්
දේශනා කිරීම

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මේ සුපින්වත් කඨිනත්ථාර සමයයි

ඇසළ පුණු පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදු කොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹි සියලු භික්‍ෂුන් වහන්සේ අදට යෙදෙන වප් පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමය යි. එය මහා පවාරණය නමින් ද හැදින්වේ. මෙතැන් සිට ඉල් පුර පොහෝ දිනය දක්වා වූ කාල සීමාව කඨිනාස්ථර කාලය හෙවත් චීවර මාසය යනුවෙන් හඳුන්වනු ලැබේ. දුරාතීතයේ සිට ම අපේ නරපතියන් බොහෝ දෙනකු මෙම මහා පින්කම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකර ඇති අයුරු දැක ගත හැකි වේ. මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහා ශ්‍රාවක පූජාවක් ලෙස එක් දිනක ස්ථාන අසූවක දී අසූ නමක් පමණ වූ තෙරවරුන් සඳහා කඨින චීවර පූජාවන් පිදීමේ මහා පින්කමක් පිළිබඳ සඳහන් වේ. එමෙන් ම සයවැනි පැරකුම්බා නිරිඳුන් ද ත්‍රි සිංහලයෙහි ම වස් විසු භික්‍ෂූන් වහන්සේ සඳහා කඨින චීවර පූජා පැවැත් වූ බව සඳහන් ය. කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාදී රාජසිංහ ආදී බොහෝ රාජරාජ මහා මාත්‍යවරුන් මෙම උදාර පින්කම මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතු ව සිදුකොට ඇති අයුරු අපේ ඉතිහාසය මගින් අනාවරණය කොට ඇත. අදින් ඇරඹෙන දින විසි නවයක් තරම් වූ ඉතා සීමිත කාල පරාසය තුළ මෙම අසිරිමත් මහා පින්කම පැවැත් වේ. එම කාලය කඨිනාස්ථර කාලය වශයෙන් පරිවාර පාලියෙහි “කඨිනස්ස අත්ථාර මාසෝ ජානි තබ්බෝති වස්සානස්ස පච්ඡිමෝ මාසෝ ජානි තබ්බෝ”යනුවෙන් සඳහන් වේ. එහි අදහස වන්නේ වස්සාන සෘතුවෙහි අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දත යුතු බව ය. කඨිනත්ථාර කාලය හෙවත් චීවර මාසය ඇතුළත සිදුකළ යුතු මෙම මහා පින්කම ජන වහරෙහි වස් පින්කම, කඨින මහා පින්කම යනුවෙන් නම් කොට තිබේ. මේ මහා පින්කමෙහි ඇති ශක්තිමත් බව, අකම්ප්‍ය බව, නො බිඳෙන බව, ස්ථාවර බව, “කඨින” යන වචනයෙහි ගැබ්ව ඇති අතර, මහා ගරුක පුණ්‍ය ක්‍රියාවක් ලෙස ධර්මයෙහි විස්තර කෙරේ. එපමණක් නොව ලොව්තුරා බුදුවරයන් වහන්සේ ද මේ සඳහා සහභාගි ව ඇත. උන්වහන්සේගේ මහත් වර්ණනාවට ද ලක්ව ඇති මහා පින්කමකි.

සමගියෙන් වස් සමාදන් ව සමගියෙන් ම සමුගන්නා වස් පවාරණය

මහාවග්ග පාළියේ දැක්වෙන පරිදි වස් පවාරණය කළ යුත්තේ දුටු හෝ, ඇසූ හෝ, සැකයට භාජන වූ හෝ වරදක් වේ නම්, ඒවා නිවැරැදි කර ගෙන ය. බුද්ධ කාලයේ භික්ෂූන් වහන්සේ තැන තැන කණ්ඩායම් වශයෙන් වස් වසා තිබේ. විවිධ වයස් කණ්ඩායම් එක් ව මාස 3ක් පමණ කාලයක් වාසය කරන විට එකිනෙකාගේ විවිධ අදහස් උදහස්, ක්‍රියාකාරකම් අන් අයට වැරැදි ලෙස පෙනෙන්නට ද, ඇසෙන්නට ද, සැක කිරීමට ද පුළුවන. ඒ අනුව විෂම වයස් කාණ්ඩවල භික්ෂූන් එක් ස්ථානයක වස් වසා සිටින විට විවිධ ගැටුම්, වාද භේද, තර්ක විතර්ක පැනනැඟීම සාමාන්‍ය තත්ත්වයකි. මේ තත්ත්වය ඇති වුවහොත් වස් පවාරණය කර විසිරී යන්නේ සමගියෙන් නොව අසමගියෙනි. බුදුසසුනේ චිරකල් පැවැත්ම සඳහා විනය ප්‍රධාන වන බව “විනයෝ නාම සාසනස්ස ආයු” යනුවෙන් ද, භික්ෂූන් වහන්සේලාගේ සමගිය සැපයක් බව “සුඛා සංඝස්ස සාමග්ගි” යනුවෙන් ද බුදුහිමි දේශනා කර ඇත්තේ මෙවැනි අසමගිකම් ඇති වීමට ඉඩ නොතබමිනි. වස් විසීමට සමගියෙන් එකමුතු ව සහභාගී වූ භික්ෂූන් එය අවසන් කළ යුත්තේ ද සමගියෙන් යුතු ව බව දැක්වීමට වස් පවාරණය නම් විනය කර්මය නියම කළ බව පෙනේ. එහි දී වස් කාලය තුළ එක්ව විසූ භික්ෂූන් අතර සිදු වූ යම් වරදක් දැක්කේ නම්, ඒ වැරැදි ක්ෂමා කර ගෙන හෝ, තවත් පිරිසකගේ වැරැදි අසා තිබේ නම් ඒවා සමථයකට පත් කොට ගෙන හෝ, තවත් අයුරකින් යමකුගේ වරදක් ගැන සැකයක් ඇති වී නම් ඒවා දුරු කරගෙන හෝ, වස් සමාදන් වන විට භික්ෂූන් අතර පැවති සුහදතාව, සමගිය වස් පවාරණය කරන විට ද එලෙස ම හෝ ඊටත් වැඩියෙන් ආරක්ෂා කර ගෙන භික්ෂූන් වහන්සේ සමගියෙන් යුතු ව සිදු කෙරෙන සමුගැනීමක් ලෙස වස් පවාරණය අගනා විනය කර්මයක් ලෙස හැඳීන්විය හැකි ය. මහාවග්ග පාළියේ ප්‍රථම භාගයේ ඇතුළත් පවාරණක්ඛන්ධකයේ බුදුහිමියන් පවාරණ විධි හතරක් නම් කර ඇත.

හෘදය සාක්ෂියට වංචනිකයකු නොවන්න

අද වෙනදාටත් වඩා අවංක බව ගැන කතා කරන කාලයක් වෙලා තියෙනවා. ඒකට හේතුවක් තමා අපේ රටේ නායකයන් මේ දක්වා ගෙන ගිය ව්‍යාජ කතා, සිතිවිලි හා ක්‍රියාකාරකම්. මේ අවංක බව කියන්නේ තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ ව ක්‍රියා කිරීම යි. තම හදවතින් තමන් කරන, කියන, සිතන දේ වැරැදි බව දැන ගෙන ම මුදල්, තනතුරු, ලාභ ප්‍රයෝජනවලට ගිජු ව ක්‍රියා කිරීම අවංකකමට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙළයි. ධම්මපදයෙහි ම එනවා මෙහෙම ගාථාවක අවසාන කොටසක්. අත්තානං දමයන්ති පණ්ඩිතා කියලා. මෙයින් කියැවෙන්නේ නුවණැති උදවිය ආත්මය දමනය කර ගන්නවා. එය උපමා මඟින් පෙන්වා දෙනවා. ගොවිතැනෙහි යෙදී ඉන්න උදවියට අවශ්‍ය කරන ජලය ලබා ගැනීමේ දී අවශ්‍ය වගාබිමට ක්‍රමානුකුල ව ඇළ වේලි සකස් කර ගෙන, ඇදකුද ඇති තැන් නිවැරැදි ව සකස් කර අවශ්‍ය තැනට දුර තිබෙන ජලය ගෙන යනවා. ඒ වගේම තමා ලී වඩුවෝ. ඇදකුද තිබෙන විවිධ මාදිලියේ දැව තමන්ට අවශ්‍ය විදියට කපලා, කොටලා, යතු ගාලා, ඇද ඇරලා, අවශ්‍ය භාණ්ඩය නිර්මාණය කරලා, වෙළඳපොළට යවලා, මිල කරලා ලොකු ආදායමක් ලබා ගෙන ජීවිතය සැපවත් කර ගන්නවා. ඒ වගේ ම තමා නුවණ තියෙන උදවිය. මේ ඇදකුදවලින් (කෙලෙස්වලින්) පිරිලා තියෙන සිතේ අහිතකර කෙලෙස් යටපත් කර, මනාව සකස් කරගෙන විවිධ ජයග්‍රහණ උදා කර ගන්නවා. විභාගවලින් සමත් වෙනවා. ශිෂ්‍යත්ව ලබා විදෙස්ගත වෙලා තවත් ඉගෙනගෙන උසස් තත්ත්වයන්ට පත් වෙනවා. විවිධ නිර්මාණ කරලා, ලොවක් මවිත කරලා ලෝකයේ කීර්තිමත් වෙනවා. ඉතින් මේ සියල්ල ම සිතේ ජයග්‍රහණ කියලා කියන්නට පුළුවන්.බුදුහාමුදුරුවෝ මේ සිත කියලා ධර්මයෙහි හඳුන්වා ඇත්තේ අත්ත හෙවත් ආත්මය යි. ඉතින් මේ ආත්මය නිවැරැදි කර ගැනීමේ දී වඩාත් වැදගත් වන්නේ තමන්ගේ උදාර අරමුණට යාමට තිබෙන බාධක ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවයි.

නොබිඳෙන නොසෙල්වෙන ගරු පුණ්‍ය කර්මය

පාවා නුවර භික්ෂූන් වහන්සේ පිරිසක් මුහුණ දුන් දුෂ්කරතාවක් මුල්කරගෙන කඨින චීවර පූජාවෙහි සමාරම්භය සිදු විය. එ සමයෙහි බුදුරදුන් වැඩසිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ ය. පාවා නුවර වාසය කළ තිස්නමක් පමණ වූ භික්ෂූන් වහන්සේ පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැදැකීම පිණිස සැවැත් නුවරට වැඩමවමින් සිටියහ. එහෙත් වස් එළඹීම ළං ව තිබූ හෙයින් සැවැත්නුවර වස් එළඹීමට යාමට නොහැකි විය. උන්වහන්සේ පාවා නුවරත්, සැවැත් නුවරත් අතරමඟ වූ සාකේත නුවර වස් එළඹියහ. තෙමසක් ඇවෑමෙන් වස් වැස නිම කළ එකී භික්ෂූන් වහන්සේ වස් පවාරණය සිදු කළහ. ඉක්බිති ව බුදුරදුන් බැහැදැකීමට පිටත් වූහ. අතරමඟ දී වැස්සෙන් තෙමී, දියෙන් තෙත්වී ගිය සිවුරුවලින් යුතු ව ගොහොරු මඩෙහි ගමන්ගත් එම ගමන බෙහෙවින් ම දුෂ්කර වුණි. සැවැත්නුවර ජේතවනාරාමයට වැඩමවන විට එම භික්ෂූන් වහන්සේ ක්ලාන්ත ස්වභාවයකින් යුක්ත වූහ. මෙම ආගන්තුක භික්ෂු පිරිස සමඟ බුදුරජාණන් වහන්සේ පළමුව ආ ගිය තොරතුරු විමසමින් කෙටි පිළිසඳරක නිරත වූහ. එහිදී උන්වහන්සේ මුහුණ දුන් දුෂ්කරතාව අසා මින් මතු සියලු ම භික්ෂූන් වහන්සේට මෙවන් දුෂ්කරතාවන් හි දී තරමක පහසුවක් ඇති කිරීම සඳහා කඨිනාස්තරණ විනය කර්මය මෙසේ අනුදැන වදාළ හ. මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි. මෙතැන් සිට භික්ෂූන් වහන්සේට අතිරේක චීවරයක් ලෙස කඨින චීවර පරිහරණය කිරීමට අවස්ථාව උදා වුණි. එහෙත් මෙම කඨින චීවරයක් ලැබීමට සෑම භික්ෂූන් වහන්සේ නමක් ම සුදුසු නොවෙති. ඒ සඳහා විනය කර්ම හා වත් පිළිවෙත් සම්පූර්ණ කළ යුතු ය.

ධාර්මික පාලකයාගේ පැවැත්මේ වික්‍රමාන්විතය

ධාර්මික පාලකයා යම් රටක පාලන තන්ත්‍රය ගොඩනැඟිය යුත්තේ එම රටටත්, රටේ ජනතාවටත් ගැලපෙන ආකාරයට ය. රාජ්‍ය ප්‍රතිපත්ති ගොඩනැඟිය යුත්තේ රටේත්, ජනතාවගේත් සුබ සාධනය උදෙසා ය. සමාජ ආචාරධර්මවලට හා අයිතිවාසිකම්වලට එකඟ ව ගොඩනැඟිය යුතු එම රාජ්‍ය ප්‍රතිපත්තිවල අවසාන අරමුණ විය යුත්තේ සංවර්ධනය යි. රටක්‌ සංවර්ධනය කරා ගෙන යැම සුළුපටු කරුණක්‌ නොවේ. ඒ සඳහා ශක්‌තිමත් පාලකයකු සහිත ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ අවශ්‍ය ය. එනම් ස්‌ථාවර රජයකි. ස්‌ථාවර රජයක්‌ ගොඩනැඟෙන්නේ මහජන කැමැත්ත ඉහළ යන තරමට ය. මහජන කැමැත්ත ස්‌ථාවර ව පවත්වා ගෙන යෑම ලෙහෙසි පහසු නොවන අතර, එය රඳා පවතිනුයේ පාලන ස්‌වභාවය අනුව ය. ශක්‌තිමත් පාලනයක්‌ තුළින් රටක්‌ සංවර්ධනය කරා ගෙන යා හැක්‌කේ ධාර්මික පාලකයකුට පමණි යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ මූලික අදහස යි. රටක පළමු පුරවැසියා පාලකයා ය. රටේත්, ජනතාවගේත් ඉරණම රඳා පවතින්නේ පාලකයාගේ ක්‍රියාකලාපය මත ය. සබ්බං රට්‌ඨං සුඛං සේති - රාජා වේ හෝති ධම්මිකො. පාලකයා දැහැමි වන්නේ නම් රටවැසියා සැපතට පත්වෙති. මහජනතාව සතුටින් කල්ගත කිරීමට නම් පාලකයාගේ දැහැමි පාලනය අත්‍යවශ්‍ය බව බුද්ධ දේශනාව යි. ඒ නිසා රජතුමා ධාර්මිකයකු වේවා යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ ප්‍රාර්ථනය යි. රාජා භවතු ධම්මිකෝ යනුවෙන් බුදුන් වහන්සේ සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]